Archive for the ‘කොමිස්’ category

වසරේ හොඳම දේශපාලකයා (dumbass) තේරීමේ මහා තරඟයට සම්බන්දවෙන්න ඔබටත් ආරාධනා

November 25, 2009

අපේ සල්ලි වලින් සූදූ ක්‍රීඩාකරන දෙශපාලකයින්ගේ සැබෑ තත්වයන් එලිදරව් කිරීමට අද හැකියාවක් නැහැ. අල්ලස් හා දූශණ කොමිසම, කෝප් වාර්තාව, ස්වාධින අධිකරණ සහ පොලිස් කොමිසම් සියල්ල මේ වන විට අකර්මණ්‍ය කර තිබෙනවා. එබැවින් මෙම දේශපාලකයන්ගේ සැබෑ තතු, එනම් මොවුන්ගේ සැබෑ (නො)හැකියාව පිළිඹිබු වන ලෙස මොවුන්ව ශ්‍රේණිගත කිරීමකට හා මොවුන්ගේ (නො)හැකියාව ඇගයීමකට ලක් කර, ඒ මත පදනම්ව මහජන ඡන්දයෙන් පහත සඳහන් සම්මාන/ගෞරවනාම පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

එනම්, මෙතැන් පටන් සෑම වසරකම පහත සඳහන් වර්ගීකරණයන්ට අදාලව, ඔවුන්ට එම “කුසලතා සම්මාන” පිරිනැමෙනු ඇත. තවද, මීට අමතරව තවත් වර්ගීකරනයන් (categories) එක් කිරීමට අවශ්‍ය නම් ඒ බව කාරුණිකව දන්වන්න.

මෙම බ්ලොග් සටහනෙන් ඔබට ආරාධනා කරනවා පහත සඳහන් වර්ගීකරනයන් සම්බන්දයෙන් ඔබේ අදහස් උදහස් දන්වන ලෙස. මෙම වර්ගීකරනයන් නිසිලෙස තෝරාගත් පසුව, මෙම බ්ලොග් අඩවිය මඟින් පාඨක ඡන්දය විමසා අදාල වර්ගීකරණයන්ගෙන් සුදුසු දේශපාලකයින්ව තෝරාගනු ලැබේ.

කෑකෝ පප්පා – යටිගිරියෙන් හරසුන් වචන වලින් බෙරිහන් දෙන දේශපාලකයා
බයිලා චක්‍රවර්ති – බොරු පොරොන්දු බයිලා ක්‍රමයට ඇදබානු ලබන්නා
ජෝන් බාස් සම්මානය –  මෝඩ තකතීරු තීරණ ගනු ලැබූ දේශපාලකයා
jackass – සදාචාර විරෝධි, අවනීතිමය ලෙස කටයුතු කරන දේශපාලකයා
dumbass – මෙය තමයි ඉහලම සම්මානය
ඥාතිසංග්‍රහ සම්මානය – මහජන මුදල්/දේපොල ඥාතිසංග්‍රහ සඳහා යොදාගන්නා
මාටියා – වැඩිම මුදලක් හොරකම් කරපු දේශපාලකයා ලෙස සලකනු ලබන්නා
සුදු අලියා සම්මානය – කිසිම වැඩක් නොකර මහජන මුදල් ගිලින ඇමතිවරයා

කම්මැලි & කාලකන්නි අමාත්‍යංශය – අකාර්යක්ශම අමාත්‍යන්ශය
කාබාසිනියා අමාත්‍යංශය – මහජන මුදල් නිකරුනේ නාස්තිකරන අමාත්‍යන්ශය
අල අමාත්‍යන්ශය – දැනට වැඩ අනාගෙන/නාගෙන සිටින අමාත්‍යන්ශය

ඉහත සඳහන් වර්ගීකරනයන්ට ඔබ විසින් යෝජනාකරන දේශපාලකයාගේ නම කමෙන්ට් එකක් මාරගයෙන් හෝ විද්‍යූත් තැපැල් මාර්ගයෙන්, පහත සඳහන් ආකාරයට අපට දන්වන්න:
වර්ගීකරණය – දේශපාලකයාගේ/අමාත්‍යයන්ශයේ නම
අපගේ විද්‍යුත් ලිපිනය : gravity.post@yahoo.com

පසුව එක් එක් වර්ගීකරණයන්ට අදාල දේශපාලකයාව/අමාත්‍යන්ශය මෙම බ්ලොග් එක මඟින් පවත්වනු ලබන ඡන්ද විමසීමෙන් තෝරාගනු ලැබේ. 😀

අම්මාගේ සහ අප්පාගේ බූදලය වියදම් කර යලි ආරම්භ කිරීමට යන මිහින් ලංකා

December 30, 2008

අපේ රටේ මහජන දේපලවලට දේශපාලුවන් විසින් මේ තාක් කර ඇති හදිය, ඔවුනගේ මියගිය මෑණිවරුන්ට පොදු ජනතාව විසින් කරන පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය ක්‍රියාවෙන්ම පැහැදිලිව දකින්නට ලැබෙන දසුනකි. පසුගිය 1977 සිට මේදක්වා මොවුන් විසින් පිල්ලි ගසා තිබෙන මුදලුත්, මහවැලි වැනි අසාර්ථක ව්‍යාපෘති තුලින් නාස්ති කර තිබෙන මුදල් සම්බාරයත් කොපමනදැයි ගනනය කලහොත් එය අපේ රට දශක ගනනාවක් ඉදිරියට ගෙනයාමට ප්‍රමානවත් බව නොරහසකි.

(මහවැලි ව්‍යාපෘතියේ අසාර්ථක බව, වෙනම ලිපියකින් විග්‍රහ කිරීමට බලා පොරොත්තු වෙමි)

මිහින් ලංකා ආරම්භ කරන්නේ අපේ උපාසක අම්මලාව අඩු මුදලට දඹදිව රැගෙන යාමටත්, ගමේ ගැහැණුන්ව අඩු මුදලට මැදපෙරදිග තම්බිලාගේ මෙහෙකාර සේවයට රැගෙන යාමත් යන මූලික කරුණුදෙක පදනම් කරගෙනය.

මිහින් ලංකා ආරම්භ කිරීමට මේ ගොන් වහන්සේලා සැලසුම් කරන විට, එමිරේට්‍ස් ආයතනය,  ශ්‍රීලන්කන් ගුවන්සේවය සමඟින් තිබූ ගිවිසුම 2008 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබින. එබැවින් මොවුන් විසින් කල යුතුව තිබුනේ එමිරේට්ස් ආයතනය සමඟ ගිවිසුම අවලංඟු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීම විනා තවත් ගුවන් සේවයක් ආරම්භ කිරීම නම් නොවේ.

මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයද පාඩු ලබන තත්වයකට පත්ව තිබෙන අතර එහි සේවය සහ ගුණාත්මක බවද පිරිහී තිබෙන බව නොරහසකි. එබැවින් කල යුත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස කලමනා කර නැවතත් කාර්‍යක්‍ෂම සහ ලාබ ලබන ආයතනයක් බවටපත් කිරීමත්ය.

2008 මාර්තු මාසයෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් නැවත රජය හට ලබාගැනීමට හැකි වෙන බව දැන දැනම තවත් නව ගුවන් සේවාවක් කිසිදු සැලසුමකින් තොරව ආරම්භ කිරීමෙන් පෙනී යන්නේ මෙම තීරණ ගත් දෝශපාලුවන්ගේ කාලකණ්ණි අමනෝඤැඤ කමට වඩා මහජන මුදල් හොරකම් කිරීමට ඇති ගිජු බවය.

මිහින් ලංකා ආරම්භ කරන ලද්දේ ඊට අදාල පාර්ශවයන් හට හොරකම් කිරීමට විනා ගුවන් මඟීන්ට කාර්යක්‍ෂම සේවයක් ලබා දීමට නොවන බව පැහැදිලි වන්නේ , කිසිදු සැලසුමකින් තොරව එය ආරම්භ කිරීමත්, ආරම්භ කර ටික  දිනකින් ඊට කලාබරේ වැදීමත් හේතු කොටගෙනය.

රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා යැයි අපේ සිංහල කියමනක් තිබේ. එය එසේ නමුදු මහජන මුදල් හොරකම් කරන්නට තිබේ නම් තම අඹු දරුවන් වූවද විකුනාගෙන කෑමට වූවද තමන් සූදානම් බව අපහට කියා පාන්නේ බංකොලොත් වූ මිහින් ලංකා නැවත වතාවක් මිලියන 600 වියදම් කර ආරම්භ කිරීම මෙම විකට අමනයන් රැල කටයුතු කිරීමට යාමෙනි.

එකම වරද දෙවරක් කිරීමට යෑමෙන් මෙම අමනයින් රැල අපට පැහැදිලි කරදෙන්න යන පණිවිඩය කුමක්දැයි සිතන්නට වී මම අන්දුන් කුන්දුන් වී සිටිමි. යුද්ධය ඉදිරියට දමා මොවුන් විසින් කිසිදු හිරිකිතයකින් තොරව කරන මේ සොරකම් හෙලා දැකිය යුතු වන අතර. මොවුන් මේ සියළු දේ කරන්නේ තමන්ගේ අම්මාගේ අප්පාගේ බූදලයකින් නොව මහජන මුදලින් බව මතක තබා ගත යුතුය.

තත්වය මෙසේ තිබියදී මෙම අමනයන් රැලට උගැන්විය හැකි මහඟු පාඩම නම්, හොරකම් කර ගැනීමේ අරමුනෙන් ආරම්බ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය මඟින් ගමන් කිරීමෙන් වැලකී සිටීමය.