Posted tagged ‘best politician in sri lanka’

වසරේ හොඳම දේශපාලකයා (dumbass) තේරීමේ මහා තරඟයට සම්බන්දවෙන්න ඔබටත් ආරාධනා

November 25, 2009

අපේ සල්ලි වලින් සූදූ ක්‍රීඩාකරන දෙශපාලකයින්ගේ සැබෑ තත්වයන් එලිදරව් කිරීමට අද හැකියාවක් නැහැ. අල්ලස් හා දූශණ කොමිසම, කෝප් වාර්තාව, ස්වාධින අධිකරණ සහ පොලිස් කොමිසම් සියල්ල මේ වන විට අකර්මණ්‍ය කර තිබෙනවා. එබැවින් මෙම දේශපාලකයන්ගේ සැබෑ තතු, එනම් මොවුන්ගේ සැබෑ (නො)හැකියාව පිළිඹිබු වන ලෙස මොවුන්ව ශ්‍රේණිගත කිරීමකට හා මොවුන්ගේ (නො)හැකියාව ඇගයීමකට ලක් කර, ඒ මත පදනම්ව මහජන ඡන්දයෙන් පහත සඳහන් සම්මාන/ගෞරවනාම පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

එනම්, මෙතැන් පටන් සෑම වසරකම පහත සඳහන් වර්ගීකරණයන්ට අදාලව, ඔවුන්ට එම “කුසලතා සම්මාන” පිරිනැමෙනු ඇත. තවද, මීට අමතරව තවත් වර්ගීකරනයන් (categories) එක් කිරීමට අවශ්‍ය නම් ඒ බව කාරුණිකව දන්වන්න.

මෙම බ්ලොග් සටහනෙන් ඔබට ආරාධනා කරනවා පහත සඳහන් වර්ගීකරනයන් සම්බන්දයෙන් ඔබේ අදහස් උදහස් දන්වන ලෙස. මෙම වර්ගීකරනයන් නිසිලෙස තෝරාගත් පසුව, මෙම බ්ලොග් අඩවිය මඟින් පාඨක ඡන්දය විමසා අදාල වර්ගීකරණයන්ගෙන් සුදුසු දේශපාලකයින්ව තෝරාගනු ලැබේ.

කෑකෝ පප්පා – යටිගිරියෙන් හරසුන් වචන වලින් බෙරිහන් දෙන දේශපාලකයා
බයිලා චක්‍රවර්ති – බොරු පොරොන්දු බයිලා ක්‍රමයට ඇදබානු ලබන්නා
ජෝන් බාස් සම්මානය –  මෝඩ තකතීරු තීරණ ගනු ලැබූ දේශපාලකයා
jackass – සදාචාර විරෝධි, අවනීතිමය ලෙස කටයුතු කරන දේශපාලකයා
dumbass – මෙය තමයි ඉහලම සම්මානය
ඥාතිසංග්‍රහ සම්මානය – මහජන මුදල්/දේපොල ඥාතිසංග්‍රහ සඳහා යොදාගන්නා
මාටියා – වැඩිම මුදලක් හොරකම් කරපු දේශපාලකයා ලෙස සලකනු ලබන්නා
සුදු අලියා සම්මානය – කිසිම වැඩක් නොකර මහජන මුදල් ගිලින ඇමතිවරයා

කම්මැලි & කාලකන්නි අමාත්‍යංශය – අකාර්යක්ශම අමාත්‍යන්ශය
කාබාසිනියා අමාත්‍යංශය – මහජන මුදල් නිකරුනේ නාස්තිකරන අමාත්‍යන්ශය
අල අමාත්‍යන්ශය – දැනට වැඩ අනාගෙන/නාගෙන සිටින අමාත්‍යන්ශය

ඉහත සඳහන් වර්ගීකරනයන්ට ඔබ විසින් යෝජනාකරන දේශපාලකයාගේ නම කමෙන්ට් එකක් මාරගයෙන් හෝ විද්‍යූත් තැපැල් මාර්ගයෙන්, පහත සඳහන් ආකාරයට අපට දන්වන්න:
වර්ගීකරණය – දේශපාලකයාගේ/අමාත්‍යයන්ශයේ නම
අපගේ විද්‍යුත් ලිපිනය : gravity.post@yahoo.com

පසුව එක් එක් වර්ගීකරණයන්ට අදාල දේශපාලකයාව/අමාත්‍යන්ශය මෙම බ්ලොග් එක මඟින් පවත්වනු ලබන ඡන්ද විමසීමෙන් තෝරාගනු ලැබේ. 😀