මහරජතුමා සහ අබිලික් දූපත ඉන්දියානු කට්ටඩියින්ගේ යටත් විජිතයක්ද ?


අද ලංකාදීප පත්‍රයේ තිබෙනවා මෙහෙම පුවතක්: “ජනාධිපතිවරණ තීන්දුව නැකතට”. එම පුවතෙන් ගම්‍ය වන යතාර්ථය නම් අපේ රටට වැදගත් තීරණ ගන්නේ අපේ රජතුමා නොව ඉන්දියාවේ ඉන්න කට්ටඩියෝ බවයි. ඒ කියන්නේ අපි තාම ඉන්දියානු සාස්තර කාරයින්ගේ, යන්තර මන්තර කරුවන්ගේ වහළුන් බවයි.

සාමාන්‍යයෙන් රටක වැගත් තීරන ගනු ලබන්නේ රටේ නායකයා මිසක් කට්ටඩියෝ නෙමෙයි, එහෙත් අපේ රටේ එබඳු සම්ප්‍රදායක් නොමැත. අපේ රටට අදාල වැදගත් තීරන ගනු ලබන්නේ ඉනිදියානු කට්ටඩියන් බවයි මින් පැහැදිලි වෙන යථාර්තය.

අනෙක් කරුන නම්, අපේ රටේ නායකතුමාගේ සිට බොහෝ දෙනෙක් හදිස්සියේ මුත්‍රා කරන්න සිදුවුනත් වෙලාව සහ රාහු කාලය බලා එය සිදුකලද, මෙතෙක් ඔය සාස්තර, යන්තර මන්තර ගුරුකම් කාරයින්ගේ උපදෙස් පිලිපැද කරපු කිසිදෙයකින් රටට නම් සුගතියක් වී නොමැත. අනෙක, දියුණු රටවල් බොහෝමයක් තාක්ෂණය සහ කර්මානත ආදියෙන් දියුනු වී තිබෙන්නේ ඔය යන්තර මන්තර කරුවන්ගේ උපදෙස් පිලිපැදීමෙන් නොව, ඔවැනි ප්‍රාථමික ලඳ බොලඳ ක්‍රියා වලින් බැහැරව, කැපවීමෙන් තම බුද්ධියට ඉඩ දී ක්‍රියා කිරීම හේතුවෙනි.

එබැවින් දැන්වත් ඔය මිථ්‍යා මනස්ගාත වලින් බැහැරව, රටට අදාල තීරන තම බුද්ධියට ඉඩදී ජනතාවට ප්‍රයෝජනයක් වෙන ආකාරයට ගනු ලබන්නේ නම්, යහපත්ය මහරජතුමනි. තවද, තම දෙපයින් සිටගෙන, ආත්මවිශ්වාසය වඩවාගෙන එසේ කරන්නේ නම්,  අපේ රජානන් ඉන්දියාවේ සාස්තර කරුවන්ගේ රූකඩයක් නොවන බව සැමදෙනා මින් වටහා ගනු ඇත.

මීට ඔබේ රට වැසියා,
කීකරු ඌගුස් සිඤ්ඤෝ

 

Explore posts in the same categories: politics, sri lanka

Tags: ,

You can comment below, or link to this permanent URL from your own site.

2 Comments on “මහරජතුමා සහ අබිලික් දූපත ඉන්දියානු කට්ටඩියින්ගේ යටත් විජිතයක්ද ?”


  1. කලකට පෙර අපේ රට කරවපු උදවිය හිතුවෙ ජාතික ගීය අපායාක්ශරයකින් පටන් ගැනීම රටේ නරක කල දසාවට හේතුව බවයි. ඉතින් “නමෝ නමෝ මාතා” වෙනුවට ශ්‍රී අකුර මුලට දාල “ශ්‍රී ලංකා මාතා” බවට පත් කෙරුවා. ආයේ ලංගම ගැනත් ඔය වගේ ම විහිලුවක් කෙරුවා ශ්‍රී අකුර මුලට දාල. ප්‍රශ්නවල මුල හා ඒවාට සැබෑ විසඳුම් සෙවීම වෙනුවට රාජ්‍ය පාලනයේ දීත් අවිද්‍යා ඝනාන්ධකාරයේ ගිලීගෙන තීරන ගන්නා අය ඉන්නා තැනක මැතිවරන පවත්වන දින කට්ටඬියන් විසින් තීරනය කරනු ලැබීම බොහොම ගැලපෙනව :-p

  2. Says:

    මේ හැමෝම බලන්නේ තමන්ට හොඳම නැකත මිසක් රට හොඳම නැකත නෙමෙයි, ඒක නිසා එයාලට හරියනවා රටට කෙල වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: