කල් යනකොට දෙල් වෙන Dell Laptops [Dell sucks!]


පලමුවෙන් මා ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමට යනවිට fujitsu එකකට තමයි ඇහැ ගහගෙන හිටියේ. නිරතුරුවම ගමනා ගමනයේ යෙදෙන නිසා එහි සම්මත බැටරිය මඟින් ලබාදෙන පැය 7ක පමණ අයු කාලය මගේ සිත්ගත්තා.. මා එවකට සේවය කල ආයතනයේදී භාවිතා කල fujitsu ලැප්ටොප් එක ඉතාමත් රළු ලෙස භාවිතා කලද, එහි කිසිදු දෝශයක් නොවීය. එනමුත් මා හට අවශ්‍ය processor වේගය ඔවුන් සතුව නොතිබූ නිසාත්, මා හට අචශ්‍ය ලෙස customise කල හැකි එකම පරිගණකය වූයේ dell ලැප්ටොප් පමණි.

මගේ මුල්ම dell ලැප්ටොප් පරිඝණකය වූයේ inspiron 1705. එවකට දැඩිලෙස මෘදුකාංග ප්‍රවර්ධනයේ යෙදුනු නිසා විශාල තිරයකින් යුතු වූ මෙය මා විසින් මිලදී ගනු ලැබුවා. එය “තරමක්” දුරට හොඳ වූවත් ඉන්පසුව මිලදී ගනු ලැබූ සහ භාවිතා කල පරිඝණක අතුරින් මේ දක්වා dell පරිඝණක භාවිතා කිරීමේදී අත්වින්දේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..

මෑත කාලයේදී භාවිතා කල dell ලැප්ටොප් පරිඝණක ඉතාමත් අධික ලෙස රත්වීමත්, මෙම අධිල රත්වීම හේතුකොටගෙන නොයෙක් දෝශ හටගත් අතර , අවසන් ප්‍රතිඵලය වූයේ නඩත්තු කටයුතු සඳහා යොමු වීමයි. සාමාන්‍යයෙන් intel processor එකක් 65c-68c දක්වා රත්වීම සාමන්‍ය වූවද, 72c-75c වඩා intel processor එකෙහි උෂ්ණත්වය ඉහල යන්නේ නම් එය
processor එක “අල” වීමට හේතු වනවා. සාමාන්‍යයෙන් intel processor එකකට දරා ගත හැකි උපරිම උෂ්ණත්වය, එම processor එකෙහි මාදිලයට සහ මාදිලි අංකයට අනුව වෙනස් වනවා. (මා විසින් intel processor එකෙහි සාමාන්‍ය උෂ්ණත්වය 65c-68c ලෙස සටහන් කර තිබෙන්නේ දල අගයක් බව සලකන්න.)

පරිඝණකය භාවිතයෙන් අන්තර්ජාලය සැරි සැරීම, විද්‍යුත් තැපෑලක් ලිවීම ආදී සරල කටයුතු සඳහා කිසිදු ගැටලුවක් නොමැති මුත් ඉන් ඔබ්බෙන් මෘදුකාං ප්‍රවර්ධන කටයුතු හෝ වෙනත් සංකීර්ණ එනම් processor එක ඉහල අගයකින් නිරතුරුව භාවිතයේ යෙදවෙන කටයුත්තක් සඳහා භාවිතා කරන්නේ නම් .. dell ලැප්ටොප් පරිගණක නුසුදුව බව මගේ හැඟීමයි. වෙනෙකක් තබා music cd තැටියක අන්තරගතය mp3 බවට පරිවර්තනය කිරීමේදී intel processor හි සාමාන්‍ය උෂ්ණත්වය 72c-75c අගයක් ගනු ලබනවා (අමුණා තිබෙන රූපය බලන්න).

සම්ම� භාවි�යේදී�් ප්‍රොසෙසරයෙහි උෂ්ණ�්වය අධික වීම

සම්මත භාවිතයේදීත් ප්‍රොසෙසරයෙහි උෂ්ණත්වය අධික වීම

මාගේ කාමරයේ උෂ්ණත්වය සැමවිටම 18c-20c අතර අගයකින් පවත්වාගෙන යනු ලබන මුත් JBossAS+Mobicents සේවාදායකයත්, postgresql database server එකත් ආරම්බ කල විට මගේ dell ලැප්ටොප් එකට “අඩුක්කු සන්නිය” වැලඳීම නොවැලක්විය හැකි කරුණක්. dell නොහොත් “දෙල්” ලැප්ටොප් පරිගනක වල මෙම අධික රත්වීම සඳහා බලපාන ප්‍රධානම හේතුව වන්නේ processor එක සිසිල් වී සඳහා අවශ්‍ය වාතාශ්‍රය processor එක තුලට ගමන් කිරීමට (ventilation) තිබෙන වා කවුළු ප්‍රමාණවත් නොවීමයි.

මේ වන විට dell xps 1330 හි motherboard එක දෙවරක් අළුතින් ස්ථාපනය කර ඇත. එහෙත් බර වැඩක් කරන විට තාමත් dell දෙල් වීම වැලැක්විය නොහැක. අපේ මුතුන් මිත්තන් පැරණි ලොරි ධාවනය කරන විට ලොරියට තැබීමට “අඩයක්” නිරතුරුවම රැගෙන යයි. ඒ අයුරින්ම , ඉහත කී කාරනා හේතු කරගෙන processor එක තුලට වාතය ගමන් කිරීම පහසු වීමට “අඩයක්” භාවිතා කරමින් තත්වය තරමක් දුරට සමනය කල ගත හැක. (අමුණා තිබෙන රූපය බලන්න)

dell දෙල් වීම වැලැක්වීමට අඩයක් භාවි�ා කරමින්

dell දෙල් වීම වැලැක්වීමට අඩයක් භාවිතා කරමින්

අනෙක් කරුන වන්නේ intel processor හි තිබෙන සැකැස්මයි.. එනම් ඉතා කෙටියෙන් සරලව මෙය පහදන්නේ නම්, processor සඳහා යොදන බර වැඩිවත්වම එහි උෂ්ණත්වය ඉතා ඉහල යනවා, මෙහිදී intel විසින් භාවිතා කරනු ලබන ක්‍රම වේදය වන්නේ intel processor එකෙහි clock speed එක පහල අගයකට ගෙන එනු ලැබිමයි. එනම් intel processor එකෙහි clock speed එක 2.2ghz ලෙස සටහන් කර තිබුනද එහි අධික උෂ්ණත්වය/රත්වීම පාලනය කරගැනීම සඳහා එහි clock speed එක බොහෝ විට ක්‍රියා කරනු ලබන්නේ 1.2ghz – 1.7ghz අතර පරාසයක් තුලයි.

amd processor අධික ලෙස රත්වන බවට කෙතරම් හංවඩු ගසා තිබුනද මෙය ක්‍රිස්තු පූර්ව 17වන සියවසට අදාල කතාවක් බව මගේ හැඟීමයි. මෑත කාලයේදී එලිදැක්වුන බොහෝ amd processor ඉතාමත් හොඳ බව මගේ වැටහීමයි. මෑතකදී amd turion processor සහිත hp tx 2000 සහ hp dv-5z භාවිතා කරන අතර එම processors නිරතුරුවම එහි clock speed එක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනු ලැබූවා.

intel processor සහිත පරිගනකයක් මිලදී ගැනීමේදී lenovo ඉතාමත් හොඳින් අධික රත්වීම පාලනය කරන මුත් processor හි උෂ්ණත්වය මත පදනම්ව එහි වේගය උච්චාවචනය වීම දකින්නට පුලුවන්. එනමුත් amd processor එකක් සහිත ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එහි මිලත් ක්‍රියාකාරීත්වයක් ගැන සැලකිලිමත් වීමේදී intel processors වලට වඩා ඉදිරියෙන් සිටින බව මාගේ හැඟීමයි. එනමුත් ඩෙස්ක්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී, මිල , වේගය, power consumption සහ performance per watt ගැන සැලකිලිමත් වීම වඩාත් යෝග්‍යය.

මා විසින් මෙතෙක් දිගු කලක් භාවිතා කල ලැප්ටොප් පරිඝණක
dell inspiron 1705 dual core 2ghz (overheat – slightly, repairs 0)
dell latitude d630 centrino 1.8x ghz (overheat – slightly, repairs 0)
lenovo t41 intel centrino 1.8x ghz, 64 mb radeon (overheat – no, repairs 1)
dell latitude d820 intel core 2duo 2ghz, 128 mb nvidia (overheat – very high (78c-81c) , repairs 2)
lenovo x61 2 ghz core 2duo (overheat – insignificant, repairs 0)
hp tx 2000 turion tl 66(?) 2.3ghz (overheat – no , repairs 0)
hp dv5z turion zm 84 2.3ghz (overheat – no , repairs 0) – excellent😉

දැනට භාවියේ පවතින පරිගණක
dell xps 1330 2.2ghz intel core 2duo, 128 mb nvidia (heat – very high (78c-81c), repairs 4)
lenovo t60 2.2ghz intel core 2duo, (overheat – no, repairs 0)

dell xps යනු dell ආයතනය සතුවන ඉහලම පන්තියේ පරිඝකයක්.. ඉතින් මේකෙ තත්වෙ ඔහොම නම් අනෙක්වා ගැන කවර කතාද.. alienware ගැනත් දැන් සාධාරන සැකයක් ඇතිවෙනවා…😀

Explore posts in the same categories: computers, Gadjets, laptops, technology

Tags: , , ,

You can comment below, or link to this permanent URL from your own site.

9 Comments on “කල් යනකොට දෙල් වෙන Dell Laptops [Dell sucks!]”


  1. අපෝ ඩෙල් ගැන කියලා වැඩක් නෑ, අපි එක සැරයක් ඩෙල් පරිගනක 4රක් ගත්තා, මේකෙන් 3 නක් මාස 2 කක් ඇතුලට කැඩුනා, දැනට අපි ගන්නේ IBM/Lenovo පමණයි, මේවා “දෙල්” වලට වඩා 100 ට 200ක් හොදයි


  2. මම පාවිච්චි කරන්නේ HP NX 6320 ලැප්ටොප් එකක් කියන්න තරම් වරදක් නෑ. ටිකක් රළු ලෙස හාවිතා කලත් තාම අවුලක් නෑ . charger එක නම් මාරු කරන්න උනා මගේ පණ්ඩිත වැඩ නිසා.

  3. rain king Says:

    @Dhanu,

    VNC server is like peanuts compared to what we do, when it comes to utilizing cpu.😀 Latitude is even worse, i had my latitude shutting down N number of times itself due to overheat. Not just mine, a couple of latitudes had the same problem.. It survives bit longer when used with the given docking station.

  4. Dhanu Says:

    My office laptop is a Dell Latitude D620 and it’s normally running 24/7. I rarely take it with me coz I have Tight VNC server running. and up to now I haven’t had any problems with it.

  5. Krishan Says:

    Mage eka nam Toshiba L310…
    thenata nam niyamai..

  6. Dhanu Says:

    I’m not saying that Dell is good. Just saying my experiance.🙂
    Not only VNC I have Eclipse, Tomcat, MYSQL and various other stuff running.
    But I’m using it with a docking station, maybe like you said that could be a plus point.

  7. Tharaka Says:

    ඩෙල්නම් දෙල් තමයි. මම පාවිච්චි කළේ Dell Inspiron 4120 එකක්. Bottom base එක මාරු කලා Hard Drive එක මාරු කළා. අම්බානක රත්වෙන නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. අන්තිමට Toshiba Portege M600 එකක් ගත්තා. ඒකනම් දැනට එළකිරි වගේ වැඩ. Toshiba හොඳයි වගේ.

  8. udara Says:

    මේක නම් මහා සාපයක් වගේ… මේ කරුමේ මටත් උනා.. අපේ ඔෆිස් එකේ ලැප් එක එච්.පී පැවිලියොන් එකක්… මේක හීට් වෙනවා හීටරේ වගේ… මාත් කලේ මෙයා කලා වගේ අඩයක් ගහන එක… මොන කරුමයක්ද මන්දා මේ ලැප් එක ඩිසයින් කරපු එවුන්ට තේරුනේ නැද්ද වෙන්ටිලේෂන් දාද්දි යටින් නැතුව සයිඩ් එකකින් දාන්න ඔනේ කියලා… මගේ ඒසර් ට‍්‍රැවල්මේට් එකේනම් නියමෙට රත් වෙච්ච හුලං යවන්න හිඩැස් තියලා තියනවා… එච්.පී. කාරයොන්ටයි ඩෙල් කාරයොන්ටයි මොංගල් වෙන්ඩැ…

  9. supun Says:

    thx bro i suppose to buy a DELL but now
    oh thank god and u again


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: