මම වැරදියි, සමාවන්න


පසු ගිය දින කිහිපයේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ වැඩ කටයුතු කිහිපයකම මම නිරත වුනා. ඒ සමූහයන් සමඟ වැඩ කිරීමට තිබෙන කැමැත්ත නිසා. මම එහි කිසිදු වගකීමක් නොදැරුවද ඊට ස්වයංක්‍රීයවම ස්වෙච්චාවෙන් ඉදිරිපත්වී වැඩ කලේ එහි තිබූ යම් යම් අඩුපාඩු, ඔවුන් විසින් කරන ඒ යහපත් කාර්යයට බාධවක් නොවෙන පිනිසයි. එම අඩුපාඩු සකස් කරදීමටයි. යම් කිසි කාර්යයක් කරන විට එම කාර්යය කරන ආකාර දෙකක් තිබේ, එකක් නම් ඔහේ කරන්නම් වාලේ කිරීමයි අනෙක, තමන් කරන කාර්යය නිසියාකාරව සිදු කිරීමයි.

මා නියෙෝජනය කරන්නේ පසුව සඳහන් කල කොටසයි, එනම් තමන් කරන කාර්යය කුමක් වූවද එය නිසියාකාරව සිදුකිරීමයි. එලෙස යමක් කැපවී කරන්නට නොහැකි නම් එය නොකර සිටීම එම කාර්යයට කරන ගරු කිරීමකි. තමන් කරන දේ වෘත්තීයමය අයුරින් සිදු කිරීම, තමන්ට හැකි 100% ලබා දී කිරීම එය සාර්ථක කරගැනීමට හැකි එකම මඟ වෙයි.

එහෙත් එම කාර්යයන් නිසිලෙස සිදු කිරීමට පෙළඹවීම, යොමු කිරීම සිදුකලේ ඉමහත් ආයාසයෙනි. යම කිසි කාර්යයක් නිම කිරීමට වඩා කාලය ගත වූයේ එම කාර්යයේ ඇති වැදගත්කම තේරුම් කරදීමටය , එම කාර්යය නිම කිරීමට යන කාලය මෙන් තුන් හතර ගුනයක් වැය කිරීමට සිදුවූයේ එහි ඇති වැදගත් කම විග්‍රහ කිරීමට වීම හාස්‍යයට කරුණක් වූවද එය මාහට නම් එය කනගාටුවට කරුනකි. ඉතාමත් සුළු දෙයක් කිරීමටත් වචන විශාල ගනනක් වියදම් කර, බලවත් ලෙස පෙරැත්ත කරමින් ඔවුන් හරහා සිදුකර ගැනීමට සිදුවූයේ , මෙහි කොතනක හෙෝ අඩුපාඩුවක් තිබෙන බැවිනි.

අප අන්තර්ජාලය වෙත යමක් කරන්නේ නම් එය නිසි වෘත්තීය මට්ටමකින් සිදුවිය යුතුය යන්න මාගේ මතයයි, මක්නිසාද අපි කරන කාර්යය මඟින් තමන්ව ලෙෝකයා ඉදිරියේ නිරූපනය වෙන හෙයිනි. බොහෙෝ සිංහල වෙබ් අඩවි නිමවා තිබෙන්නේ ඉතාමත් අවිධිමත් සහ වෘත්තීය නොවන පහත් මට්ටමකින් වීම කනගාටුවට කරුනකි, මෙම තත්වය දැන දැනම අපත් කරන්න යන්නේ එම වැරද්දනම් අප කොතනද සිටින්නේ?

මීට මාස කිහිපයකට පෙර gov.lk වෙබ් අඩවියේ ඇති අඩුපාඩු අප විසින් පෙන්වා දුන්නේත් එම වියුන නිසි තත්වයකට ගෙන ඒමටයි, මක් නිසාද එවැනි අවිධිමත් වියුනක් මඟින් ප්‍රකාශ වෙන්නේ එය විකටයන් පිරිසක් විසින් සකස් කල විනෙෝදය සපයන විකට නාඩගමක් ලෙසයි. එය රජයේ නිල වියුන නිසා එහි ඇති UI දෙෝශ, දියුණු වෙබ් තාක්‍ෂනිකයන් ඉන්න අපේ රටටද විශාල අවමානයකි. ඉතින් gov.lk එලෙස විවේචනය කල අපට තවත් එවැනිම විකට නාඩගමක් අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්කොට විකටයන් රංචුවක් බවට පත්විය හැකිද ?

ඉතින් මේ කාරනේ පසක් කරගෙන, එය නිසි ලෙස සිදු කිරීමට නොහැකි නම්, ඒ තත්වය තේරුම් කල නොහැකි නම් කල හැකි එකම නුවනැති ක්‍රියාව නම් ඉන් ඉවත්වීමයි. එහි ඇති අඩු පාඩු සහ දෙෝශ අඩුපාඩු ලෙස නොදකින්නේ ඇත්තටම මම වෙබ් අඩවියක් කියන්නේ මොනවාද කියලා දන්නේ නිසා වෙන්න ඇති සමහර විටක. එසේත් නොමැති නම් මගේ නොදැනුවත් කම නිසා මට අඩුපාඩු මෙන් ඒවා පෙනෙනවා විය හැක.

එලෙස අඩුපාඩු ලෙස මම මේ කියන දේ ඇතැම් විට ඔවුන්ට තේරුම් නොයන්නේ මම ඔවුන් තරම් මෘදුකාංග නිපදවීම, වෙබ් අඩවි සැදීම ගැන නොදන්න නිසා වෙන්න ඇති. ඔවුන්ගේ මට්ටමට මම නොපැමින තිබෙන නිසා තවදුරටත් ඉදිරියේත් කටයුතු කිරීමේදී ඔවුන්ට ගැටළු පැන නගීවී. ඔවුන් සියළු දෙනාම එකම මතයකත්, මම තවත් මතයකත් සිටීමෙන් පෙනී යන්නේ මම නිවැරදි නොවන බවයි. තව දුරුටත් ඔවුන් කරන එම කාර්යයන්ට බාධාවක් නොවී ඔවුන්ට එය රිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය ඉඩ සලසා ඉවත් වීම මා විසින් කලයුතු යුතුකමක් ලෙස මට හැඟේ.

ලංකාවේ තිබෙන බොහෙෝ සමූහයන්ට සම්බන්දව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සහ තාක්‍ෂනය මා සතුව නොමැති බව මෑත සති කිහිපය තුල සිදුවූ දේ ආවර්ජනය කරන විට මට තේරුම් ගිය කාර්යයි. ඉතින් මට තේරුම් ගියේ ලංකාවේ තිිබෙන බොහෙෝ “පොදු” සමූහ සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ඥානය මා සතුව නොමැති බවයි. මට වැරදී තිබෙන බව පසක් විය. ඉතින් මම වගේ පොඩි මිනිහෙක් කොහොමද මේ අයගේ “මට්ටමට” නොපැමින කටයුතු කරන්නේ ? ඉතින්, කවදා හරි දවසක මම ඔය මට්ටමට පැමිනි දිනක, ලංකාවේ තිබෙන පොදු සමූහ සමඟ කටයුතු කරන්නම්, ඒ දවස එනතුරු මම බලා සිටින්නම්.. එතෙක් මේ සියළුම සමූහ වලින් යන්න අවසර. එම සමූහ හරහා මුන ගැසුනු පැතුම්, නිලක්‍ෂ, රණතුංග සහ ආනන්දවර්ධන + නම නොකියවූ සියළු දෙනාටද තුති.

Explore posts in the same categories: community, events

2 Comments on “මම වැරදියි, සමාවන්න”

  1. flanker Says:

    ඔහේ වෙත,
    ඇත්තටම මිනිස්සු මාව කොහොම තේරුම් ගත්තත් ඒක මට කිසිම ප්‍රශ්නයක් නැහැ, මක්නිසාද මම බාහිරව ඉන්න මිනිස්සුන්ව සන්තෝශ කරන අරමුනින් බාහිර සමාජයට හෝ මා දෙස බලා සිටින දෙනාට අවශ්‍ය වන ලෙස ජීවත්වන අයෙකු නම් නෙමෙයි. මම ජීවත් වූයේත් , ජිවත් වන්නේත් මාහට අවශ්‍ය ආකාරයටයි. ඉතින් අර සඳහන් කර තිබූ වියුනවත් මට අදාල වන්නේ නැහැ.

    ඇත්තටම මම කලකිරීමකින් නොවෙයි අයින් වූවේ, මට මගේ කාලය ඉතිරි කරගන්නට. මක්නිසාද එතන සටන් කර ලබාගන්න හෝ දිනාගන්න මට කිසිම දෙයක් නැහැ. පොදු සමූහයන්ට මට හැකි ප්‍රමානයෙන් දායක වීම තමයි මම කලේ, ඉතින් එම කන්ඩායම කටයුතු කරන ආකාරය සහ එම මට්ටමට මම පැමින නැහැ. මොකද මම ඒ සමූහයේ ඉන්න පිරිස තරම් තොරතුරු තාක්‍ෂනය වත්, වෙබ් අඩවි ප්‍රවර්ධනය හෝ මෘදුකාංග ගැනවත් දන්නැති නිසා. ඉතින් ඒගොල්ලො ඉන්න “මට්ටමට” ඉගෙනගෙන දියුනු වන්න මට වෙලාවක් නැහැ, ඉතින් එම නිසයි මම අයින් වුනේ. මම තේරුම් ගත්තා ලංකාවේ තිබෙන පොදු සමූහ සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුම සහ ඥානය නොමැති බව, ඒකයි අයින් වුනේ

    ඔබේ අදහස් වලට ස්තූති වන්ත වෙමි, හිත රිදෙන යමක් ලියවී තිබේ නම් සමාවන්න.
    ඔබත් අද පටන් මගේ මිතුරෙක්.

  2. ඔහේ Says:

    ඔබව යමෙක් තේරුම් නොගත්තොත්, කල කිරීමෙන් පසු බැසීම එක් මාවතකි. පසුගිය දිනක බෝ විසින් ලියා ඇති මේ කවිය කියවා බලන්න.
    http://bodhini.blogspot.com/2008/03/blog-post.html
    ඔබගේ බ්ලොග් අඩවිය සහ එහි නම ගැන මගේ ඉතාම පැහැදීමක් තිබේ.(අතලොස්සක් අතරින්)
    මිතුරු බසින් කතා කිරීමට මට අවසර
    වැටුන විට නැගිටීම සහ බිම සිට ඇඩීම දෙකකි.
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ඕනෑම දෙයක් කතා කිරීමට මාගේ විද්‍යුත් තැපෑල ඔබට විවෘතය.
    මිතුර, මා ඔබේ මිතුරෙක්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: