ලාංකිකයින් කාබයිඩ් කෑ උගුඩුවන් බවට පත්වන සමය එලඹ ඇත


රටේ එක පැත්තකින් යුද්ධයය.. බෝම්බ පිපිරීම් සාමාන්‍ය ජනයා ඝාතනය වීම්ය, අනෙත් පැත්තෙන් මහජන දේපල සොරා කන දේශපාලුවන්ය, රටේ ඉහලම තැන සිට පහලම ස්ථර දක්වා දූශනය , නාස්තිය ඉහ වහා ගොස්ය. දිනපතා ඉහල යන බඩු මිලයට අමතරව නූගත් දේපාලන ජඩයන් මහජනතාවට දමන ගොන්පාට්ය, අර දුටු ගැමුණුලා වගේ හරක්. මේ සියල්ලට අමතරව එම දේශපාලුවන්ට වන්දි භට්ටකම් කර ටෙන්ඩර් මගඩි වලින් තම බඩ වඩා ගන්න දඟලන නිරාචාරීන්ය. රට පෙරටම, හැබැයි විනාශය කරා.

සියල්ල මෙසේ සිදුවන විට තවත් ගොබිලො රංචුවක් මේ දින වල අමන ක්‍රීඩාවක නිරතවෙමින් සිටී. ඒ සුද්දන් විසින් අපට බෝ කල වසංගත අතුරින් ක්‍රීඩාව සඳහා බෝ කල වසංගතයයි. මෙම අමන පන්දු කෙලිය දිහා අපේ මිනිස්සු වැඩ රාජකාරි පසෙක දමා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් හූනියම් පෙට්ටිය දිහා බලාගෙන සිටින්නේ හරියට සතර මහා නිධානය පහලවෙන සෙයිනි.

දින පහක් පුරාවට දිග හැරෙන මෙවැනි කාලකණ්නි අලස ක්‍රීඩාවක් මා නම් තවත් දැක නැත. ලෝකයේ අනෙත් රටවල් වහලුන් බවට පත් කරගෙන සිටි සමයේදී බ්‍රිතාන්‍යයේ සුද්දන්ට කාලය කාලකණ්නි කරගැනීමට අන් මඟක් නොවූයෙන් මෙම අමන පන්දු කෙලිය යොදාගනු ලැබීය. උන් මෙම ක්‍රීඩාවට යොමු වූයේ, ආයාසයකින් තොරව උන්ට අවැසි සියළු දෑ යටත් විජිතයන් ගෙන් අප්‍රමානව ලැබුනු නිසාවෙනි. එහෙත් අපේ රටේ එදාවේල මහන්සී වී අතමිටට කීයක් හරි සොයාගන්නා කම්කරුවන් මේ අමන කෙලිය දිහා බලාගෙන සිටින්නේ සුද්දන් බෝ කර ගිය මෙම අලස රෙෝගය සුවපත් නොවී තිබෙන නිසාය.

සරුසාර කෙත් බිම් වලට උරුමකම් කී දක්‍ෂ, කඩිසර බුද්ධිමත් ජාතියක් අද අලස කාලකණ්නි පිරිසක් වී දේශපාලන පක්‍ෂ වලට බෙදී ගහගෙන බලයට එන්න මිනි මරාගන්නේත් මෙවැනි හර සුන් අමන කෙලි වලට යොමුව තිබෙන්නේත් අප යටත් විජිතයක් ලෙස ගතකල කාලය තුල සුද්දන් විසින් එන්නත් කර තිබෙන මෙවැනි සුවනොවන වසංගත තෙෝග නිසාය. රටේ ජනගහනයෙන් 1/3 මන්ද පෝෂනයෙන් පෙලෙන මෙවැනි රටක් එක් ක්‍රීඩයකුගේ ආම්පන්න සහ ඔහු සඳහා කරනු ලබන වියදම පොදු මහජන මුදල් කාබාසිනියා කිරීමකි. මෙමඟින් කරන කාලය කා දැමීම කිසිසේත්ම ගනනය කල නොහැක.

රේස් බුකී කරුවන්ගේ සිට දේශපාලුවන් දක්වා සැවොම මෙම අමන ක්‍රීඩාවේ මහ පුටුවට රබර් ඇහැ ගහගෙන ඉන්නේ මින් ගසා කෑමට ලැබෙන මුදල් කන්දරාව ගැන හොඳින් පසක් කරගෙන සිටින හෙයිනි. රට වල් හත අටක් ක්‍රීඩා කරන මෙම අමන ක්‍රීඩාවෙන් ලෝක වාර්තා තබා උදම් අනන්නේ ගණිත දැනුම සහ සාපේක්‍ෂතාවය ගැන තිබෙන දැණුම අඩුකම නිසාදැයි වරෙක මට සිතෙයි.

ලංකාව 1996දී ලෝක නෑඹිලිය දිනාගත් පසු උදම් ඇනුවේ මෙම අමන පන්දු කෙලිය නිසා අපේ රට මුලු ලෙෝක පූජිත වී ඇතැයි කියන මුසාව ඇදබාමිනි. බම්බුව!! ලංකාව ගැන තබා මෙම ක්‍රීඩාව කරන රටවල් අතලොස්ස හැරුනු විට මේහෙව් කාලකන්නි ක්‍රීඩාවක් තිබෙන වගක්වත් බොහෙෝ රටවල මිනිසුන් දන්නේවත් නැත. මෙම ලෝක නෑඹිලිය දිනාගත් කන්ඩායමේ නායකයාගේ පිතෘතෙමෙ ස්වකීය ශ්‍රී මුඛයෙන් වදාල යතාර්ථය මඟින් යථාර්තය ඔබට හැඟෙනු ඇත. “ඔය ක්‍රීඩාවට දවස් පහක් තිස්සේ යොමු කරන කාලය කෙහෙල් පැල ටිකක්වත් හිටවන්න ගන්නේ නම් මීට වඩා ප්‍රයෝජනවත් වෙයි”

Explore posts in the same categories: sports

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: