ලිනක්ස් වල තිබූ iPod Classic අපලෙත් කම්මුතුයි!


සය වන පරම්පරාවේ iPod එකක් එනම් iPod Classic එකක් ලිනක්ස් සම සම්බන්ධ කර එහි නිසි ප්‍රයෝජන ගත හැකි මෘදුකාංගයක් අපට හමු වූයේ නැහැ. බිල් ගේට්ස්ගේ වින්ඩෝස් හෝ ස්ටීව් ජොබ්ස් ගේ ඇපල් වල සරණ තමයි තිබ්බේ පහුගිය ටිකේම. ලිනක්ස් වල iTunes හා සමාන මෘදුකාංගයක් නොතිබීම හරියට ගමරාලගේ ගෙදර උදැල්ලක් නෑ වගේ වැඩක්.😀

කොහොම හරි මේ අඩුව පුරවන්න කදිම මෘදුකාංගයක් කල එලි බැහැල තියෙනවා, ඒ තමයි Floola. නිදහස් මෘදුකාංගයක්. ස්ථාපනය හරිම ලේසියි. එය මෙතනින් ලබාගන්න පුලුවන් :
http://www.floola.com/modules/wiwimod/index.php?page=download_linux
Floola ගැන වැඩි දුර දැන ගැනීමට http://www.floola.com වෙත පිවිසෙන්න.

මෙය හා ඔබේ iPod එක ප්‍රථම වතාවට සම්බන්ද කරන විට, ඔබේ iPod එකේ අනුක්‍රමික අංකය ලබාදිය යුතු වනවා. මෙය iPod එක පිටුපස සටහන් කර ඇති අංකය නම් නොවෙයි. අනුක්‍රමික අංකය ලබාගන්න පුලුවන් පහසුම විදිය තමයි iPod එක ලිනක්ස් පරිගනකය සමඟ සම්බන්ද කර පහත දැක්වෙන විධානය root පරිශීලක ලෙස ලබා දීම :

[root@megadeath ~]# lsusb -v | grep -i Serial

enter your serial #

මෙමඟින් ලැබෙන අංක 16 කින් යුතු අනුක්‍රමික අංකය ඇතුලත් කර එම අගය ගබඩා කල පසුව iPod එකත් සමඟ වැඩ අල්ලා ගනුදෙනු කරගෙන යා හැකියි. මෙහි iTunes වලට වඩා ඉතාමත් හොඳ UI එකක් ලබාදෙනවා, එනම් ඔබේ ගීත වල bit rate එක පවා පෙන්වනවා.😀

floola ui
ඉතින් දැන් කිසිම කරදරයක් නැතිව දෙයියො බුදුන් සිහිපත් කරගෙන mp3 ගොනු නිසි ලෙස හුවමාරු කරගන්න පුලුවන්. නියමයි නේද හැබෑටම ? :0)

-TW

Explore posts in the same categories: Gadjets, music

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: