අම්මාගේ සිට අම්මී දක්වා මෙතෙක් ආ ගමන් මඟ. (මව් වරුන්ගේ දිනය සම්බන්දව පසු සටහනක්)


මෙවර මව් වරුන්ගේ දිනයේදීත් අපට අසන්නට දකින්නට ලැබුනේ පෙර වසරවලදී අපට අසන්නට ලැබුනු තැටියමයි. අපේ අම්මා මට මෙහෙම කලා, අර විදියට සැලකුවා ….. ඒ නිසා මගේ අම්මා තමයි උතුම්ම අම්මා. මම අම්මාට ආදරෙයි. මේ එලෙස වාදනය වූ තවත් එක තැටියකි. මෙවැනි හොරනෑ අපට නිරතුරුව දකින්න ලැබුනද යථාර්තය නම් මීට වඩා හාත්පසින්ම වෙනස්.

මේ කීකරු සුවචච දරුවන්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියා කලාපය දිහා විමසිලිමත් වූවහොත් අපිට දෘශ්‍ය වන්නේ මොවුන් ප්‍රකාශ කරන දේට වඩා සම්පූර්නයෙන්ම වෙනස් කතාවකි. එනම් තම නිවසේදී, එදිනෙදා ජීවතයේදී ඔවුන් තමන්ගේ “අම්මිට” සලකන සැබෑ ආකාරයයි. එනම්, මවට සිදු කරන අරියාදු කම්, කෙනෙහෙලි කම් සහ කෙලවරක් නොමැති සිත් බිඳුම්ය.

“උපන් ගමන් බිලිදෙකු මව විසින් මරා දාලා”, “තමන්ගේ දරුවන් දෙදෙනෙකු විදේශිකයෙකුට විකුනූ මව අත් අඩංගුවට”, ඒ අපේ අම්මිලාගේ දරු සෙනෙහස උතුරා ගිය අවස්ථා කිහිපයක් පුවත් පත් කිහිපයක සටහන් වී තිබූ අයුරුයි. “දුව සහ බෑනා එකතු වී මහලු මව ගෙයින් එලියට ඇද දමයි”, “පුතා සහ ලේලිය මහළු මවව බස් නැවතුමේ අතරමං කර දමා යයි”. මේ මව් සෙනෙහසින් උතුරා ගිය දරු දෙදෙනෙකු මවට උපහාර දක්වා තිබූ අයුරුයි. මේ මා සතුව තිබූ ප්‍රවෘත්ති කොටස් (paper cuttings) කිහිපයකි. දරුවන් තම මවට සලකන ආකාරය සම්බන්දව අදටත් දැකිය හැකි , ජීවත්ව සිටින උදාහරන කිහිපයක් සැපයීමට හැකි වූවද ඉහත උදාහරන ප්‍රමානවත් යැයි සිතමි.

මින් අපට ගම්‍ය වන සත්‍ය නම්, දරුවන් සහ මව අතර තියෙන බැඳීම සීඝ්‍රයෙන් වියැකෙන බවයි. 1977න් පසුව සිදුවූ සමාජමය සහ සංස්කෘතිමය බිඳ වැටීමත්, 1994 සහ 2001දී එය තව තවත් ත්‍රිව්ර වීමත් 2005න් පසුව එය වක්‍රාකාරව ප්‍රසාරනය වීමත් වාචාල FM සහ ඊට නොදෙවෙනි අයාලේ යන නාලිකාත් මීට දායක වූ බව අප කරුනු නිසි ලෙස අධ්‍යයනය කරන විට පසක් වන සත්‍යයකි.

වැසිකිලි යාමට හැරුනු විට අනෙක් සෑම කර්තව්‍යක් සඳහාම තම දරුවන්ව අධ්‍යාපන කඩ වලට (ටියුෂන් පංති) යවන්න තරම් අන්දුන් කුන්දුන් වී සිටින දෙමව්පියනුත්, ජීවිතයේ සහ ලමා කාලයේ සොඳුරු බව අමතක කර ගිරවුන් මෙන් විභාග වලට පාඩම් කරන දරුවනුත් යන කොටස් දෙකම දුඟද හමන තරඟකාරීත්වයේ ගොදූරු බවට පත්ව තිබෙන බව පසක් කරගන්නේ ඉහත කී ඉරනම තම ජීවිතයෙන් අත්විඳගත් පසුවය.

රටේ තිබෙන වැඩිහිටි නිවාස ප්‍රමානයේ සීඝ්‍ර වර්ධනයෙන් අපේ දරුවන් තම මවට දක්වන ආදරය කෙබඳු දැයි ප්‍රකාශ වන පැහැදිලි මිනුම් දණ්ඩකි. ඒ අතරම නූතන අම්මිලා තමන්ගේ දරුවන්ට ආදරය කරන ප්‍රමානය රටේ දිනකට සිදුවෙන ගබ්සා ප්‍රමානයෙන් සහ ගබ්සා මධ්‍යස්තාන වල තිබෙන වර්ධනයත් සමඟ අපට වටහා ගැනීමට අපහසු වෙන්නේ නැහැ.

මා වැඩිහිටි නිවාස කිහිපයකටම ගොස් තිබෙන අතර, ඒ සෑම මවක්ම පැවසුවේ එකම කතාවකි… “අපිට හැම පහසු කමක්ම මෙතන තියෙනවා පුතේ, ඒත් සල්ලි කන්න බොන්න කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද පුතේ මට, හිත පිරිලා නැතුව, හිතේ සතුට නැතුව. මම පොඩිකාලෙ ඉඳන් අතගාල හදපු දරුවො ගාව මට ඉන්න නැති කොට..මට වෙන මොනවා තිබුනත් වැඩක් තියෙනවද ? මම කොච්චර ආදරෙන්ද.. කොච්චර මහන්සිවෙලාද උංව ලොකු මහත් කලේ.. මට මගෙ දරුවො ගාව අන්තිම හුස්ම ටික යන්න කලින්වත් ඉන්න තියෙනවා නම් මට වෙන මොනවත් ඕනෙ නැහැ”.

ඒ අම්මලා බොහෝ දෙනෙක් මාත් සමඟ පැවසූ කතාවයි. ඔවුන් ඉල්ලන්නේ ඉර හඳ තාරකා නම්  නෙමෙයි, තමන් කුඩා පටන් ඇති දැඩි කල දරුවන්ගෙන් ආදර, දයාව කරුනාව සහ රැකවරනය මිස අන් කවරක් වත් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය මහලු මඩම් වල සිටින පාලිකාවන්ගේ අනුකම්පාව , දයාව සහ රැකවරනය නොව තමන් හැදූ වැඩූ දරුවන්ගේ ආදරයයි.

අප විසින් සිදු කලයුතු සමාජ මෙහෙවර වන්නේ මෙම කටුක සත්‍ය සමාජමය සංවාදයකට භාජනය කර, මේ විනාශය කරා යන ගමනේ අපේ රට දැන් සිටින ස්ථානය අවබෝද කරගෙන තත්වය මඟ හරවා ගැනීමට කටයුතු කිරීමයි. එය තමයි තම මවට දිය හැකි උතුම්ම දායාදය වන්නේ.

Explore posts in the same categories: parenting

One Comment on “අම්මාගේ සිට අම්මී දක්වා මෙතෙක් ආ ගමන් මඟ. (මව් වරුන්ගේ දිනය සම්බන්දව පසු සටහනක්)”

  1. ඔහේ Says:

    දුක හිතෙන විදියේ සමාජ පරිහණියක්!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: