පව් කාරයින් උදෙසා කුරුස පත්වූ යේසුස් වහන්සේ


අද මහ සිකුරාදා දිනයයි. එනම් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ එල්ලා ඇනගැසූ දින ලෙස සලකන්නේ මෙදිනයි. ශුද්ධ වූ බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව පැමිනියේ පව්කාරයින් උදෙසා උන්වහන්සේම පූජාවක් වී මනුශ්‍යයින්ගේ පව් සඳහා වන මිලය උන්වහන්සේගේ රුධිරයෙන් ගෙවා දමා පවුකාරයින් විනාශයෙන් ගලවා ගැනීම උදෙසා යැයි සඳහන් වේ. මෙම උතුම් පූජාවේ අරමුන වන්නේ දෙවියන් වහන්සේත් මනුශ්‍යාත් අතර නැවත වතාවක්, යේසුස් වහන්සේ කරන කොටගෙන සම්බන්ධතාවයක් ඇතිකිරීම බච ශුද්ධ ලියවිල්ලේ තව දුරටත් සඳහන් වේ.

මනුශ්‍යයින්, පාපයේ වහලුන් වී, දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී උන්වහන්සේගෙන් ඈත් වුනද. දෙවියන් වහන්සේට අවශ්‍යය වූයේ, තමන්ගේ සැබෑ වූ මාර්ගයෙන් අහක්ව, විනාශය කරා යන මේ මනුශ්‍යයින්ව නැවත වතාවක් දෙවියන් වහන්සේගේ සැබෑ වූ මාර්ගයට ගෙන දෙවියන් වහන්සේ සහ මනුශ්‍යයින් අතරේ සංහිඳියාවක් ඇති කිරීමයි.

යේසුස් වහන්සේගේ පැමිනීමට ප්‍රථම, මිනිසුන් වරදක් කල විට, එම වරදට සමාව ගත්තේ සතුන්ගෙන් දවන පූජාවන් දෙවියන් වහන්සේ කෙරෙහි පවත්වමිනි. මනුශ්‍යයින්ට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යාමට නොහැකි වූ අතර ඊට ප්‍රධානම බාධාව වූයේ මනුශ්‍යයින්ගේ පවුකාර කමයි. ඒ නිසා, යේසුස් වහන්සේගේ පැමිනීමට ප්‍රථම මනුශ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර මැදහත්කාර කම් කලේ ලෙවී වංශයට අයත් පූජකයින්ය. යමෙක් පූජකයෙක් වන්නේ නම්, එම පූජකයා අනිවාර්යයෙන්ම ලෙවී වංශිකයෙක් විය යුතුය. එම වංශය දෙවියන් වහන්සේ විසින් තෙෝරා ගනු ලැබූයේ පූජක කමටය.

එහෙත් දෙවියන් වහන්සේට අවශ්‍යය වූයේ , මනුශයයින් හට දෙවියන් වහන්සේ සමග ඍජුවම සම්බන්ධතාවයක් පැවැත්වීමටයි (පූජකයින්ගෙන් තොරව). එහෙත්, උන්වහන්සේට මනුශ්‍යයා සමඟ ඍජුවම සම්බන්ධ වීමට තිබූ බාධාව වූයේ මනුශ්‍යයින්ගේ පවුකාර කමයි. එබැවින් දෙවියන් වහන්සේ කලේ උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන්ව, එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මනුශ්‍යයින්ගේ පවුකාර කම්වලට පූජාවක් ලෙස පූජා කොට, මනුශ්‍යයින්ගේ පව් වලට සමාව දී දෙවියන් වහන්සේ සහ මනුශ්‍යයා අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කරගැනීමයි.

සත්ව පූජාව වෙනුවට, යේසුස් වහන්සේ කරනු ලැබූ පූජාව හේතුකොට ගෙන සියළු මනුශ්‍යයා හට පවුකාර කමෙන් නිදහස ලැබුනු අතර, පූජකයන්ගෙන් තොරව යේසුස් වහන්සේ මාර්ගයෙන් මනුශ්‍යයින්ට දෙවියන් වහන්සේ වෙත ලංවීමට හැකියාව ලැබුනි.

යේසුස් වහන්සේ තමන්ගේ පව් වලට කුරුස පත්වූ බව පිලිගෙන ඇදහීමෙන් මනුශ්‍යාගේ පව් වලට සමාව ලැබෙන අතර, දෙවියන් වහන්සේ තුල යලි ඉපදීම නොහොත් බව්තීස්මයෙන් එම තැනැත්තා දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත්වන්නේ යැයි බයිබලයේ වැඩි දුරටත් සඳහන් වේ.

දෙවියන් වහන්සේ මනුශ්‍යාට කෙතරම් ප්‍රේම කලේද යත්, ඒ සඳහා , එනම් මනුශ්‍යයින්ව උන්වහන්සේ ගාවට රැගෙන එන පිනිස තම ඒක ජාතක පුත්‍රයානන් වන ක්‍රිස්තුස් වහන්සේව ලෙෝකයට දී , එනම් උන්වහන්සේව මිදීමේ මිලයක් ලෙස මනුශ්‍යයින්ගේ පවුකාරකම් වලට පූජා කොට පවුකාර මනුශ්‍යයින්ට උන්වහන්සේ වෙතට පැමිනෙන්න මාර්ගය සාදා දුන් සේක. මාර්ගයද, සත්‍යයද, ජීවනයද මම වෙමි යැයි යේසුස් වහන්සේ සඳහන් කරන්නේ එබැවිනි.

බයිබලය තුල ලෙෝකයේ පටන්ගැන්මේ සිට අවසානය දක්වාම සටහන් කර තිබෙන අතර එය දෙවියන් වහන්සේගේ වචනය වේ. බයිබලයේ අවසාන පුස්තකය වන “එලිදරව්” පොතෙහි අඩංඟු වන්නේ, ලොව මෙතෙක් සිදුවූ සමහරක් සහ ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් වේ. ඒ අතර යෙසායා සහ දානියෙල්ගේ පොත් වලත් ලෙෝකයේ ඉදිරියට වෙන්න තිබෙන බොහෙෝ දේ සටහන් වී තිබේ.

බයිබලය පැරනි ගිවිසුම සහ අලුත් ගිවිසුම ලෙස කොටස් දෙකකට බෙදෙන අතර, පැරනි ගිවිසුම වන්නේ යේසුස් වහන්සේගේ ආගමනයට පෙර ලියවුනු සටහන් වන අතර නව ගිවිසුම යනුවෙන් සඳහන් වන්නේ යේසුස් වහන්සේගේ පැමිනීමෙන් පසුව රචනා කර ඇති පොත් වේ.

ක්‍රිස්තුස් : ගලවාගනු ලබන්නා, මුදවා ගන්නා

දෙවියන්වහන්සේ ගැන කියන පොඩි ගීතයකුත් ඇතුලත් කරන් අදහස් වුනා. මෙය ගායනා කරන්නේ එමී ලී ග්‍රාන්ට් (මම අහන ජාතියේ ගීතයක් නම් නෙමෙයි) කවුරුත් ඇයව දන්නේ එමී ග්‍රාන්ට් ලෙසයි. කාලයක් පොප් ගායිකාවක් ලෙස කටයුතු කලද, දැන් ඇය පූර්න කාලීනව ශුභාරංචි ගායිකාවක් ලෙස කටයුතු කරනවා. විවාහ වී සිටින්නේ ප්‍රසිද්ධ Country ගීත ගායකයකු වන විනස් ගිල් සමගය.

Explore posts in the same categories: religion

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: