ඇපල් iPod එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්


වගකීමේ සහතිකය

ඔබේ iPod සඳහා වන වගකීම් සහතිකය නිසි ලෙස සක්‍රීය කර තිබේද යන වග දැනගැනීම සඳහා 1-800-APL-CARE අමතා ඔබේ iPod එකේ අනුක්‍රමික අංකය ලබාදීමෙන් තහවුරු කරගන්න. මේ සඳහා ඔබට IDD පහසුකම නොමැති වූවද, skype භාවිතා කර අදාල අංකය ඇමතීමෙන් ඇපල් ආයතනය සමඟ සම්බන්ද වී මෙය තහවුරු කරගත හැක.

දෘඪ තැටියේ ධාරිතාව

මුලින්ම අවධානය යොමු කලයුත්තේ, ඔබේ අවශ්‍යතාවය නිසි ලෙස හඳුනා ගැනීමයි. ඔබට අවශ්‍යවන iPod එකේ ධාරිතාව කොපමන එකක් දැයි ඔබ සතුව පවතින සංගීත එකතුවෙන් සහ දිනපතා ඊට අළුතින් එකතු වන mp3 ප්‍රමාණය ගැන කල්පනා කොට ගත යුතු තීරණයක් වනවා. දැන් වෙලඳපොලේ බහුලව භාවිතා කරන iPod Classic ධාවකය, 80GB සහ 160GB යන ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්.

ඔබ විසින් මිලදී ගන්නට බලොපොරොත්තු වන්නේ 1 GB ප්‍රමාණයේ iPod එකක් නම් , එය එතරම් හොඳ තීරණයක් නොවෙයි. මීට කරුණු ගණනාවක්ම තිබෙනවා
– බැටරියේ ආයු කාලය
– දර්ශකයක් නොතිබීම
– ධාරිතාවට සාපේක්‍ෂව නොවටිනා මිලක් නියම කර තිබීම

මීට ආදේශකයක් ලෙස mp3 ධාවනය කල හැකි USB ෆලෑශ් ධාවකයක් භාවිතා කල හැක. එහි, mp3 මෙන්ම, රේඩියෙෝව සහ හඬ පටිගත කිරීමේ පහසුකමද ඇතුලත්. AAA ප්‍රමාණයේ බැටරියක් භාවිතා කරන නිසා එය එතරම් ගැටළුවක් වන්නේ නැහැ.

බැටරියේ ආයු කාලය

80GB ධාරිතාවයෙන් යුතු iPod Classic එකක බැටරි කාලය පැය 30ක් ලෙසත් 160GB ධාරිතාවයෙන් යුතු iPod Classic එකක බැටරි කාලය පැය 40ක් ලෙසත් සටහන් වන මුත් ඊට පැය කිහිපයක් අඩුවෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. බැටරිය පැය 2 කින් පමණ සම්පූර්ණයෙන්ම නැවත ආරෝපණය කරගැනීමට හැකි වූවද, නැවත නැවතත් බැටරිය ආරෝපනය කල හැකි වාර ගනන 400 කට සීමා වනවා. ඔබ iPod එකක් මිලට ගන්නා විට බලයලත් වෙළඳ සැලකින් ලබා ගැනීමටත් ඊට අදාල වගකීම් සහතිකය ලබා ගැනීමත් වැදගත්.

පරිගණකය සමඟ සම්බන්ධ කිරීම

අළුත් iPod Classic, සය වන පරම්පරාවේ iPod එකක් ලෙස හැඳින් වෙන අතර එය Linux පරිඝණකයක් හා සම්බන්ධ කිරීමේදී ඔබහට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන අතර, තරමක් හෝ හොඳින් mp3 ගොනු iPod එක මත ගබඩා කිරීමට භාවිතා කල හැක්කේ රිදම් බොකස් භාවිතයෙන් පමනි. ලිනක්ස් මත ක්‍රියා කරන GTKPod මීට පෙර නිකුත් වූ පස් වන පරම් පරාවේ iPod සමඟ හොඳින් සම්බන්ධ කල හැකි වූවද, සය වන පරම් පරාවේ මෙම iPod සමඟ නිසි ලෙස සම්බන්ධ කර ගොනු සංවිධානය කල නොහැක.

සාමාන්‍ය ගැටළු
මෙම iPod හී තිබෙන ප්‍රධානම දුර්වල කම නම් එහි පරිශීලක හට සැකසිය හැකි Graphic Equaliser එකක් නොමැති වීම. මෙය විශාල අඩුවක්. අනෙක, ඔබ මෙම iPod එක මත RockBox වැනි විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න බලාපොරොත්තු වන්නේ නම් එය මෙම iPod classic ධාවකය මත කල නොහැකි බව මතක තබාගන්න.

මා පසුගිය දිනක RockBox ප්‍රවර්ධකයින්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම තරමක් අපහසු බවයි. ඒ ඔවන් හට තවමත් iPod කේතයන් බිඳීමට (crack) කිරීමට හැකි වී නැහැ.

Headphone යුගලක් තෝරාගැනීම

iPod එකත් සමඟ ලබාදෙන Headphone යුගලය තත්වයෙන් ඉතාමත්ම බාල එකක්. එහි ශබ්දය ලොතරැයි කුටි වල භාවිතා කරන ශබ්ද වාහිනී යන්ත්‍ර වල මෙන් වැඩියෙන්ම ඇසෙන්නේ බෙලෙක්/ටකරන් ශබ්දයක් වීම මීට හේතුවයි. ඔබ කෙතරම් හොඳ iPod එකක් භාවිතා කලද, එහි නිසි ප්‍රතිපල ලබා ගැනීමට නම් වඩාත් උසස් ගනයේ Headphone යුගලයක් භාවිතා කල යුතුමය.

සාමන්‍යයෙන් හොඳ Headphone යුගලක් ඩොලර් 250-400 ට එනම් රුපියල් 25,000 ත් 40,000 අතර මුදලකට ලබා ගත හැක. එහෙත් එතරම් මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම්, සෑහීමකට පත්විය හැකි Headphone යුගලයක් ඩොලර් 100-150 වැනි මුදලකට ලබා ගත හැක. දැනට හොඳම Headphones වර්ගය වන Shure මඟින් ඉතාමත් අඩු මුදලකට ලබාගත හැකි Headphones මාදිලි රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සෑහීමකට පත්විය හැකි කුලකය තුල, අවිවාදයෙන්ම ඉදිරියෙන් සිටින්නේ Shure SE 110 මාදිලිය ලෙස හැඳින්විය හැක. ඊලඟට Bose සමාගම මඟින් නිපදවන Triport Headphone යුගලයද ඉතාමත් හොඳ නිපයුමකි. මෙහි ඉතා හොඳ බේස් ශබ්දයක් ලබාදෙන අතර ඩොලර් 99 ක් වැනි මුදලකට ලබා ගත හැක. Sennheiser CX300 මාදිලියද සමබර ශබ්දයක් ලබාදෙන, මුදලට සරිලන වර්ගයේ Headphones යුගලකි, මෙය ඩොලර් 90ක් පමණ වෙයි.

ඉහත සඳහන් කල Headphones සියල්ල in ear මාදිලියේ කන තුල රඳවා ගත යුතු ඒවා වන අතර, JBL ආයතනය මඟින් නිපදවන JBL 401 මාදිලියද සඳහන් කල හැක. මෙය ඩොලර් 90 කට පමන ලබාගත හැක.

ජපානයේ sony ආයතනයේ නිපදවන Headphones ඉතාමත්ම අඩු මිලකට ලබාගත හැකි වූවද ඒවා තත්වයෙන් ඉතාමත්ම බාල ඒවා වන අතර එමඟින් ලබාදෙන ශබ්දය/quality සම්බන්දයෙන් කිසි සේත්ම හෑහීමකට පතවිය නොහැක. ඔවුන් සතුව තිබෙන Headphones වලින් යන්තම් හෝ සඳහන් කලහැකි Headphones වන්නේ EX 71, MDR 20 සහ NC-22 වන මාදිලි පමනි. මින් NC-22 ලෙස සඳහන් කර ඇති Headphone යුගලය Noise Canceling එනම් බාහිර ශබ්දය මකාදමන ඒවා වේ. ඔබ බස් රථයක, දුම්රියක හෝ ගුවන් යානයක ගමන් කරන විට , බාහිර ශබ්දයන්ගේ බාධාවකින් තොරව ගීත රස විඳිය හැකි මෙම Headphones බාහිර ශබ්දය මකා දැමීම සඳහා විදුලි පරිපථයක් භාවිතා කරන අතර ඊට AAA ප්‍රමාණයේ වියලි කෝශයක් අවශ්‍යයය.

මෙම Noise Canceling කාණ්ඩයට ඇතුලත් වන Headphones අතුරෙන් Bose Quite Comfort3 මාදිලිය ඉදිරියෙන්ම සිටී, මෙහි වටිනා කම ඩොලර් 350ක් වන අතර තීරු බදු රහිත වෙළද සංකීරණයෙන් ඩොලර් 300 කට පමණ ලබා ගත හැක.

-TW

Explore posts in the same categories: Gadjets

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: