තණමල්විල කංසා (ගංජා) බීජ වගා කරුවන්, තමන් ගොවීන් ලෙස හඳුන්වා ගැනීම


ඉතිහාසය ගැන කියවන විට ඌව වෙල්ලස අපට හුරු පුරුදු වචනයකි. වෙල්ලස්ස යන්න සෑදි තිබෙන්නේ වෙල් ලක්‍ෂයක් පමණ කුඹුරු එහි තිබූ නිසාවෙනි. වෙල්ලස්සේ ගොවීහූ නියම ධාර්මික ගොවීන් වන අතර ඔවුන් අපට බත සපයන ගොවීන් බව පොත පතෙහි, ඉතිහාසයේ සඳහන් වෙයි.

එහෙත් ඊට හාත්පසින්ම වෙනස් “බීජ” වගාවක් කරන ගොවි පරපුරක් තණමල්විල ආශිතව බිහිවී ඇත. මෙම ගොවීන්, තමන්ම “ගමරාළ” ලා ලෙස හඳුන්වා ගනු ලැබූවද, හොරුන්ගෙන් සහ කම්බ හොරුන්ගෙන් මෙන්ම ජාවාරම් කාරයින්ගෙන් සැදුම්ලත් මොවූහු කරන්නේ අපුරූ ගොවිතැනකි, එනම් නීති විරෝධී කංසා නැතහොත් ගංජා වගාවයි. ගමරාළලා ලෙස පෙනී සිටන මෙවැනි ගොවීන් ගංජා වගාව මඟින් තරුණ පරපුරට කරන විනාශය අති විශාලය.

තණමල්විල ගැන කියවෙන ගීතයකින්ද තණමල්විල සහ කංසා වල ඇති සම්බන්ධතාවය මොනවට පැහැදිලි කරනු ලබයි. තණමල්විල මොවුන් වගා කරන බීජ අන් කවරක්වත් නොව , කංසා බීජ වගාව වේ.

මෙහි ඇති කණගාටු දායක තත්වය නම්, යහපත් කර්මානත්යකින් මුදල් ඉපයීමට තරම් ආත්මශක්තියක් නැති, ආත්මිකව බංකොලොත් වී ඇති මොවූහූ, තමන්ගේ ජාවාරම් කරගෙන යාමට දේශපාලකයන්ගේ සපත්තු ලෙව කෑමට තරම් පහත් මට්ටමකට පත්ව, දේශපාලන වන්දි භට්ටයන්, ජුන්ටන් නැතහොත් හෙන්චයියන් බවට පත්ව තිබීම , මොවුන්ව නිරීක්‍ෂණය කරන විට අපට දැනගන්නට තිබෙන පැහැදිලි සත්‍යයකි.

මුදල් හම්බ කිරීමට තමන්ගේ දෙමාපියන්, අඹු දරුවන් වූවද පාවා දීමට තරම් පහත් නිවටයින් බවට මෙම කංසා හේන් කරුවන් පත්ව තිබෙන බව අපට හැඟී යන්නේ පසුගිය ඉරුදින පුවත් පත්වල පලවූ ආරක්ෂක තොරතුරු සටහන් කියවන විටදීය. රිවිර, ලක්බිම, දිවයින සහ ලංකාදීප පුවත්පත් වල පලවූ ආරක්‍ෂක තොරතුරු සටහන් වලට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේත් යාල වනයේත් සිටන LTTE සාමජිකයින්ට උදව් උපකාර කරන්නේත් ආරක්ෂා කරන්නේත් මෙම කංසා ගොවීන් බවයි. ආරක්‍ෂක අංශ වලට මෙම තණමල්විල කංසා ගොවීන් අත්අඩංගුවට ගැනීමට ඇති ප්‍රධානම බාධාව ලෙස එම පුවත්පත්වල සඳහන් කර තිබුනේ, මෙම කංසා ගොවීන් දේශපාලන හෙන්චයියන් නැතහොත් දේශපාලකයින්ගේ සපත්තු ලෙවකන වන්දි භට්ටයන් වී තිබීම බවයි.

මිනිස් පරිභෝජනයට අවශ්‍ය බෝග වගාව වෙනුවට ඉක්මණින් මුදල් සොයන්නට මෙම තණමල්විල කංසා ගොවීන් තමන් කරන කරන නීති විරෝධී බීජ වගාව ගැනත්, ඊට සමාජයට වන පරිහානිය ගැනත් නොසිතන්නේ මොවුන්තුල ඇති මුදලට ගිජු කාලකණ්නි කම විනා අන් කවරේද ?

Explore posts in the same categories: comedy, politics

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: