චිත්‍රපට විග්‍රහය – Hunting Party


සැබෑ කතා වස්තුවක් මත පදනම්ව තිබෙන මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ, ජේම්ස් හන්ට් නම් ජනමාධ්‍ය වේදියා විසින් බොස්නියාවේ යුද අපරාධකරුවකු පසු පස හඹා යන කතා පුවතකි. ජේම්ස් හන්ට් හෘද සාක්‍ෂියට එකඟව තම මාධ්‍ය වාර්තාකරනය සිදු කරන මාධ්‍යවේදියෙකි.

ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක සේවය කරන අතර, බොස්නියාවේ ඇතිවෙන සිවිල් යුද්ධයේදී එහි බියකරු භාවයත්, යුද්ධයේ යතාර්ථයත් නිසි ලෙස වාර්තා කරනු ලබයි. වාර්ගික ඇල්බේනියානු මුස්ලිම් වරුන්ව අමානුෂික ලෙස ඝාතනය කරන අයුරුත් එම ඝාතන සම්බන්ධයෙන් නේටෝ (No Action Talk Only නම් නොවේ) හමුදාව මුනිවත රකින ආකාරය මාධ්‍යය තුලින් වාර්තා කිරීම හේතුවෙන්, ඔහු හට එම මාධ්‍ය ආයතනයෙන් නික්ම යාමට සිදුවේ.

කෙසේ නමුත් දිගටම සරයේවෝ නගරය තුලම රැඳී සිට, වෙනත් මාධ්‍ය ආයතනයන් හා සම්බන්ධව කටයුතු කරමින් නිරායුධ මුස්ලිම් වැසියන් දස දහස් ගනනින් ඝාතනය කිරීමට මූලිකව කටයුතු කල , යුද අපරාධ කරුවකු වන බොහොග්ඩොනොවික් ( Boghdanovic aka Fox ) හඹා යන ආකාරයත්, ඊට ඇමරිකාවේ CIA සංවිධානය විසින් ඔවුන්ව වලක්වන ආකාරයත් පැහැදිලිව ඉස්මතු කෙරෙන මෙම චිත්‍රපටය තුල, අන්තර් ජාතික පොලීසිය එවැනි යුද අපරාධ කරුවන් පසු පස හඹා යාම පසෙක තබා වක්‍රාකාරව CIA සංවිධානය සමඟ සම්බන්ධව ඔවුන්ව ආරක්ෂාකරන අන්දමත් මැනවින් හුවා දක්වනු ලබයි.

අන්තර්ජාතික පොලීසිය කවටයන් රැලකට සමාන කරන හොඳම නිදසුන වන්නේ, යුද අපරාද කරුවන් අල්ලා ගැනීමට බොස්නියාවේ පිහිටුවා තිබෙන එක් අන්තර්ජාතික පොලිස් ස්ථානයක් තුල, අවම වශයෙන් යුද අපරාද කරුවන්ගේ ලේඛනයක්වත් නොතිබීමයි.

ඇමරිකාවේ *සැබෑ* ප්‍රජාතන්ත්‍රවාදයත්, CIA සංවිධානයේ දෙබිඩි පිලිවෙත සහ අන්තර්ජාතික පොලීසිය කවටයන් රැළකට සමාන කර එය මැනවින් විදහා දැක්වෙන මෙම චිත්‍රපටය තුල ජේම්ස් හන්ට්ගේ චරිතයට පන පොවන්නේ සුපිරි නළුවකු වන රිචර්ඩ් ගියර් විසිනි.2007 සැප්තැම්බර් මස 14 වනදා එළිදක්වා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කර තිබෙන්නේ රිචර්ඩ් ශෙපර්ඩ් විසිනි.

Explore posts in the same categories: arts, movies

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: