එල්ටීටීඊ සංවිධානයට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීම


නිදහස් බලපත්‍රයේ වගතුග

එල්ටීටීඊ සංවිධානයට බැරි බැරිස් විසින් අසීමිත ලෙස තම බලය පාවිච්චි කිරීම සඳහා වසර 2002දී ලබා දී තිබූ නිදහස් බලපත්‍රය, චින්තන මහත්තයා විසින් පසුගියදා අවසන් කරනු ලැබීය. මින් වඩාත් කලබලයට සහ කම්පාවට පත්වූයේ පිශාච ත්‍රිත්වය සහ මුරුංගා දේශඅප්‍රියගේ වරත්තු ප්‍රතිපත්ති කේන්ද්‍රයයි, මක් නිසාද ඔවුන් විසින් දර දිය ඇද ගොඩ නැගූ ඊළාම් සිහින බොඳවී යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුවීම නිසාය. ඔවුන්ගේ සැලසුම් වලට කණකොකා හැඬුවේ බර්ග්හොල්ෆ් පදනමේ ලොක්කාට අකුලාගෙන යන්න සිදුවූ පසුවයි.

චින්තන මහත්තයාගේ ප්‍රමාදය

මෙම බලපත්‍රය අවසන් කිරීම සඳහා සුදුසු අවස්ථාවන් බොහෝමයක් චින්තන මහත්තයා හට තිබුනද, අපේ රටේ නායකයින්ට ආවේනික “අස්සයා ගියාට පසු ඉස්තාලය වසාදැමීමේ” සාම්ප්‍රදායික රෝගය මෙතුන්මන්ටද වැළඳී තිබූ නිසා, නිසි මොහෙතේදී එය කිරීමට නොහැකි විය. එම තීරණය ගනු ලැබූවේ ඉතාම දියාරු ආකාරයට, එතුමන් රටේ අගමැතිව සිටින කාලය තුල කටයුතු කල පතෝල න්‍යාය අප සැමට සිහිපත් කරවමිනි.

මින් සිදුවූ අවාසිය නම්, දියාරු ලෙස ගත් මෙම තීරණය අන්තර්ජාතිකව සාධාරණීය කිරීමට සමත් යාන්ත්‍රණයක් අපහට නොමැති වීමයි. නිසි අවස්ථාවේදී මෙම තීරණය ගත්තේ නම්, එය ජගත් ප්‍රජාව හමුවේ සාධාරණීය කිරීමට මෙතරම් තප්පුලෑමට අවශ්‍ය වන්නේ නැත. කෙසේ නමුත්, ගත් ක්‍රියා මාර්ගය අප සැවොම පැසසිය යුතුය. ඉතින් මම අදහස් කලා මේ ගැන පසු විපරමක් කරන්නට, අපි නැවත ඉතිහාසය දෙස හැරී බලමු.

(විනී හෙට්ටිගොඩ ඉරිදා ලංකා පත්‍රයට ඇඳ තිබූ කාටූනය)

විනී හෙට්ටිගොඩ ඉරිදා ලංකා ප�්‍රයට ඇඳ �ිබූ කාටූනය

වර්ෂ 2001 : බැරි බැරිස්ගේ ගමන් මඟ

මේ ගෙවී යන්නේ මුහුදින් වට වුනු අපේ කුඩා දූපතේ එක්තරා අවිචාරවත් සමයකි, එනම් එහි දෙවන පරිච්ඡේදයයි. (මෙහි මුල් පරිච්ඡේදය 1977 දී ආරම්භ වී 1993 කම්කරු දිනයේදී නිමාවට පත්විය.) අප පැමිණ තිබෙන්නේ කාලකණ්නි මං මුලාවූ පාලනයක අවසන් වසර කිහිපයටයි.

මොණරවාහිනියේ පැවති සම්මුඛ සාකච්ඡාව

අන්තෝමතික, අමනෝඥ පාලනයක ශේෂය මත සනිටුහන්වූ මහ මැතිවරණයේ, එනම් 2001 මහ මැතිවරණයේ අවසන් හෝරාව එළඹ ඇත. මා ඉදිරියේ දිග හැරෙනුයේ මොණරවාහිනියේ රාත්‍රී 9:30 ට විකාශණය වන සජිවී දේශපාලන සජීවී සංවාදයයි. එහි එක් පසක සිටින්නේ ජනමාධ්‍ය, NGO, LTTE හා විජාතික දේශද්‍රෝහී බලවේග මඟින් සාම ගඟුලෙන් භෞතීස්ම කර කෘතීම දේශහිතෛෂී භාවයක් අරෝපණය කොට තිබෙන බැරි බැරිස් නොහොත් අපේ බ්‍රේස්ලට් අන්කල්ය. ඔහුගෙන් ප්‍රශ්ණ විචාරන්නට සැදී පැහැදී සිටින්නේ ඔහුගේම ඉත්තකු වන මන්දබුද්ධික සමඟ දේශපාලනයට පිවිසි “කන්දන” විලි-ලැජ්ජා-නැති-බණ්ඩාරය.

ප්‍රශ්ණය අසන්නේ විලි-ලැජ්ජා-නැති-බණ්ඩාරය : මෙපමණ කලක් එල්ටීටීඊ එක සෑම රජයක්වම රැවැට්ටුවා, ඔබ පවසනවා ඔබ ඔවුන් සමඟ සාමය සඳහා ඉදිරිපත්වෙන බව. ඔවුන් ඔබත් සමඟ නිසියාකාරව සාමය සඳහා එළඹේයැයි ඔබට තිබෙන සහතිකය මොකක්ද ?

පිළිතුර බැරි බැරිස් ගෙනි : කන්දන, අනිත් අය වගේ මම නිකන් යන්නේ නැහැ සාමයට, මම යන්නේ ආරක්‍ෂක දැලක් අරගෙන. ඒ ආරක්‍ෂක දැන තමයි විදේශීය රටවල් වල සහය සහ බලපෑම. ඒ දැලත් අරගෙනයි මම යන්නේ, ඔවුන්ට ලිස්සලා යන්න දෙන්නේ නැහැ.

බැරි බැරිස් රජ වෙයි

මාධ්‍යයන්ගේත් විජාතික බලවේග වලත් දිරවන්න බැරි ලණු තවත් වතාවකට ගිල්ල අපේ රටේ අහිංසක ජනතාවද, සුදු බණ්ඩාගේ සහ දත් දොස්තරගේ වාචාල ගොන් කතා වලට උත්තේජනය වූ කැපුවත් කොල අපේ කස්ටියද කසිප්පු වඩියකින් වැඩ අල්ලා උදේම ඡන්ද පොලට ගොස් පුත්තලම් බූරුවා ඉදියේ කතිරය ගසා ඡන්දය දී, බැරි බැරිස් සහ පකිස් බූරුවෝ සෙට් එක තෝරාපත්කර ගන්නා ලදී.

බැරි බැරිස් ලබා දුන් ඉල්ලගෙන කන බලපත්‍රය

ලමා අපචාර/දූෂණ සඳහා නමගිය නොර්වේ සාම නියෝජිතයාගේ මඟපෙන් වීම මත, කාට කාටත් හොරාම, බැරි බැරිස් එල්ටීටීඊ එකට , මේ රට තමාගේ අප්පගේ බූදලයයි සලකා, නූතන දොන් ජුවම් ධර්මපාලගේ භූමිකාව රඟ දක්වමින් බලපත්‍රයක් ලියා දුනි. එම බලපත්‍රයේ සඳහන් වූයේ ඉතා සරළ කොන්දේසි කිහිපයකි.

1 ) කොටි සංවිධානයට දකුණට පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ රැගෙන ඒම සඳහා මාර්ග බාධක සහ හමුදා මුර කපොළු ඉවත් කිරීම

2 ) ඝාතනය කිරීමට අවශ්‍ය හමුදා බුද්ධි අංශ සාමාජිකයින්, දකුණේ දේශපාලඥයින් සහ පුද්ගලයින්ව පහසු ඉලක්ක බවට පත්කිරීම
3 ) බාධාවකින් තොරව මුහුදෙන් අවි ආයුධ රැගෙන ඒමට ඉඩ සැලසීම

4 ) “සාම සාකච්ඡා සඳහා” යන්න ප්‍රකාශ කොට විදේශ රටවල අවි ආයුධ මිලට ගැනීම සඳහා අවශ්‍ය සංචාරයන්ට පහසුකම් සැපයීම

5 ) රජයේ හමුදාවන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කපා හැර ඔවුන් අධෛර්‍යමත් කිරීම

6 ) කොටින්ට බංකර් තනාගැනීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය සහ ප්‍රචාරක යුද්ධය සඳහා අවශ්‍ය භාණ්ඩ රේගු බදු වලින් තොරව ලබාදීම

7 ) කොටින්ට ගුවන් හමුදාවක් සාදා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම

8 ) කොටින් රැගෙන එන බඩු භාණ්ඩ අදිය පරීක්‍ෂවෙන් තොරව ඔවුන් වෙත මුදා හැරීම

9 ) හමුදාවන්ගේ චිත්ත ධෛර්‍ය බිඳ වැට්ටවීම,හමුදාව ඝාතනය කිරීම සහ එවිට කාබයිඩ් කෑ උගුඩුවන් මෙන් උඩ බලා සිටීම

10 ) දේශසීමා නීර්‍ණය කිරීමේ හැකියාව, යුධමය අතින් වැදගත්වන ස්ථාන ඔවුන්ට ලබාදීම, උදා : සාම්පූර්

බකං නිලාගෙන ඉන්න කමිටුව

ඉතින් අපේ මේ ඔල මොට්ටල බූරු තෙමේ, අඩුම ගානේ තමන් එක්ක එකට කඩේ ගිය කට්ටියටවත් නොකියා ඉහත කී බලපත්‍රය කොටින්ට ලබා දුන්නා. හැබැයි නිකන් නෙමෙයි , බැරි බැරිස්ගේ මෙම බලපත්‍ර ක්‍රීඩාවට හුරේ දමන්නත් කස්ටියක්ව ලෑස්ති කරගෙන. හැබැයි ඔවුන්ට කිව්වෙ සටන් විරාම නිරීක්‍ෂක කමිටුව කියලයි.

ඔවුන්ට පැවරිලා තිබුනේ ඉතාමත්ම සරල ක්‍රීඩාවක්, එනම් ලකුණු සටහන් කිරීමයි. හරියට අපි හෝඩියේ පන්තියේදී වාහන වල ඔත්තේ ඉරට්ටේ ගනං කලා වගේ. කවුරු හරි ගාන අහපුවහම, මෙව්වරයි කියනවා. එච්රයි, ප්‍රශ්ණයක් නැහැ, සරළයි, පහසුයි. එච්චරයි කරන්න තියෙන්නේ.

බකං නිලාගෙන ඉන්න කමිටුව විසින් බල සම්පන්න ලෙස ක්‍රියාවට නැංවූ ආකාරය

මම මේ කතාව කියන කොට අපේ ගමේ හිටපු ග්‍රාම සේවක , පියතිලක රාළහාමි මගෙන් අහනවා මෙන්න මෙහෙම.

රාළහාමි : ඈ ළමයෝ එතකොට කොටි ඔය ගිවිසුම කඩකරා කිය කිය නිතරම ඇහෙන්නේ, එතකොට ඔය බකං නිලාගෙන ඉන්න කමිටුව මොනාද කරන්නේ ?

මම : රාළහාමි මාමේ, ඒවා ඒ ගොල්ලො ලියා ගන්නවා

රාළහාමි : ලියාගෙන ඉවර වෙලා මොනවද කරන්නේ ? සටන් විරාම කඩ කරපු කට්ටියට දඬුවම් කරනවද ?

මම : අපෝ නැහැ, කවුරු හරි ඇහුවොත් එහෙම දෙයක් වෙලාද කියලා, ඔව් කියනවා, ඒ සම්බන්දව ලියාගෙන තියෙන්නෙ කියනවා (“අර” කට්ටියගෙ හිත නොරිදෙන්න).

රාළහාමි : එතකොට කොටි කොච්චර මිනී මැරුවත් මොනවා කලත් ඒ ගොබිලො කට්ටියට පොතේ ලියනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න බැරිද ?

මම : මුකුත් කරන්න බැහැ නොවැ. වැඩිම වුනොත්, දකුණෙ මිනිස්සුන්ට දැනෙන්න බරපතල සිද්ධියක් වුනොත් හෙලා දැකලා නිවේදනයක් නිකුත් කරනවා. වැටෙන් පැන්න එකෙකුට හමුදාව ගිනි පත්තු කලොත් , විනාඩි පහක් ඇතුලත ලෝකෙටම කියනවා, අපිට ආධාර දෙන කණ්ඩායම ඇතුළු හැමෝටම. එච්චරයි.

රාළහාමි : එතකොට අර බැරි බැරිස් උන්දැ පාරම් බාපු අන්තර්ජාතික ආරක්‍ෂිත දැල ? ඒකට මොකද වුනේ?

මම : ඒකත් බැරි බැරිස්ගෙ පෞර්ශ්‍යය වගේ, ඉපදෙන කොටම දියවෙලා ගිහින්
මට කිසිවක් කියන්න ඉතුරු නොකර රාළහාමි , බැරි බැරිස්ගේ දෙමව්පියන්ගේ සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින්, බුලත් හපයත් විසි කර එතනින් යන්නට ගියේ පාර අයිනේ හිටපු දඩෝරියාගේ තට්ටමද හොඳ පා පහරක් එල්ල කරමිනි.

Explore posts in the same categories: politics

3 Comments on “එල්ටීටීඊ සංවිධානයට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීම”


  1. මෙවර යොදාගත් ශෛලිය පසුගිය ලිපිට යොහදාගත් ශෛලියට වඩා මගේ සිත් ගත්තා. උපහාස රසයත් ටකිටික තියෙන නිසා දිගටම කියන් වන්න පුලුවන්෴


  2. නියමයි! ඔයාට හොඳ යථාර්තවාදී දේශපාලන විඥානයක් තියනවනේ… ලියන්න බැරිද ඔය විදියටම පත්තරේකට?


  3. […] කිසිම හිරිකිතක් නැතුව කැසකවන්නේ කලින් කරුනු ලැබූ අන්දමේම තවත් පාවාදීමකට බව […]


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: