ප්‍රථම සිංහල බ්ලොග් සටහන


මාගේ කාලීන සිංහල සටහන.

බොහොම කාලෙක පටන් සිංහලෙන් බ්ලොග් එකක් ලිවීමේ අවශ්‍යතාවය තිබුනත් ඒ සඳහා කාලවේලා නොමැති කම නිසා ලියන්නට ඉඩ ලැබුනේ නැහැ. කාලීන දේවල් සහ රටේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන කරුණු කාරනා සම්බන්ධවත් ලිවීමට තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. උපහාස රසයෙන් යුතුව කරන්නයි බලාපොරොත්තුව. රටේ යුද්ධයක් තියෙන වෙලාවක ජනමාධ්‍ය බොහොමයක් හැසිරෙන හැටි දැක්කහම ඇත්තටම තත්වය කණගාටුදායකයි. අපි එකින් එක විග්‍රහ කරමින් බලමු , මොවුන් මොනාද කරන්නේ, කොහෙද යනෙනේ කියලා.

දවස් කිහිපයකට කලින් එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් FBI එකෙන් කරලා තිබුන ප්‍රකාශය ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. නමුත් මෙම තිරිසන් ත්‍රස්ත කණ්ඩායම අහිංසක ගැමියන් රැගත් බස්රථයකට 16 වනදා එල්ල කර තිබූ ප්‍රහාරයෙන් ඉතාමත් කම්පනයට ලක් වුනා.

පිශාච ත්‍රිත්වය
ගාබේ(මර්)ජ් ආයතනයේ ඩොලර් වලට “මුක්තිය” පත්තරේ අරගෙන කුලියට කැහැපු මුරුංගා දේශඅප්‍රිය, බයදේව උඳුපියලියගොඩ, මාර (න)රූමසිංහ ඇතුලු පිශාච රැල මේ සම්බන්ධයෙන් දක්වන අදහස් දැනගන්නට ඉතාමත් ආසාවෙන් ඉන්නෙ. වසර ආරම්භයේදී මහේශ්වරන් ඝාතනයවී මොහොතක් යන්නට මත්තෙන් සියල්ල ආණ්ඩුවේ හා ආරක්‍ෂක හමුදාවේ ගිණුමට බැර කල අපේ මාධ්‍යය ඊට දින කිහිපයකට පසු දමු දසනායකගේ ඝාතනය සම්බන්ධයෙන් දැක්වූ පරස්පර විරෝධී මතයන්ගෙන්/ක්‍රියා කලාපයෙන් මොවුන්ගේ සැබෑ නිරුවත අපට දැක ගන්නට පුළුවන්. මොවුනගේ මාධ්‍යය කුමණ අරමුනක් සඳහා කා වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේදැයි අපට වටහා ගැනීමට පුළුවන්.

ප්‍රතිචාරයන්හී පවතින අවස්ථාවාදී හා පක්‍ෂාග්‍රාහි බව

මනුෂ්‍ය ඝාතන අප හෙලා දකින්නෙමු, නමුත් අපිට ඇති ගැටළුව නම් පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් දෙයාකාරයකට මොවුන් දකවවන ප්‍රතිචාරයන්ය. අපි පළමුවෙන් විමසා බලමු ඇයි මේ වහන්සේලාට මහේශ්වරන් ඝාතනය අනෙක් ඒවාට වඩා වැදගත් හා කම්පනයට පත්වූයේත්, ඒ සම්බන්ධව කෑකෝ ගැසුවේත් අනෙක් ඝාතන සම්බන්ධයෙන් මුනිවත රකින්නේත් ඇයි කියන කරුන සම්බන්ධයෙන්.

මහේශ්වරන්

ප්‍රථමයෙන් අප මහේශ්වරන් සම්බන්ධයෙන් විමසා බලමු. දිවයින පත්‍රයේ ආරක්‍ෂක තීරය ලියන කීර්ති වර්ණකුලසූරිය සඳහන් කර ඇති පරිද්දෙන්, මහේශ්වරන් ගම්පහ දිස්ත්‍රික්කයේ භූමිතෙල් වෙලෙන්දෙකි, නැතහොත් භූමිතෙල් මුදලාලි කෙනෙකි. පසු කලෙක ඔහු විසින් උතුරට (එල්ටීටීඊ එකට, මට මතක හැටියට) ලිහිසි තෙල් හොරෙන් යවා , එම මධ්‍යස්ථානය හමුදාව විසින් වටලන විට ඉන් පැන ගිය අයෙකි. ඉන්පසු ඔහු කරලියට පිවිසෙන්නේ දේශපාලකයකු ලෙසය, ඊට පසුව ඔහුව දකින්නේ නැව් හතරක් හිමි ධනවතෙකි ලෙසයි. ඊටත් පසුව ඔහු වෙත අපගේ අවධානය යොමුවන්නේ ඔහු විසින් උතුරට භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක තිබී ගුවන් යානයක තටුවක් හමු වීමත් සමඟය. ඔහුගේ ඝාතනයට පසුව අපට අසන්නට ලැබෙන්නේ ඔහු විසින් ආරක්‍ෂක හමුදාවන්ට අයුධ සැපයීමට සිටි බවයි.

එම ඝාතනයෙන් පසුව, එක්තරා ඇමතිවරයෙක් විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් පදනම් කරගෙන එම ඝාතනය තවත් ද්‍රවිඩ දේශපාලන කණ්ඩායමකට සහ ආණ්ඩුවට බැර කිරීමට මෙම මාධ්‍ය-ලේඛක අපතයන් නොගත් උත්සහයක් නොමැත.

දමු

දැන් අප දමු වෙත යොමුවෙමු, දමුව මම දන්නේ 1993 වසරේදී පමණය. වසර 1977 දී මහා ප්‍රජාතන්ත්‍රවාදී JR ජයවර්ධන ජනාධිපතිවරයා තම ප්‍රීතිය භුක්ති විඳීම අරභයා කරන ලද සංග්‍රයයක් ලෙස දමු ඇතුලු අහිංසකයින් හට වඩිගමංගාවගේ ගෝලයෝ මදි නොකියන්නට සංග්‍රහ කලහ. එම සංග්‍රහයේ පොශ්‍ය පදාර්ථ හේතු කොට ගෙන, දමු නිවන් ගියේ යැයි සිතා ඔහුව පාරේ දමා එම පිරිස යන්නට ගියහ. නමුත් ඔහුට ජීවත් වීමට වරම් හිමි විය. පසුව කලක් විදේශ ගතව සිටි ඔහු 1994 මහා මැතිවරණයට ඉදිරිපත්විය, ඒ පුත්තලම් දිස්ත්‍රික්කයෙනි.

1994 පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී, වෙන්නප්පුව ප්‍රදේශයේ එජාප දේශපාලුවෙකුට අයත් මැර පිරිසක් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලයකට පහර දුන්හ, පසුව ගම්වාසීන් හා දමු ගේ ආධාරකරුවන් ඇතුලු පිරිසක් පැමිණ එජාප මැර පිරිසට පෙරලා සංග්‍රහ කර පොලීසය වෙත බාර දුන්හ. නිකම්ම නොවේ, පිස්තොලයක්, පතුරම් තුවක්කුවක් සහ පතුරම්ද සමඟිනි. කෙසේ නමුත් එවකට පොලීසිය යනු ඉතාමත් බලගතු හාස්කම් සිදුවෙන ස්ථානයකි. එය මනාව ඔප්පු කරමින්, පසුදින එලිය වැටෙන විට පොලීසිය වෙත බාර දුන් පිස්තොලය, සෙල්ලම් පිස්තොලයක් වී තිබුනි, තුවක්කුව රතිඤ්ඤා තුවක්කුවකි , පතුරම් පාවිච්චි කර ඉවතලන නොම්මර 16 හිස් ඒවාය. වැරදී තිබුනේ ගම්මුන්ටය. ඉතින්, දමු දේශපාලනයට පිවිසෙන්නේ මෙවන් පසුබිමකය. කෙසේ නමුත් මා දන්නා දමු, සැබෑම ගැමියෙකි, අව්‍යාජ මිනිසෙකි, කවදත් අයියේ, අක්කේ, මල්ලියේ හා මචං ලෙස ආමන්ත්‍රණය කල ඔහු විසින් කල වැඩ කොටස, ආණමඩුව ප්‍රදේශයට හා එම ජනතාවට සිදුකල සේවය අපමණය, එය එහි මිනිසුන්ගේ සිත්වල සනිටුහන් වී ඇත. ඔහුගේ නිසල දේහයට අවස්න ගෞරව දැක්වීමට පැමිණි සිටි ජනගඟ මෙයට උදාහරණයකි. (මා මින් ප්‍රකාශ කරන්නේ දමු යනු පාරිශුද්ධ චරිතයක් හෝ ඉතාමත් අහිංසකයකු බව නම් නොවේ)

ඔක්කම්පිටියේ අහිංසක ගැමියන්

දැන් අප බලමු අහිංසක ගම් වැසියන් රැගත් බස් රථයට එල්ල කල ප්‍රහාරය, අවම වශයෙන් ඒ සමබ්ධව ඉහත කී පිශාච ත්‍රිත්වය ඇතුලු අපත රැල කිසිවක් පවසන්නේ නැත.ඔවුන්ද අපේ සටන් විරාම නිරීක්‍ෂක කමිටුව මෙන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව සිටී. ඇතැම් මාධ්‍යයන්ද එය එල්ටීටීඊ එකෙන් කලාය කියන්නේද නැත, මක්නිසාද ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවසාන නිගමනයකට පැමිණීමට තිබෙන දුශ්කරතාවය නිසාත්, පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති හෙයිනි. හැබැයි මෙම රැළම මහේශ්වරන් ඝාතනය ආණ්ඩුවට බැර කලේ ඔහුගේ අවස්න හුස්ම පොද යන්නටත් ප්‍රථමය.

විකට නළුවන් වන බන්දුගේ සහ ටෙනිසන් කුරේගේ අඩුව දේශපාලනය තුල මකා දැමීමට ඉදිරිපත්ව, දේශපාලනමය වශයෙන් අවලංගු කාසි දෙකක් බවට පත්ව සිටින බාහු/වාසු විකට යුගලයෙන්ද කිසිදු හඩක් නොනැගේ. ඩොලර් වලට සාමය යැයි බෙරිහන්දෙන මුරුංගා දේශඅප්‍රිය, බයදේව සහ මාර (න)රූමසිංහ විසින් දකුණේ අපට සාමය වෙත එන්නයැයි තප්පුලෑම ඉල ඇදෙන විකට නාඩගමකි. මේ පිශාචයන් සාමයට මෙපමන කැමති නම් සාමය වෙනුවෙන් වන්නියේදී හෝ කිලිනොච්චියේදී එහි සිටින ත්‍රස්තයන්ට සහ ඊට අනුබල දෙන්නන් හට සාමයේ අවශ්‍යතාවය මතක්කර නොදෙන්නේ ඒ සඳහා ඩොලර් නොලැබෙන නිසාවෙනි. මොවුන් කියන පරිදි සිංහල ජනතාව මෙතරම් ජාතිවාදී නම් කොළඹ සිටින 35%-40% පමණ වන ද්‍රවිඩ ජනතාව සහයෝගයෙන් සිටින්නේ කෙසේදැයි අප විසින්, ඩොලර් නිසා සිහි මුර්ජා වී සිටින මෙම සාම වෙළඳුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයකි.

තිස්සමහරාම ගොවීන්

මීට ප්‍රථම තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුව ඝාතනය කිරීම සම්බන්ධවද මෙම මාධ්‍ය වාර්තා කලේ ඒ ආකාරයටය, මන්ද එම ඝාතන ගැන ලොවට පැවසීම මඟින් ඔවුන්ගේ ස්වාමියා (එල්ටීටීඊ) පිනවීමට නොහැකි නිසාය, ඩොලර් ඇතුලු දොලපිදේනි නොලැබෙන හෙයිනි. මෙම ගොවීනෙගේ ඝාතන “බ්‍රේස්ලට් අන්කල්” නොහොත් බැරි බැරිස්ගේ කාලයේදී සිදුවූයේනම්, එම ගොවීන් බුලත් වෙනුවට චුවින්ගම් කෑමට ගොස් ඒවා සිරවී මියගොස් ඇති බවත්, එම ගොවීන්ගේ මරණ චුවින්ගම් සිරවීමෙන් සිදුවූ ස්වාභාවික මරණ ලෙස ප්‍රකාශ කලද අපට පුදුම විය නොහැක. මන්ද එම අපතයන් කියන සෑම දෙයක්ම හිස් මුදුනින් පිලිගැනීමට තරම් වන බූරුවන් රැලක්ද අප රටේ සිටින හෙයිනි. ඉතින් දැන් අපට තේරෙනවා නේද මෙම මාධ්‍ය අයියලාගේ කාර්ය හා වගකීම ? ඔවුන් කාවෙනුවෙන් සේවය කරන්නේද යන වග ?

Explore posts in the same categories: politics

2 Comments on “ප්‍රථම සිංහල බ්ලොග් සටහන”

  1. Cham Says:

    What a nice blog,

    dont worry or affraid to address ppl in their real names. specialy F***ing Sunanda Deshappriya.


  2. චෑම් මම නම් එකඟ නෑ ඔබ අනික් අයට අසභ්‍ය වචන භාවියතය ගැන දොස් පවරන අතර ඔබ ත් භාවිතා කරනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: