කල් යනකොට දෙල් වෙන Dell Laptops [Dell sucks!]

Posted November 23, 2008 by rain king
Categories: Gadjets, computers, laptops, technology

Tags: , , ,

පලමුවෙන් මා ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමට යනවිට fujitsu එකකට තමයි ඇහැ ගහගෙන හිටියේ. නිරතුරුවම ගමනා ගමනයේ යෙදෙන නිසා එහි සම්මත බැටරිය මඟින් ලබාදෙන පැය 7ක පමණ අයු කාලය මගේ සිත්ගත්තා.. මා එවකට සේවය කල ආයතනයේදී භාවිතා කල fujitsu ලැප්ටොප් එක ඉතාමත් රළු ලෙස භාවිතා කලද, එහි කිසිදු දෝශයක් නොවීය. එනමුත් මා හට අවශ්‍ය processor වේගය ඔවුන් සතුව නොතිබූ නිසාත්, මා හට අචශ්‍ය ලෙස customise කල හැකි එකම පරිගණකය වූයේ dell ලැප්ටොප් පමණි.

මගේ මුල්ම dell ලැප්ටොප් පරිඝණකය වූයේ inspiron 1705. එවකට දැඩිලෙස මෘදුකාංග ප්‍රවර්ධනයේ යෙදුනු නිසා විශාල තිරයකින් යුතු වූ මෙය මා විසින් මිලදී ගනු ලැබුවා. එය “තරමක්” දුරට හොඳ වූවත් ඉන්පසුව මිලදී ගනු ලැබූ සහ භාවිතා කල පරිඝණක අතුරින් මේ දක්වා dell පරිඝණක භාවිතා කිරීමේදී අත්වින්දේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..

මෑත කාලයේදී භාවිතා කල dell ලැප්ටොප් පරිඝණක ඉතාමත් අධික ලෙස රත්වීමත්, මෙම අධිල රත්වීම හේතුකොටගෙන නොයෙක් දෝශ හටගත් අතර , අවසන් ප්‍රතිඵලය වූයේ නඩත්තු කටයුතු සඳහා යොමු වීමයි. සාමාන්‍යයෙන් intel processor එකක් 65c-68c දක්වා රත්වීම සාමන්‍ය වූවද, 72c-75c වඩා intel processor එකෙහි උෂ්ණත්වය ඉහල යන්නේ නම් එය
processor එක “අල” වීමට හේතු වනවා. සාමාන්‍යයෙන් intel processor එකකට දරා ගත හැකි උපරිම උෂ්ණත්වය, එම processor එකෙහි මාදිලයට සහ මාදිලි අංකයට අනුව වෙනස් වනවා. (මා විසින් intel processor එකෙහි සාමාන්‍ය උෂ්ණත්වය 65c-68c ලෙස සටහන් කර තිබෙන්නේ දල අගයක් බව සලකන්න.)

පරිඝණකය භාවිතයෙන් අන්තර්ජාලය සැරි සැරීම, විද්‍යුත් තැපෑලක් ලිවීම ආදී සරල කටයුතු සඳහා කිසිදු ගැටලුවක් නොමැති මුත් ඉන් ඔබ්බෙන් මෘදුකාං ප්‍රවර්ධන කටයුතු හෝ වෙනත් සංකීර්ණ එනම් processor එක ඉහල අගයකින් නිරතුරුව භාවිතයේ යෙදවෙන කටයුත්තක් සඳහා භාවිතා කරන්නේ නම් .. dell ලැප්ටොප් පරිගණක නුසුදුව බව මගේ හැඟීමයි. වෙනෙකක් තබා music cd තැටියක අන්තරගතය mp3 බවට පරිවර්තනය කිරීමේදී intel processor හි සාමාන්‍ය උෂ්ණත්වය 72c-75c අගයක් ගනු ලබනවා (අමුණා තිබෙන රූපය බලන්න).

සම්ම� භාවි�යේදී�් ප්‍රොසෙසරයෙහි උෂ්ණ�්වය අධික වීම

සම්මත භාවිතයේදීත් ප්‍රොසෙසරයෙහි උෂ්ණත්වය අධික වීම

මාගේ කාමරයේ උෂ්ණත්වය සැමවිටම 18c-20c අතර අගයකින් පවත්වාගෙන යනු ලබන මුත් JBossAS+Mobicents සේවාදායකයත්, postgresql database server එකත් ආරම්බ කල විට මගේ dell ලැප්ටොප් එකට “අඩුක්කු සන්නිය” වැලඳීම නොවැලක්විය හැකි කරුණක්. dell නොහොත් “දෙල්” ලැප්ටොප් පරිගනක වල මෙම අධික රත්වීම සඳහා බලපාන ප්‍රධානම හේතුව වන්නේ processor එක සිසිල් වී සඳහා අවශ්‍ය වාතාශ්‍රය processor එක තුලට ගමන් කිරීමට (ventilation) තිබෙන වා කවුළු ප්‍රමාණවත් නොවීමයි.

මේ වන විට dell xps 1330 හි motherboard එක දෙවරක් අළුතින් ස්ථාපනය කර ඇත. එහෙත් බර වැඩක් කරන විට තාමත් dell දෙල් වීම වැලැක්විය නොහැක. අපේ මුතුන් මිත්තන් පැරණි ලොරි ධාවනය කරන විට ලොරියට තැබීමට “අඩයක්” නිරතුරුවම රැගෙන යයි. ඒ අයුරින්ම , ඉහත කී කාරනා හේතු කරගෙන processor එක තුලට වාතය ගමන් කිරීම පහසු වීමට “අඩයක්” භාවිතා කරමින් තත්වය තරමක් දුරට සමනය කල ගත හැක. (අමුණා තිබෙන රූපය බලන්න)

dell දෙල් වීම වැලැක්වීමට අඩයක් භාවි�ා කරමින්

dell දෙල් වීම වැලැක්වීමට අඩයක් භාවිතා කරමින්

අනෙක් කරුන වන්නේ intel processor හි තිබෙන සැකැස්මයි.. එනම් ඉතා කෙටියෙන් සරලව මෙය පහදන්නේ නම්, processor සඳහා යොදන බර වැඩිවත්වම එහි උෂ්ණත්වය ඉතා ඉහල යනවා, මෙහිදී intel විසින් භාවිතා කරනු ලබන ක්‍රම වේදය වන්නේ intel processor එකෙහි clock speed එක පහල අගයකට ගෙන එනු ලැබිමයි. එනම් intel processor එකෙහි clock speed එක 2.2ghz ලෙස සටහන් කර තිබුනද එහි අධික උෂ්ණත්වය/රත්වීම පාලනය කරගැනීම සඳහා එහි clock speed එක බොහෝ විට ක්‍රියා කරනු ලබන්නේ 1.2ghz – 1.7ghz අතර පරාසයක් තුලයි.

amd processor අධික ලෙස රත්වන බවට කෙතරම් හංවඩු ගසා තිබුනද මෙය ක්‍රිස්තු පූර්ව 17වන සියවසට අදාල කතාවක් බව මගේ හැඟීමයි. මෑත කාලයේදී එලිදැක්වුන බොහෝ amd processor ඉතාමත් හොඳ බව මගේ වැටහීමයි. මෑතකදී amd turion processor සහිත hp tx 2000 සහ hp dv-5z භාවිතා කරන අතර එම processors නිරතුරුවම එහි clock speed එක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනු ලැබූවා.

intel processor සහිත පරිගනකයක් මිලදී ගැනීමේදී lenovo ඉතාමත් හොඳින් අධික රත්වීම පාලනය කරන මුත් processor හි උෂ්ණත්වය මත පදනම්ව එහි වේගය උච්චාවචනය වීම දකින්නට පුලුවන්. එනමුත් amd processor එකක් සහිත ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එහි මිලත් ක්‍රියාකාරීත්වයක් ගැන සැලකිලිමත් වීමේදී intel processors වලට වඩා ඉදිරියෙන් සිටින බව මාගේ හැඟීමයි. එනමුත් ඩෙස්ක්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී, මිල , වේගය, power consumption සහ performance per watt ගැන සැලකිලිමත් වීම වඩාත් යෝග්‍යය.

මා විසින් මෙතෙක් දිගු කලක් භාවිතා කල ලැප්ටොප් පරිඝණක
dell inspiron 1705 dual core 2ghz (overheat – slightly, repairs 0)
dell latitude d630 centrino 1.8x ghz (overheat – slightly, repairs 0)
lenovo t41 intel centrino 1.8x ghz, 64 mb radeon (overheat – no, repairs 1)
dell latitude d820 intel core 2duo 2ghz, 128 mb nvidia (overheat – very high (78c-81c) , repairs 2)
lenovo x61 2 ghz core 2duo (overheat – insignificant, repairs 0)
hp tx 2000 turion tl 66(?) 2.3ghz (overheat – no , repairs 0)
hp dv5z turion zm 84 2.3ghz (overheat – no , repairs 0) – excellent ;)

දැනට භාවියේ පවතින පරිගණක
dell xps 1330 2.2ghz intel core 2duo, 128 mb nvidia (heat – very high (78c-81c), repairs 4)
lenovo t60 2.2ghz intel core 2duo, (overheat – no, repairs 0)

dell xps යනු dell ආයතනය සතුවන ඉහලම පන්තියේ පරිඝකයක්.. ඉතින් මේකෙ තත්වෙ ඔහොම නම් අනෙක්වා ගැන කවර කතාද.. alienware ගැනත් දැන් සාධාරන සැකයක් ඇතිවෙනවා… :D

here i go again ..

Posted November 21, 2008 by rain king
Categories: arts, music

Tags:

Here I go again ..
Goin down the only road I’ve ever known…..

අද සිකුරාදා.. ….. සිකුරාදා කියන්නේ… ගොඩක් දිග දවසක්… බොහෝ දේ සිදුවෙන දවසක්.. සතියේ වෙහෙස මහන්සිය නිවා ගන්නා.. අළුත් ප්‍රබෝධයකින් යුතුව ඊලඟ සතිය ආරම්භ කරන්න අත්තිවාරම දමන්නේ මෙතනින්.. … සිකුරාදා දිනයට කෙතරම් ප්‍රේම කරනවාද කියලා කිව්වොත්.. සෙනසුරාදා පාන්දර 3,4,5 වෙනකල් කොත්ත මල්ලි සහ රනවරා පානය කරමින්, මුවන් පැලැස්ස අසමින් තමයි ඉන්නේ… අනික අද Late Night Shopping තියෙන දවස.. කාර්යාලයේ හැමෝම වේලාසන නිවෙස් බලා ඇදෙන දවස…

වෙනත් සිකුරාදා දවස් වලට වඩා මේ සිකුරාදා විශේෂත්වයක් ගනු ලබනවා…. ඒ කියන්නේ.. පහුගිය වෙන සිකුරාදා දිනවලට වඩා ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. ලොකු හිසරදයකින් නිදහස් වූ අමුතුම නිදහස් සිතුවිලි වලින් අමුතුම නැවුම් බවක් තමයි දැනෙන්නේ.. . තවද .. ඊයේ සවස වැසි කුණාටුවට අහුවෙලා.. පරණ හැම දෙයක්ම සේදිලා ගිහින්.. …

http://www.smh.com.au/news/national/strike-three-storms-batter-brisbane-again/2008/11/21/1226770688311.html

පසුගිය 80 දශකයේ ඉතාමත්ම ජනප්‍රිය වූ.. පාසැල් කාලයේදී මගේ ප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Whitesnake විසින් ගායනා කරන මෙම මිහිරි ගීතයේ පදවැල් මා වර්තමානයේ සිටින තත්වය සමඟ සමපාත වනවා .. :D

මෙය අදටත් මගේ ප්‍රියතම ගීතයක්.. මොවුන්ගේ විසින් නිකුත් කර තිබෙන සෑම ගීත ඇල්බමයක්ම මාගේ ගීත ගබඩාවේ උඩින්ම තියෙනවා… මුල් අනුවාදය වෙනුවට නව අනුවාදනයක් මෙහි සටහන් කලේ මුල් අනුවාදයේ තිබෙන ඇතැම් සාරාගී දර්ශණ නිසා අපේ බෝ පැල වගේ ඉන්න පොඩි උන් නරක් වෙයි කියන බයට :P

පදමාලාව :

http://www.lyricsfreak.com/w/whitesnake/here+i+go+again_20146215.html

සමීර ද අල්විස්ගේ (Sameera De Alwis) xAurora , SLIIT , නිසි බලධරයින්ගේ වගකීම සහ නීතිය

Posted November 18, 2008 by rain king
Categories: Dr. Sameera De Alwis, fraud

Tags: , ,

Action against Sameera De Alwis’ Fake xAurora ?

සමීර ද අල්විස් විසින් කර තිබෙන ප්‍රෝඩාව මේ වන විට හෙළිදරව්වී හමාරයි. එනමුත් එමඟින් ප්‍රශ්ණ රාශියක් මේ වන විට මතුකර තිබෙනවා. ඔහු විසින් ප්‍රකාශකර තිබෙන කරුණු සහ මෙතෙක් සිදුවූ කරුනු කාරනා සලකා බැලීමේදී පෙනී යන්නේ මොහු වංචනිකයකු බවයි. එසේ නම්, අදාල බලධාරීන් සහ නීතිය මොහුට විරුද්ධව ක්‍රියා නොකරන්නේ මන්ද කියන ප්‍රශ්‍ණය මීළඟට පැන නගිනවා..

මොහු විසින් කර තිබෙන වංචනික ක්‍රියාවන් පහත සඳහන් අයුරෙන් වනවා:
———————————————————————————
1. ICTA ආයතනය විසින් මොහුගේ xAurora වියුණු සැරි සරනය සඳහා මූල්‍යමය අනුග්‍රය සපයන ලද බවට සාවද්‍ය ප්‍රකාශ කිරීම
2. ICTA වැනි රාජ්‍ය අනුග්‍රය තිබෙන ආයතන මඟින් මොහුගේ වියුණු සැරිසරනය සඳහා අනුග්‍රහය ලැබෙන බව ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ වියුණු සැරිසරනයට වංචනික ලෙස පිලිගැනීමක් තිබෙන බව හඟවා පරිශීලයකන්ව ආකර්ශනය කරගැනීමට උත්සහ කිරීම.
3. Maxthon වියුණු සැරිසරනය , නිසි අවසරයකින් තොරව වෙනස් කිරීම/සැකසීම මෙය Maxthon හී මෘදුකාංග පරිශීලක ගිවිසුම (EULA) උල්ලංඝනය කිරීමකි. මොහු විසින් Maxthon EULA හි දෙවන වගන්තිය කිසිදු හිරිකිතයකින් තොරව උල්ලංඝනය කර ඇත.

” 2. DESCRIPTION OF OTHER RIGHTS AND LIMITATIONS.
Limitations on Reverse Engineering, Decompilation, Disassembly and
change(add,delete or modify)the resources in the compiled the
assembly. You may not reverse engineer, decompile, or disassemble the
SOFTWARE PRODUCT, except and only to the extent that such activity is
expressly permitted by applicable law notwithstanding this limitation.”

4. xAurora යනු 100% ක්ම Assembly භාෂාව බාවිතා කරමින් ඔහු විසින් නිමවන ලද ශ්‍රීලාංකික නිර්මානයක් බවට පවසා පරිඝනක පරිශීලකයින්ව මුලා කිරීම.

අපහට (තහවුරු කරගත නොහැකි වූ ආරංචි මාර්ග වලට අනුව) දැන ගැනීමට තිබෙන ආකාරයට මොහු උපදේශකයෙකු ලෙස රාජ්‍ය අංශයේ IT Security සම්බන්ධව සේවය කරන බැව් වාර්තා වී ඇත. මෙය සත්‍යයක් නම්, එය ඉතාමත් හාස්‍යජනක කරුනකි. එනම්, පරිඝණක මෘදුකාංග ක්‍ෂේත්‍රයේ සියළු ආචාර ධර්මයන්ට පටහැනිව, නීතී විරෝධී ක්‍රියාවන් සිදුකල තවමත් ඒවායේ නිරතවන නිරාචාරියෙකු මෙවැනි කටයුත්තක් සඳහා රජය විසින් යොදාගනු ලබන්නේ නම් එය හාස්‍යජනක පමනක් නොව ඉතා බැරෑරුම් තත්වයකි. මෙවැනි වංචනිකයකු රජයේ අන්තර්ජාලයන්හී අරක්‍ෂාව තහවුරු කිරීමට යොදාගෙන තිබෙන්නේ අප හට විනෝදය සැපයීම සඳහාදැයි වරක මට සිතේ. (අර ඡන්ද 2500 ක් ගත්ත මර්වින් අයියාට ඇමති කමක් ලබාදී තිබෙන ආකාරයට)

මොහුගේ නිර්මාණශීලීත්වයේ ඇති මොට බව කදිමට කියා පාමින් මොහු විසින් නිකුත් කරතිබෙන Presentation එක තුල අන්තර්ගත වන්නේද Matrix චිත්‍රපටයට අයත් රූප රාමුය, මෙයද නීතීය උල්ලංඝනය කිරීමකි (නිසි අවසරයකින් තොරව මෙය සිදුකර ඇත්නම්). එම Presentation එක තුල අන්තර්ගත වන තවත් එක් කරුනක් වෙයි එනම් මොහු විසින් භාවිතා කරන විද්‍යුත් ලිපිනය, (කාලිංග සමඟ සිදුකෙරුනු විද්‍යුත් ලිපි ගනුදෙනුව සඳහා භාවිතා කර ඇත්තේ එම විද්‍යුත් ලිපිනයයි), එනම් මොහුගේ විද්‍යුත් ලිපනයේ “hackersmafia” එනම් Hackers Mafia ලෙසින් කියවේ.

ඉතින් මොහු HackersMafia එකක අයෙකු නම් සිටිය යුත්තේ සිපිරිගෙදර මිස රාජ්‍ය ආයතනයක නොවන බැව් පැහැදිලිය. Hacker යන්නට වෙනත් අර්ථකතනයක් තිබෙන මුත් Mafia යන පදය භාවිතා කිරීමෙන් මොහු පරිඝණක අපරාධකරුවන් සිටින් රහස්‍ය කල්ලියක සාමාජිකයකු බව මින් ඒත්තු ගන්වනු ලබයි.
http://en.wikipedia.org/wiki/Hacker_(computer_security)
http://en.wikipedia.org/wiki/Mafia

තවද ඔහුගේ මෙම වංචනික වියුණු සැරිසරනය සඳහා ප්‍රණාමය පුද කර තිබෙන්නේ අන්තර්ජාලය තුල සිදුකරන අපරාධ වලට වගකිවයුතු කණ්ඩායම් වලටය. :D මෙය පහත සඳහන් කර ඇත..

සමීර ද අල්විස් විසින් විසින් ප්‍රණාමය පුදකරතිබෙන කණ්ඩායම්:
———————————————————————
Special Thanx Goes Outta :
PE Protection SDK++ for Win32 ASM Routines – C.O.R.E – Challenge Of Reverse Engineering
Debug VXD, GUID Routines for MASM v8.00 – Team Orion & TMG (The Millennium Group)
GDI Win32 and SHELL32 Routines for MASM v8.20 – Team PGC (Pirates Gone Crazy)
Windows Kernel32 and Windows API32 SDK Routines for MASM – Team BLiZZARD, UCF2000, TNO & DAMN
PE Optimize & Anti-Crack SDK ++ Routines for MASM v8.20 – Team TNT, Heritage & pHRoZeN cREW (HeLL)
Anti-Debug Win32 SDK Routines for MASM v8.00 – Team ECLiPSE, LAXiTY, PARADOX & PuKE
AMD-Opteron 64 Bit vCore II ++ Routines for MASM v8.00 – Team ACME, RENEGADE & REBELS
INTEL Pentium vCore II ++ Routines for MASM v8.20 – Team DEViANCE, Embrace & Aura
INTEL Itanium I/II and RiSC CPU Routines for MASM v8.00 – Team ROR and TsRH

උපුටා ගැනීම http://forum.maxthon.com/viewthread.php?tid=74416&extra=&page=1

උක්ත සිදුවීම් සියල්ල අධ්‍යයනය කිරීමේදී පසක්වන කරුන නම් පරිඝනක අපරාධ කල්ලියක සාමාජිකයකු රජයේ පරිඝණකයන්ගේ ආරක්‍ෂාව සඳහා සේවයට යොදාගැනීමේ හාස්‍යජනක මෙන්ම අන්තරාදායක ක්‍රීඩාවක අපේ රටේ බලධාරීන් ක්‍රියා කරන ආකාරයයි. රාජ්‍ය ක්‍ෂේත්‍රයේ තොරතුරු තාක්‍ෂණයට මෙවැනි වංචනිකයකු සත්‍යලෙසම පත්කර තිබේ නම්, රජය තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය තුල ලබා තිබෙන බංකොලොත් භාවය මෙන්ම ඒ සම්බන්ධව ඇති අනාවබෝධය මනාව පිළිඹිබු කරයි.

මෙය ඉතාමත්ම වැරදිසහගත මෙන්ම නරක පූරවාදර්ශයකි. සත්‍ය වශයෙන් රජය විසින් කල යුත්තේ උක්ත පුද්ගලයා සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමය. මොහුගේ නමට ඉදිරියෙන් තිබෙන ඉංග්‍රීසි අකුරු ගැනද සාධාරන සැකයක් පොදු සමූහයා තුල හටගෙන ඇත. එහෙයින්, ඔහුගේ නමට ඉදිරියෙන් තිබෙන ඉංග්‍රීසි අකුරු වල නියම අගය තහවුරු කරගැනීම සහ මොහුගේ අව්‍යාජ බව ස්වාධීන මාර්ගයකින් තහවුරු කරගැනීම අත්‍යාවශව තිබේ. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය තුලත් මෙවැනි “සක්විති” වරු බෝ විමට ඉඩ තිබෙන හෙයින් මේ සම්බන්ධව අදාල බලධාරීන් විසින් කඩිනම් පියවර ගතයුතුය නැතහොත් මෙවැනි සක්විති වරුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශණය කිරීමට, ඉදිරියේදී වෙනමම පොලිස් ඒකයක් පිහිටුවීමට සිදුවනු නොඅනුමානය.

මෙවැනි පරිඝණක නීතීරීතීන් සහ අචාරධර්මයන් අමු අමුවේම උල්ලංඝණය කරන අයෙකු SLIIT ආයතනයේ අනාගත පරපුරට පරිගණක දැනුම ඉගැන්වීමට යොදාගැනීමද ඉල ඇදෙන නාඩගමකි. මෙවැනි වංචනික සහ ආවාර ධර්මයන්ට පටහැණිව ක්‍රියා කරන අයකු SLIIT ආයතනයේ ඉගැන්වීමට යොදාගන්නේ නම් මින් එපිට කිව යුතු කිසිවක් නොමැත.

වරක් සේපාල ඒකනායක විසින් එක්තරා ජාත්‍යාන්තර පාසලකට විරුද්ධව නීති මඟින් ක්‍රියා කරනු ලැබූවේ එම ආයතනය තුල උගන්වනු ලැබූ විෂය ධාරාවන් ගුණාත්මක මට්ටමින් නොතිබීමත් එහි උගන්වනු ලැබූ ගුරුවරුන්ගේ සුදුසුකම් සහ පලපුරුද්ද ජ්‍යාත්‍යන්තර පාසලක උසස් අධ්‍යාපනය ඉගැන්වීම තරම් ඉහල මට්ටමක නොතිබූ බවත් මූලික කොට ගනිමිනි. තත්වය මෙසේ නම් මෙවැනි වංචනික, මෘදුකාංග සඳහා පවත්නා නීතීන් උල්ලඝණය කර ඊට අදාල අචාරධර්මයන්ට පටහැනිව කටයුතු කරන මොහු සම්බන්ධව අදාල බලධාරීන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිලිබඳව අප නෙත් යොමා සිටින්නෙමු.

මීට මාස කිහිපයකට පෙර අසන්නට ලැබුනේ ජලයෙන් වාහන ධාවනය කිරීමට සමත් තරුණයකු ගැන කතාවකි.. පසුව ඔහු නතරවූයේ මිරිහාන පොලිසියේය. මීලඟට අපි දැක්කේ පත්තර වල පිටු පුරවල “මම ඉගැන්වීමට ඉපදුනෙමියි” කියා ගත් සක්විති රණසිංහය. දැන්, අන්තර්ජාලය තුල තවත් සක්විති කෙනෙකු පැමින ඇත… රැවටිලි කාරයින්ගේ සහ වංචාකාරයින්ගෙන් හෙම්බත්වී සිටින අපේ ලාංකේය ජනතාව තව තවත් මෙවැනි වංචනිකයින්ගේ රැවටිලිකාර ක්‍රියාවන්වලට ඉඩ දිය යුතුද ?

පසු සටහන:
————-
මේවන විට Maxthon ආයතනය විසින් xAurora යනු නීති විරෝධීව Maxthon හි කොටස් නිසි අවසරයකින් තොරව සොරකම් කර නීතීවිරෝධී ලෙස සකසන ලද වියුණු සැරිසරණයක් බවට හඳුන්වා දී ඇත. ඔවුන්ගේ ෆෝරමයක මේබැව් සඳහන් කර තිබෙන අතර නුදුරු දිනකදී මේබැව් Maxthon ආයතනය මඟින් නිලවශයෙන් ලබාගැනීමට කටයුතු යොදා ඇත.
http://forum.maxthon.com/viewthread.php?tid=74416

රනිල් නොහොත් බැරි බැරිස්ගේ අලුත්ම විගඩම : GSP+ සඳහා *රජයට සහය දීම

Posted November 14, 2008 by rain king
Categories: arts

ඇඟළුම් කර්මාන්තය සඳහා ලබාදෙන GSP+ සහනාධාරය දිගටම ලබාගැනීම සඳහා රජයට උදව් කරන බැව් රනිල් බ්‍රේස්ලට් විසින් මෑතකදී ප්‍රකාශ කර තිබුනි. බැලූ බැල්මට මෙය සුබවාදී පෙර නිමිත්තක් ලෙස බාහිරව පෙනුනද, කරුණු කාරනා නිසි ලෙස අධ්‍යයනය කරන විට ප්‍රත්‍යක්ෂ වන සත්‍ය නම් දැනට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුවෙන යුදමය ක්‍රියාමාර්ගයන් අඩපන කිරීම අරඹයා කරන තවත් එක් දේශද්‍රෝහී නිවට උප්පර වැට්ටියක් බවයි.

මෙම GSP+ සහනාධාරය අපේරටට ලබාදීමට නම් ඔවුන් විසින් පනවන කොන්දේසි වලට යටත් විය යුතුය. මින් ප්‍රධානම කොන්දේසිය වන්නේ විදේශීය නිරීක්‍ෂකයින්ට මෙරටට පැමිණ නිරීක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ලබාදීමය.

ඉතින් මෙම දේශද්‍රෝහියාගේ අරමුන වී තිබෙන්නේ , මොහු රජයට උදව් කරන්නට යන්නේ රටට තිබෙන ආදරයට නොව, GSP+ සහනාධාරය ලබාදීම සඳහා තිබෙන එක් කොන්දේසියක් වන විදේශීය නිරීක්‍ෂකයින්ව මෙම GSP+ සහනාධාරය හේතු කොටගෙන මෙරටට ගෙන්වාගෙන රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයට අත පෙවීමටත්, ත්‍රස්තවාදීන්ට එරෙහිව කරගෙන යන යුද්ධයට ඒ මඟින් බාධා එල්ල කිරීමත් බැව් පැහැදිලිය.

ඉතින් ඇත්තටම අපේ මේ බැරි බැරිස් දඟලන්නේ එක ගලින් කුරුල්ලෝ විසිපහක් විතර බිම දාගන්නයි.
1- විදේශීය නිරීක්‍ෂකයින් මෙරටට ගෙන්වා දැනට සිදුවෙන හමුදා මෙහෙයුම් බලපෑම් එල්ල කිරීම/අඩපන කිරීම
2- විදේශීය නිරීක්‍ෂකයින්ට රටේ අභ්‍යන්තර ගැටළු වලට මැදිහත් වීමට මං සලසා දීම
3- තමන් සද්භාවයෙන් යහපත් ක්‍රියාවකට අර අඳින බව ජනතාවට ඒත්තු ගැන්වීම
4- රජය විසින් මෙම අවස්ථාව පැහැර හැරියහොත්, රජය අපහසුතාවයට ලක් කිරීම

විදේශීය නිරීක්‍ෂකයින් මෙරටට කුමන අයුරින් හෝ රිංගාගෙන දැනට සිදුකෙරෙන යුද මෙහෙයුම් වලට මැදිහත් වීමට කැස කවමින් සිටියද ඔවුන්ට මෙතෙක් ඒ සඳහා රජයෙන් කිසිදු අවකාශයක් ලැබුනේ නැත. තවද, මේ දක්‍වා පැමිණි විදේශීය නිරීක්‍ෂකයින් මෙරටට පැමින කල කී දේ සහ , පසුව ඔවුන් විසින් නිකුත් කරුන ලබන වාර්තාවවන්හී පරස්පර බව සහ කොටි හිතවාදී බව මොනවට පැහැදිලි වී ඇත. එවන් තත්වයක් තුල වරක් එල්ටීටීයට රට පාවා දුන් රනිල් නම් දේශද්‍රෝහියා මෙවරත් කිසිම හිරිකිතක් නැතුව කැසකවන්නේ කලින් කරුනු ලැබූ අන්දමේම තවත් පාවාදීමකට බව නොරහසකි.

කැස්ස අත්තනායක , අකිල සහ වජිර බඩවර්ධන සහ බැරි බැරිස් කියන ඕනෑම ගොන් කතාවකට එහෙයි කියන ඔහුගේ ඌඑන්පී අම්බරුවන් රැලට මෙම තකතීරු වහන්සේ කරන්න යන හදිය නොපෙනුනද, රටේ පොදු ජනතාවට නම් මොහු තප්පුලන්නේ කුමකටද යන්න අවබෝධ වී තිබීම සිංහලයින් වන අපට යම් තරමක සැනසිලිදායක කරුනකි.

බැරි බැරිස්ගේ ගොන් රංචුවට මෙවැනි පුන්නක්කු ලබා දී ඔහු පොර වූවද ජනතාවට මෙවැනි පුන්නක්කු කැවිය නොහැකි බව අපේ චුවින්ගම් මුදියන්සේලාගේ බ්‍රේස්ලට් මාමා දැන්වත් තේරුම් ගත යුතුය.

*රජය = අබිලික්ලන්තයේ ආණ්ඩුව

Does Open Source Suck ?

Posted October 22, 2008 by rain king
Categories: technology

Tags: ,

I thought of writing this blog in English to address misleading information provided at http://www.timeseye.net/2008/01/why-open-source-sucks.html in regard to open source technologies. The given weblog doesn’t contain any valid arguments but some inexperienced bullshitting which indicates lack of industry experience at a higher level. The author should back what he has written with valid *facts* instead of talking nonsense/gossips. The first seven paragraphs are ignored for I don’t see he has written anything meaningful to back the $subject.

I have highlighted that authors statements in red while mine keeping it in black:

He says “There are some people who talk highly about open source; most of them hate commercial software and the wealth they have massed from it.”

This is a funny statement. Whom does he refer as “There are some people” ?? The people he met on the streets ? What’s his background to declare such a bullshit statement ? to prove he’s an idiot ? What’s the yardstick been used to measure the term he has used “some people” ? who are they ? from where are they come from ? what’s their IT background ? how did you select those people ? rubbish! So let me answer some of the other newbie questions he has raised.
——————————————————————————————————————————————-
“open source world doesn’t realize is that windows actually works, just double click on a program to install click next, next , agree, finish, that’s all, no need to worry about it afterwards. No need to spend 10 hours reading documentations before installing something.”

For a moron like you, perhaps, it will take more than that. I installed Gentoo Linux in 2004 from the source code, not from the binary. The given documentation is excellent!! It took less than 2 hours for me to compete the installation from the source code. But there are many Linux distributions where you can do ‘click button installation”. Windoez had a character based installer until vista, where as Linux having a rich GUI driven installation since 1999-2000 (which is the time I switched to Linux).

Ok, now coming back to the question, why the heck I had to install Gentoo from the source code ? The answer is, I don’t want to install unnecessary components and their dependencies on my machine. It is because dear moron, each component you install on your machine consumes hard disk space and resources, so why the heck I install the software or components which I don’t want to run on my machine, which eats up resources? I could install one of the latest Linux distributions on a 486DX2 machine on a 200MB HDD, with a GUI. Also I can show you Apache WS running on that machine. Can you do this with your vista ? What’s the minimum RAM required for vista ? and why ? My Fedora 8 consumes just ~130MB on those given laptops, while running MySQL, SSHD, FTPD and Apache.

The beauty of Linux is the low level customization it offers, where you can eliminate unwanted components and their dependencies to make your operating system the way you want it to be. This results in offering a higher speed with optimal performance. Again, operating system(s) and software are contextual , it differs from a person to person from their usage and requirements. I’m a middleware application developer as well as an end user.

Right now, i’m using two laptops, Dell XPS 1330 (2.2 GHz 800 FSB 4MB Cache ++) and Lenovo T 60 (Same as Dell, 2.2 GHz 800 FSB 4MB Cache ++) both running on Fedora 8. I’ve got my fingerprint reader, web cam, card reader wireless, USB 3G modem working.. you name it.. everything work fine.. so where’s the problem this dolt highlights ?

You can’t drive a car without a valid driving license, which is the basic requirement to drive a car. For everything there’s a minimum requirement so as for a Personal Computer also to use Linux. The skills you’ve got to ride a push bike won’t help you to drive an Audi A6, you need skills my friend. So the dumb skills you have on windoez won’t help you to work on such sophisticated Linux environment. You need to brush up your skills and scale up, you can’t blame a technology saying it’s hard so because you’re dumb. Further, Windoez didn’t have a GUI driven installation until Vhizta_sucks, where as Linux boasts this since 1999-2000.

When you’re using windoez, the upgrade process is a PITA. Why do you have to upgrade the entire installation ? why can’t you just upgrade the kernel ? The various packaging mechanisms introduced in Linux helps you to install/upgrade any specific library without worrying much.

——————————————————————————————————————————————-
“The best example is Google. They have developed a way to offer lots of free services while earning considerable amount of money for future researches and developments. Free means, no money, lack of resources, no innovation and no progress.”

Moron, do you know the technologies what google uses ? I know you’re stupid, but how you show up that you’re stupid is my concern. If you don’t know, ask, without bullshitting and misleading the general public. Google, Yahoo, Amazon are very good use cases for FOSS technologies. In 2001-2002 google tried to replace their MySQL servers with one of the popular closed source products, but the end results convinced them to stick to MySQL. I’ll leave you to find-out more about GWS (Google web server) and the operating system they use as an assignment to improve your general knowledge on these areas. Again, their code base is Python and Java mostly, which are again Open Source. :D

——————————————————————————————————————————————-
“Most open source software’s collapse at the end simply because they don’t have enough money or resources to plan themselves for the future.”

Can you name a few please ? what do you mean as “most open source software” ? What’s the composition of the “most” to which you’re referring to ? Dude, Open Source is the future, as you can see, more and more Closed Source products are becoming open source, ie Java, Solaris .. and many on the pipeline. What do you have to say on the success of Fire Fox ? Don’t you know that m$ was running their hotmail server up until very recent (2005-2006) on a unix system ? :D

——————————————————————————————————————————————-

“The problems with open source programming I s that they only think about programming but not about user friendliness or the interface.”

Windoez got the worst UI design. You can have just one workspace in windoez, you don’t have multiple workspaces like in Linux. But again this is contextual, we know what most of the kids who pee in their pants ask for .. a fancy , decorated UI. I know what you mean, with rose and pink colored buttons .. hmm gotcha .. we don’t have such a pu**y UI in Linux, sorry. ;)

——————————————————————————————————————————————-
“When you use open source software, if you encounter even a simple problem, you may have to read through 100 of documents and user forum until you find a solution.”


Yes you need to do this when you haven’t done your “home work” first, first you need to RTFM. ;) Can you point any bad documentation as such ? Open Source products got the best breed of documentation. Just don’t say things for your lack of awareness… “prove” with facts. (I’m talking about system level software, *not* application level stuff..ie Joomla, . again.. do you need a detailed document with instructions on how to open a bottle of coke ? ;) .. grow up )

——————————————————————————————————————————————-

“Can we play video games in Linux or Ubuntu?”


Yes you can, this is becoming popular little by little. You can’t play all the games, which is true for the focus on Linux is not to provide and entertain those who pee on their pants to play games.. PCs are not made to play games… but designed and develop for a far better purposes. When the first PC was design developed , they didn’t developed an entertainment box but a machine to do far better things. If you want to play games, go and buy a play station, which is meant to play games.. or an X-Box. Use the right tool for right purpose.

——————————————————————————————————————————————-
“Since so many developers may join and leave the project, it may take a lot of time for a new guy to join the ongoing project and contribute efficiently.”


If the new guy joining the project is a moron like you, sure.. it will take sometime .. but at the other hand, if someone joins an ongoing project, it takes time for that person to get familiar with the business logic and to get the domain specific knowledge in regard to the application you develop, this is quite common for any given project.

——————————————————————————————————————————————-
“Check the speed of windows XP vs Red Hat Linux


Yes we have checked and convinced, so were using Linux. If your god damn windoez is so powerful, can you show me just ONE success story on windoez…? if windoez is so fascinating as you think… why the heck Amazon, Google and Yahoo are using it and they have succeeded in what they do ? Do you know what’s the operating system which New York Stock Exchange runs on ? it’s Red Hat Linux ;) http://www.redhat.com/videos/

——————————————————————————————————————————————-
“Most of the open source software guys has strong tendency to refuse to learn anything from commercial rivals”


This shows your stupidity and lack of awareness on things.. this should be other way around, are you an IT lecturer ?? This thun kootiyka devi dewathaawunge pihitai .. for the students learn from you.. :D

——————————————————————————————————————————————-
“If some one found a security hole in windows Vista, it would be on the news because there is some one to take responsibility, and there will be an immediate action taken from Microsoft. But if it happens in Open Source software, it’s just a coding glitch, that’s all, no urgency to correct it, that’s obvious; they don’t get paid for that.”

Windoez vhista has many security holes… when windoez 2000 was released, F-Secure guys caught over 10,000 security vulnerabilities in windoez 2000 and they were ready to help m$ to fix them, but m$ said.. they have better engineers to do it.. but sadly, m$ managed to fix just 500 odd fixes .. On most of the FOSS software, you don’t find such security issues for they have been tested by millions of users.. and if they encounter any, they fix them immediately and put the fixes on the upstream.

Again, FOSS softwares have a rapid development cycle with frequent releases, patches and updates .. so you’d get these fixes quite faster.. maybe in a couple of days. for the FOSS developers actively work on those. Further, if you found a serious problem, you can directly communicate with the FOSS developers on IRC, where as in m$ you can’t go near their asses. Since you’re too dumb to understand…I’d like to ask the duration which m$ took to release vista service pack1.. and how many days they delayed it..?? so now you have a better understanding who’s fast and responsive.

——————————————————————————————————————————————-

Kind request to the author of http://www.timeseye.net/2008/01/why-open-source-sucks.html blog.
——————————————————————————————————————————————-
Be responsible for what you write. If you don’t know something please ask. When you comment on things which you don’t know like what you have done on your blog leaves a bad impression on Sri Lankans. The people might think that the Sri Lankans are dumb morons, when you write baseless allegations on FOSS, without backing them up with valid facts.

Finally, I haven’t done any low level technical compare and contrast stuff between these two entities, since the author of timeseye doesn’t seem to be a good developer or a technical person at any capacity, which is proved far beyond with his infantile arguments. Those who read this blog may be the judge between these two lines. Please accept my sincere apology for writing a long blog again in English… Have a great day guys!

සමීර ද අල්විස්ගේ XAurora මුලාව

Posted October 20, 2008 by rain king
Categories: Dr. Sameera De Alwis, Internet, deceivers, technology, web browsers

Tags: , , , ,

තමන්ම අචාර්ය යැයි කියා ගන්නා අචාර්ය සමීර ද අල්විස් විසින් ලොව වේගවත්ම වියුණු සැසිසරනය (web browser) නිපදවා ඇති වග පසුගිය දිනක අසන්නට ලැබුනා. XAurora ලෙස නම්කර තිබෙන මෙය ලොව Assembler බාවිතා කර ශ්‍රී ලාංකිකයකු විසින් කල අනිඟිභවනීය නිර්මානයක් ලෙස බ්ලොග් අඩවියකද සඳහන්ව තිබුනා. එනමුත් තාක්‍ෂනිකව මෙන්ම සාධකමය ලෙස කරුනු කාරනා සොයා බැලීමේදී පසක්වූ කරුන නම් මෙය සමීර ද අල්විස් විසින් කර තිබෙන විලි ලැජ්ජා නැති අශිෂ්ඨ ප්‍රෝඩාවක් බවයි.

සමාජ පද්දතිය දූෂ්‍ය වූ විට ඒ හා සම්බන්ද අනෙකුත් දාමයන්ද දූෂ්‍ය වීම සාමාන්‍ය දෙයකි, මෙය අප සමාජයේත් දකින්න ලැබෙන සත්‍යයකි. ලාංකීය සමාජය දේශපාලුවන් විසින් කොපමන දූෂ්‍ය කර තිබුනද, එය මෙතෙක් තොරතුරු තාක්ෂණ වේදීන් දක්වා සංසරනය වී තිබුනේ නැත. එනම්, බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් ජීවත්වන තාක්‍ෂන වේදීන් (සැලකිය යුතු ප්‍රමාණයක්) මීට පෙර මම දැක තිබුනේ නැත. නමුත් මෙම සමීර ද අල්විස්ගේ ආගමනයත් සමඟ පසක් වී යන කරුන නම්, මේ සමාජ ගත පිලිලය, තාක්‍ෂණ වේදීන් වෙතද පැමින ඇති බවයි.

ඉතා කෙටියෙන් සරලව ඔහු විසින් කර තිබෙන ප්‍රෝඩාව සඳහන් කරන්නේ නම්, ඔහු විසින් කර තිබෙන්නේ Internet Explorer හී Rendering ඇන්ජිමට ජංගි කොටයක් ඇන්දවීමය. දැන් දැනගන්නට තිබෙන අලුත්ම තත්වය නම් එම අන්දවා තිබෙන ජංගි කොටයද අනුන්ගෙන් සොරා ගත් එකක් වීමයි. එනම් ඔහි විසින් කර තිබෙන්නේ Maxthon හී කොටස් කිහිපයක් වෙනස් කර XAurora ලෙස එලි දැක්වීමය. මෙය ඉතාමත් සැකෙවින් ප්‍රසාන් විසින් විග්‍රහ කර තිබෙන හෙයින් ඒ සම්බන්දව විස්තර ලිවීමට බලා පොරොත්තු නොවෙමි.

Importantly, this Sameera de Alwis doesn’t have any facts or benchmark results to back his lie to claim this IE clone is the fastest browser. He should back his lies with facts, not with blah blah blah crappy stories. :D This moron is a disgrace for genuine Sri Lankan engineers like Kalum Somaratna, (the guy who invented Prozilla., Linux download accelerator)

මොහු විසින් අචාර ධර්මයන්ට පටහැනිව කර තිබෙන මුසාවන්, මොහුගේ Presentation එක සහ මොහු විසින් ප්‍රකාශ කර තිබෙන සහ සඳහන් කර තිබෙන සාධක තුලින් සඳහන් වන්නේ මොහු “නමක්” සාදා ගැනීමේ බලවත් මානසික අහසනයකින් පෙලෙන බවයි. මෙම ඇස් බැන්දුම් XAurora ලේබලය ඇලවූ Maxthon වියුණු සැරිසරනයට ICTA ආයතනය මගින් ප්‍රතිපාදන සපයන බව සඳහන් කර තිබුනද, ICTA ආයතනය මෙය ප්‍රතික්‍ෂේප කර ඇත. (ICTA ආයතනය මෙවැනි විගඩමකට මුදල් සපයා තිබුනද, පුදුම වන්නේ නැත, මක්නිසාද එහි ක්‍රියාකාරීන්ගේ කෙරුවාව මේ වන විට අපට පසක් වී තිබෙන හෙයිනි )

මොහු විසින් ඔහුගේ නමට අදාලව ලියා තිබෙන ඉංගිරිසි හෝඩියේ අක්‍ෂර ගැනද සැකයක් මතු වෙයි. එහි ලියා නැත්තේ CTB, CGR, DDT, IRC, OIC, SSP, DIG, ATM, SET, CAT, PET සහ BOC යන අංග පමනි. ඔහුගේ නමට ඉදිරියෙන් තබා තිබෙන තොරතුරු සත්‍ය නම්, ඔහුගේ නම Google මඟින් සොයන විටදී යම් ප්‍රතිඵලයන් ලබා දිය යුතුය, එහෙත් එය එසේ සිදු නොවේ.

නිර්මාන සොරකම සහ අනුන්ගේ නිර්මාන වලට අයිතිවාසිකම් කීම නැමැති රෝගය තොරතුරු තාක්‍ෂණය දක්වා පැතිරයාම ඉතාමත් දුක්ඛිත තත්වයක්. ලාංකිකයින් විසින් අන්තර්ජාතික තොරතුරු තාක්‍ෂණ ජාලය තුල තම අනන්‍යතාවය සහ ශ්‍රී ලාංකේය බව සනිටුහන් කර තිබෙන්නේ ඉතාමත් වෙහෙස මහන්සීවී බොහෝ කැප කිරීම් මධ්‍යයේ කරන ලද අප්‍රතිහත ක්‍රියාවක ප්‍රතිඑලයක් ලෙසිනි. වසර 2000-2001 දී පමණ ශ්‍රී ලාංකීයයන් විසින් නිමවා තිබෙන ඇතැම් වැඩහටහන් මිලදී ගැනීම සහ ඔවුන් ලවා යම් කාර්යයක් ඉටු කරගවා ගැනීමට බොහෝ බටහිර රටවල් මැලි වූහ. අපේ රටේ තිබෙන CMM Level 4 Certified එක්තරා ආයතනයක් මෑතක් වන තුරුම එම ආයතනයේ අනන්‍යතාවය (ශ්‍රී ලාකික බව) තම නිශ්පාදන තුලින් හෙලි නොකිරීමට වග බලාගත්හ.

ශ්‍රීලාංකිකයින් තම ශ්‍රී ලාංකේය බව අන්තර්ජාතික මට්ටමට රැගෙන ගොස් තිබෙන්නේ මෙවැනි වටපිටාවක් තුලය, එනමුත් මේම තත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම, සමීර ද අල්විස් වැනි අමනයන් විසින් කරනු ලබන මෙවැනි රැවටිලිකාර ප්‍රෝඩාවන් නිසා අර්බුදයට සහ හැල්ලුවට ලක්වීම නොවැලක්විය කරුණකි. එබැවින් මොහුගේ සැබෑ නිරුවත හෙලිදරව් කිරීම සැබෑ ශ්‍රී ලාකේය තොරතුරු තාක්‍ශණ වේදීන්ට සහ රටට කරන සේවයකි එමෙන්ම ඉදිරියේදීත් මෙවැනු තකතීරු කම් කිරීමට බලා සිටන හෝතඹුවන්ට හොඳ පාඩමකි.

මෙම අලුත් ආචාර්ය තුමා සහ අපේ ආචාර්ය මැරවින් සිල්වා අතර සමානකම් බොහොමයක් වෙයි. එනම්, දෙදෙනාම ආචාර්ය වරුන් වේ, දෙදෙනාම කරන්නේ මිනිස්සුන්ව තමන්ගේ මට්ටමට ගෙන ඒමය, එනම් ගොනාට අන්දවන්න උත්සහ කිරීමය. එහෙත්, මේ වෙනතෙක් එම කාර්යය කිරීමට මෙම දෙදෙනාම සමත් වී නැත, ඒ අන් කිසිවක් නිසා නොව මා මීට පෙර සටහන් කල පරිදි සිංහලයින් බුද්ධියට ඉඩ දී තර්කානු කූලව සිතන හෙයිනි.

තවද, මොහු විසින් සඳහන් කර තිබෙන කරුණු කාරනා වලට අනුව මොහු නියම තාක්‍ෂණ වේදියෙකු ලෙස මා නම් පිලි ගන්නේ නැත. මොහු විසින් කර තිබෙන සහ ප්‍රකාශ කරතිබෙන කරුණු කාරනා වලට අනුව මොහු වඩාත් සුදුසු වන්නේ ගජබින්නාලංකාරයේ කතෘ කමට විනා අන් කවරකටවත් නොවේ.


What the heck this “Reverse Engineering” ?
සාමාන්‍යයෙන් යම් වැඩසටහනක් Reverse Engineer කරනු ලබන්නේ, එම වැඩසටහනට යලි ජීවයක් ලබා දීමට නම් නොවේ. බොහෝ විට යම් වැඩසටහනක් Reverse Engineer කරනු ලබන්නේ යම් දෙයක් “අලුතෙන්ම” නිර්මානය කිරීමට සූදානම් වන විට (when you want to build something from the scratch), පරණ වඩහටහනින් උගතහැකි යම් සැකැසමක් තිබේදැයි සහ එය සකස්කර තිබෙන්නේ කුමන ආකාරයකට කුමන Concept එකක් සහ Design Pattern එකක් භාවිතා කර තිබෙන්නේද යන්න දැන ගැනීම සඳහා සහ පැරණි වැඩසටහනේ Design එකේ තිබෙන තිබූ අඩුපාඩු සහ අලකලංචි , අලුතින් ඉදිකරන වැඩසටහනේ නොකරන්නට වග බලාගැනීමට වේ.

උදාහරණයක් ලෙස, පරණ ගොඩනැගිල්ලක් වෙනුවට අලුතින් මහල් නිවාස සංකීරණයක් ගොඩ නගන විට , පැරනි ගොඩනැගිල්ල “ක්‍රමානු කූලව” කඩා එහි සැකිල්ල සහ එහි සංයුතිය විශ්ලේශණය කිරීමෙන්, ඉදිකිරීමට යන නව ගොඩ නැගිල්ල සෑදීමට අවශ්‍ය වැදගත් කරුණු සහ දත්ත රාශියක් සොයා ගැනීමට පුළුවනි. එනම් පැරනි ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් සඳහා භාවිතා කර තිබෙන කම්බි වර්ගය, එහි ඝණකම.. උදාහරණ ලෙස දැක්විය හැක.

සාමාන්‍යයෙන් නිසි ලෙස වැඩසටහනක් Reverse Engineer කිරීම ඉතාමත් කාලය වැය වන කාර්යයකි. මෙය 1980 දශකයේ සහ 1990 මුල් භාගයේ ජනප්‍රියව පැවතුනද මේ වන විට SDLC (Software/Systems Development Life Cycle) මෙන්ම අභාවයට ගිය ක්‍රම වේදයකි. මීට මූලිකම හේතුව වන්නේ, Reverse Engineer කිරීමට ගත වන කාලයත්, Reverse Engineer කර ලබා ගන්නා තොරතුරු, ඒ සඳහා යොදා ගන්නා කාලයට සහ වියදම් වන සම්පත් වලට සාපේක්‍ෂව ඉතාමත් අල්ප වීමත්ය. තවද Reverse Engineer කිරීමට යන කාලය මනාව කලමණාකරනය කලහොත්, එම කාලය තුලදී අලුතෙන් නිපදවන වැඩසටහනේ හරි අඩකටත් වඩා නිම කල හැක.

එහෙයින් Reverse Engineering යනු දැනට එතරම් භාවිත නොවන ක්‍රම වේදයකි. මොහු සඳහන් කර තිබෙන පරිදි මොහු Reverse Engineering Consultant කෙනෙකු නම් , මොහු සිටිය යුත්තේ අතීතයේය, එනම් 1980 දශකයේය. වර්තමානයේ තිබෙන අභියෝග වන්නේ අනෙකුත් තරඟකරුවන් අභිබවා කඩිනමින් නිර්මාණ කර එලි දැක්වීමය එහෙයින් වර්තමානයේ Reverse Engineer කරන ආයතනයක් දැකීමද උගහටය.

Further reading :
Software Engineering by Ian Sommerville
Kalinga’s blog http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

අබා චිත්‍රපටිය වෙනුවෙන් තප්පුලෑමට මී ගවයින් කිහිප දෙනෙකු උවමනා කර තිබේ

Posted September 14, 2008 by rain king
Categories: arts, movies

Tags:

ජැකාගේ අබා සිනමා නස්පැත්තිය

මේ දිනවල අබා චිත්‍රපටිය සම්බන්ධයෙන් වඩා පුළුල් කතිකාවක් ගොඩනැගෙන මේ මොහොතේ, ඒ සම්බන්ධව ලිවීමට සිත්විය. අබා ගැන ඉතිහාසය, සිනමාව තාක්‍ෂනය සම්බන්ධව අල්ප මාත්‍රයක හෙෝ දැනුමක් නොමැති “අපතයන්” සහ “හාල් පාරුවන්” අතිශෙෝක්තියෙන් යුතුව පාරම් බාන හෙයින් මේ සම්බන්දව විවරණය කිරීමට අදහස් කලෙමි.

අබා කතා වස්තුව:
——————
අබා චිත්‍රපටිය තුලින් මෙහි ඉතිහාසගත කතා වස්තුවට හා ජන විඤඥාණයට කර ඇති හදිය නිලක්‍ෂ විසින් සිංහල යුනිකෙෝඩ් සමූහය තුලදී ඉතාමත් නිරවුල්ව සහ පැහැදිලව පෙන්වා දී ඇත. මෙය තවදුරටත් ඉදිරියට ගෙනයමින් උඩවත්තගේ ධම්මික සහ මාලින්ද අදහස් දක්වා තිබෙන හෙයින් ඒ සම්බන්ධව වැඩි යමක් ලිවීමට අදහස් නොකරමි. මාගේ මෙම ප්‍රයත්නය එකී කතිකාව තුල සාකච්ඡාවට බඳුන් නොවූ මාතෘකාවන් සාකච්ඡා කිරීමය.

සාරංශගත ලෙස කිව හැක්කේ, ජැක්සන් ඇන්තනි විසින් අබා පුරාණ කතා වස්තුව තමන්ගේ මතවාදය ඒ තුලින් ව්‍යාප්ත කිරීම සඳහා ගණිකා වෘත්තියේ යොදවමින් අපේ ඉතිහාසය ඔට්ටුවට තබා නිරුවතින් බුරුවා ගසන අන්දමත් තවත් බූරුවන් රැලක් ඒ වෙනුවෙන් කඩේ යාමට කැස කවන ආකාරයත්ය. ඉතිහාසය ගැනවත් අපේ ජන විඤ්ඥානය ගැනවත් හාංකවිසියක් නොදන්නා මෙම අමබරුවන් රැල කරන හදිය ජාතියක් ලෙස ගත් කල තත්වය ඉතාමත් ශෙෝඛජනකය.

අබා කතා වස්තුව සම්බන්ධයෙන් තිබෙන විවේචනයන් පහත සබැඳියන්ගෙන් ලබාගත හැක:

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/f8a8b6d29169b37e?hl=en

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/f114706a50116515?hl=en

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/1f5675d667f442eb?hl=en

තාක්ෂණය
————
මෙහි ඇති තාක්‍ෂණය ගැන කිහිප දෙනෙකු තප්පුලෑවද මටනම් පේන්න තිබෙන විශේෂ තාක්ෂනයක් මෙහි නම් දැක නැත. හද්දා පිටිසර ගමක ගොවි මහතෙකුට ලැප්ටොප් එකකින් 3G මොඩමයක් භාවිතා කර අන්තර්ජාලය තුලින් බුදුසරණ පත්‍රය පෙන්වූවහොත් එය ඔහුට ගම දෙවනක් කිරීමට තරම් වන විශ්මය ජනක කරුනක් වූවද, අන්තර්ජාල වෙබ් පිටු ප්‍රකාශයට පත්කරන වෙබ් සේවාදායකයන් නිපදවන අයකුට එස සාමාන්‍ය දෙයකි. අබා හී තාක්ෂනය ගැන තප්පුලන මීගවයින් රැල සම්බන්ධයෙන්ද කිවීමට තිබෙන්නේද මෙයයි.

මෙහි යොදාගෙන තිබෙන තාක්‍ෂනය ඉතාමත් ප්‍රාථමික අවදියේ පසුවන බව අබා චිත්‍රපටය තුල මොනවට පැහැදිලිවෙයි. නිර්මාණශීලී බෙලහීන කමින් පෙලෙන ජැක්සන් ඇන්තනී මෙම සිනමා පටය ගොඩනැගීමේදී බටහිර චිත්‍රපට කිහිපයක් අමු අමුවේම නිරුවතින් කොපි කර තිබුනද, අවම වශයෙන් ආලෙෝකකරනයවත් නිසියාකාරව කලමනාකරනය කිරීමට අපොහොසත්වී තිබෙන බැව් ප්‍රතමයෙන්ම මාහට අවබෙෝධ වූ කරුන විය.

මෙහි Lord of the rings, (Dumb) Harry Potter සහ ක්‍රිස්තු චරිතය අමු අමුවේම කොපිකර තිබුනද, ආලෙෝක කරනය සහ කැමරාකරනය නිසියාකාරව කර නොමැතිබව හොඳින්ම පෙනෙන්නට තිබෙන කරුන විය. මෙම චිත්‍රපටය නිපදවීමට ඉස්තරම් උපකරන භාවිතා කරන බව මීට පෙර සඳහන් කර තිබුනි. කෙතරම් ඉස්තරම් උපකරන සහ මෙවලම් භාවිතා කලද, එම උපකරනවල පිටුපස සිට ඒවා මෙහෙයවන “අය්යලාට” ඒ උපකරන භාවිතා කරන්න දන්නේ නැත්නම්, චිත්‍රපටය “අල” වීම සාමාන්‍ය දෙයකි. මෙහි සිදුව ඇත්තේද එයයි.

ජැකා ඇතුලු නඩය 60 සහ 70 දශකයේ චිත්‍රපට දුසිමක්වත් අවම වශයෙන් බලා කැමරාකරනය, ආලෙෝක කරනය සහ විත්‍රපට කරනය පිලිබඳව මීට වඩා දැනුවත් විය යුතු බව මෙහෙදී උගන්වන පාඩම වෙයි. මනා තාක්‍ෂනයක් නොමැති 60 සහ 70 දශකයේ බොහෙෝ චිත්‍රපට, අවම පහසුකම් සහ තාක්‍ෂණය මධ්‍යයේ ප්‍රශස්ත මට්ටමින් නිමවා තිබීම අප සතුව එකල සිටි තාක්‍ෂණවේදීන් සතුව තිබූ දක්ෂතාවයන් සඳහා වන කදිම නිදසුනකි.

නලු නිලියන්:
—————
වීර අබාගේ චරිතයට කැහැටු පඟර නැට්ටකු යොදාගනිමින් ජැකා කර ඇති විගඩම, මෙම චිත්‍රපටය බටහිරයන් ඉදිරියේ හාස්‍යයට ලක්කිරීම සඳහා හිතාමතාම කරන ලද්දක් දැයි මට වරක සිතේ. මන්දයත්, මෙම චිත්‍රපටිය තුලින් ජැකා ඉටු කරගැනීමට බලා පොරොත්තු වන යටි අරමුන වන්නේද අපේ ඉතිහාසය බන්දේසියක තබා අතුරුපස ලෙස බටහිරට විකිනීමය. අබා චිත්‍රපටයේ Gandalf ගේ චරිතයට පනපොවන රවීන්ද්‍ර රන්දෙනිය, දඩයම චිත්‍රපටයේ රඟපෑ රවීන්ද්‍ර රන්දෙනියමද යන සැකය ඉස්මතු කරමින් මෙම අනුකරන චරිතය තුලින් තමන්ගේ අනුකරන දක්‍ෂතාවය එලි දැක්වීමේ අසාර්ථක උත්සහයක නිරතව සිටී.

කිසිම දිනක චරිතාංග රංගනයක් නිසි ලෙස කර නොමැති, කලින් සීනිබෙෝල චරිත රඟපෑ දැන් ලොං හැලී වයෙෝවෘද්ධව සිටින නිලියන් දෙදෙනෙකු වන මාලනී සහ සබීතා මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන තිබීම ගැනද මම පුදුම නොවන්නෙමි. මාලනීගේ චරිතය වෙනුවට සුමනා ගෙෝමස් හෙෝ සබීතා වෙනුවට අනූෂා සොනාලිව යොදාගත්තද, එයද පුදුමයට කරුනක් නම් නොවෙයි, මන්දයත් ජැකාගේ අරමුන වූයේ විශිෂ්ඨ චිත්‍රපටයක් කිරීම නොව, තම මතවාදය ඉදිරයට ගෙනයාම සඳහා බටහිරයින් පිනවීමට අපේ ඉතිහාසය හෑල්ලුවට ලක්කිරීමය.

ක්‍ෂනික පපඩම්, ක්‍ෂනික ඉඳි ආප්ප පිටි, ක්‍ෂනික කුරක්කන් පිටි මෙන් ක්‍ෂනික නලු නිලි බට්ටන් පැටව් ගසා ඇති යුගයක, ජෙෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි ආදී රංගනයෙන් කෙල පැමිනියවුන් අපසතුව දැන් නොවුනද මොහු තෙෝරාගෙන තිබෙන අපතයන් රැලට වඩා දක්‍ෂතා වලින් හෙබි නලු නිලියන් මේ සතුව යොදාගත හැකිව තිබිනි. එහෙත් මෙවැනි අසාර්ථක නාඩගමකට ගැලපෙන්නේද මෙහි තොරාගෙන තිබෙන “හාල් කෑලි” පමණක්ම බැව් කිව යුතුමය.

ජැකා කලයුත්තේ කුමක්ද?
————————-
ජැකා විසින් කල යුත්තේ අපේ ඉතිහාසය සමඟ බූරුවා ගැසීමට ගොස් “නා ගැනීම” නොව තමන් අදාල කණ්ඩායමේ අය එරී තිබෙන මඩ ගොහොරුවෙන් එලියට ඒමට උපාකාරී විය හැකි චිත්‍රපටයක් නිර්මානය කිරීමය. එනම් මං මුලාවී සිටින රෙෝමානු කතෙෝලික ජනයාගේ ඇස් පෑදීම වෙයි. අවශ්‍ය කරුණු ලුහුඬින් මෙලෙස සටහන් කල හැක:

1) කන්‍යා මරියා මිත්‍යාව
කතෙෝලිකයින්ට අනුව මරිය තුමිය අවසන දක්වාම කන්‍යාවියකි, නමුත් ඔවුන්ගේම ශුද්ධ බයිබලයට අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසුව ඇස සාමාන්‍ය ස්ත්‍රියක් ලෙස යෙෝසෙප් සමඟ විවාහ වූ අතර, යෙෝසප්ට දාව දරුවන් කිහිප දෙනෙකුද ප්‍රසූත කර , මවක් ලෙස කටයුතු කලාය. ඉන් සමහරක් යේසුස් වහන්සේව ඇතැම් අවස්ථාවන්හීදී උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිලි ගත්තේද නැත (From the Bible: John 7:1-5). යේසුස් වහන්සේ කිසිම තැනක මරිය තුමියට “මව” ලෙස ආමන්ත්‍රනය නොකල අතර, උන්වහන්සේ ඇයව ආමන්ත්‍රණය කලේ “ස්ත්‍රිය” (woman) ලෙසය (From the Bible: John 2:4). මෙය හේබ්‍රව් සහ KJV, NIV වෙලුම් වල නිසි ලෙස සටහන් ව තිබෙන නමුත් කතෙෝලික බයිබලයේ පමනක් එය විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගෙන ඇත. (කතෙෝලිකයින්, තමන්ට අවශ්‍ය ලෙස බයිබලය සකසාගෙන තිබෙන බව පෙර වදනින්ම සඳහනා කර ඇත)

2) පූජක පැලැන්තිය
බයිබලයට අනුව, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිනිමෙන් පසුව , පූජක පැලැන්තියේ අවසානය සිදුවිය. යමෙක් පූජකයෙකු වන්නේ නම් ඒ තැනැත්තා ලෙවී වංශිකයකු විය යුතුය. තවද, පූජකයා යනු පූජාවන් ඔප්පු කරන තැනැත්තා වෙයි, පූජාවන් යනු බොහෙෝ විට සතුන්ගේ දවන පූජාවන් වේ, එහෙත් කතෙෝලික පූජක පැලැන්තිය ඔවුන් විසින්ම නිර්මාණය කරගත් තක්කඩි රැලක් බව බයිබලය විසින්ම පෙන්වා දෙනු ලබයි. (From the Bible: Hebrews , chapters 7-10)

3)රූප වන්දනාව
බයිබලයට අනුව රූප වන්දනාව සපුරා තහනම් වෙයි, එනමුත් කතෙෝලිකයින් කරේ තබාගෙන රූප වන්දනාව කරනු අපට දකින්නට පුලුවනි. (Psalms chapter 115, Revelation 21:8)

4)ශාන්තු වරයින්
බයිබලයට අනුව, දෙවියන්වහන්සේ හැරුන විට ස්වර්ගයට කිසිවකුත් පැමින නැත සිටින්නේ දෙවියන් වහන්සේ පමනි (From the Bible: John 3:13) . නමුත් කතෙෝලිකයන්, ඔවුන්ගේ පූජකයින් මිය ගිය පසු, වතිකානුවේ සිටින ඉහල පූජකයින් එකට එකතු වී ඡන්දයක් පවත්වා මියගිය පුද්ගලයාව ශාන්තු වරයකු ලෙස නම්කර ස්වර්ගයට පත්වීම් ලිපි යවනු ලබයි.

මේ සඳහන් කර තිබෙන්නේ කතෙෝලිකයන් ඔවුනගේම ධර්මෙෝපදේශකයා (යේසුස් වහන්සේ) ගේ ධර්මයට පටහැනිව එම ධර්මය වැරදි භාවිතයේ යොදවන අයුරුයි. ඉතින් ජැකා කල යුතුව තිබෙන්නේ මෙම මිත්‍යාවන්ගෙන් තමන්ගේ “කස්ටියව” බේරා ගැනීම සඳහා චිත්‍රපටයක් නිර්මාණය කර මංමුලාවී තිබෙන බටහිරයන්ගේ ඇස්පෑදීම මිස ඔව්නගේ කොන්ත්‍රාතුව කරේ තබාගෙන දරු මල්ලන්ද ඉදිරියට දමාගෙන හෙලුවැල්ලෙන් උම්බෑලා තම්පුලෑම නම් නොවෙයි. මක්නිසාද, සිංහල ජාතිය තර්කානුකූලව , තම බුද්ධියට ඉඩ දී සිතන හෙයින් ඔවුන්ව ඇන්දවීම (එක හරකෙක් දෙකෙක් ඇන්දුවද) ජැකා හිතන තරම් පහසු කාර්යයක් නොවන හෙයිනි.
- Flanker

my favorite politician – dr. marvain silva

Posted August 8, 2008 by rain king
Categories: comedy, politics

when it comes to our local politics, i have no other favorite politician than dr. maravin silva. i have put him on that slot due to the unique quality he has, which most of the sri lankans have failed to identify. sad but true.

we all know politicians are the curse for this country and we all know how stupid and dumb they are. but it takes time for us to understand their stupidity. you need to observe them for a while to understand how stupid and dumb they’re, for a period of time to put that stamp on them.

cbk is a good example, most thought she’s going to do something to the country(??), but ended up doing the worst damage in the entire history competing well with jr and premadasa. and it took SOME TIME for people to understand how stupid and dumb she is.

but with my favorite, you don’t have to consume time trying to identify who he is. for he calls him self that he’s a stupid idiot. which is the great quality i have seen in him, to nominate as my favorite politician. what’s missing in him is a tattoo on his forehead reading as “i’m an idiot”. imho, i don’t think that’s needed, for his actions speak on behalf of himself. further, he represents the bravery 2500 people who vote for him and doing the justice for them.

as a result of mastering the subjects of “Practical Stupidity” and “Concepts of a Donkey” during his day to day conduct in a well controlled manner, he achieved the well deserved PhD for that. being a relative of king dutu gemunu, he’s a devoted father for his children. his children have proved beyond any doubts that they’re following father’s footsteps, showing the same _great_ qualities.

you really don’t have to be surprised, if he claims himself to be a relative of buddha. for that’s what he is and the PhD is given for. finally, i’m proud to have him as my favorite politician for the given facts. keep going my friend!!

-rain king

bedshaped

Posted June 14, 2008 by rain king
Categories: arts

in general, i don’t listen to anything other than the coolest metal music. like Slayer, As I Lay Dying, Poison the Well, Opeth, Daath,HIM, Story of the Year, Slipknot, Anthrax ++

however, a few weeks back .. one of the sweetest ..beautiful (yeah, she’s like a super model) girls known to me, sent me this link.. of one oof kean’s on-stage performances… with a note saying .. ‘please give up heavy metals’. the conversation we had on music turned into a fierce argument and resulted in falling in love with one another.

(most of the arguments were carried out with a controlled + decent manner with a lesser number of “F”s. despite she giving up on this creature, things turned the other way around. ended myself being hooked by this track.)

i don’t find anything nice or rhythmic in this song.. this is just a dull track.. no feeling whatsoever .. but i like it . perhaps it’s for the fact that i got this from my loved one ? or have i become so stupid to listen to this kinda dull music ? just let me know if you guys find something on this

අලියාත් හරි හෙන්ඩුවත් හරි ඇත් ගොව්වට වෙලාව තමයි නැත්තේ

Posted May 26, 2008 by rain king
Categories: arts

මාසයක විතර පොඩි නිවාඩුවකට පස්සේ මම මගේ අළුත් ස්ථානයට පැමින, ගිය බදාදා ( 07-05-2008 ) තමයි සිංහල නිසි ලෙස ස්ථාපනය කරන්න හම්බ වවුනේ ඒත් ලියන්න වෙලාවක් හම්බ වුනේ නැහැ වැඩ ගොඩගැහිලා නිසා. ලංකාවෙ හිටපු අන්තිම දවස් කිහිපය තුල මගේ ZION (Dell XPS M1330) හී video card එකෙහි තිබු දෙෝශය මහා අල කලංචියක් බවට පත්වෙලා වැඩ කරන්නේ නැතිව තිබුනා. nVidia card එකේ තමයි දෙෝශය තිබුනේ, Dell පාරිභෙෝගික සේවාවට කතා කලාට පසු දිනම එහි දෘඪාංග විශේෂඥයකු පැමින අළුත් motherboard එකක් සවිකර වැඩේ ගොඩ දැම්මා. Dell පාරිභෙෝගික සේවාව ඉතාමත් හොඳයි, පැය 24 යෑමට ප්‍රථම මගේ ගැටළුව නිරාකරනය කර දුන්නා.

ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා, මේ දවස් වල ලංකාවේ මරු දේවල් සිද්ධ වෙන බව නම් දකින්න ලැබෙනවා, මේ අතර ප්‍රධානම වන්නේ ජොලි සීයා සඳහා වන තරඟයට ඉතාමත් ප්‍රවේගකාරීව පිටියට පිවිස මඤ්ඤං කෙලින අපේ සෙෝමචංශ අයියයි. බොහෙෝම සෙෝවාන් වෙච්ච ස්වරූපයට හිටියත් තමන්ගේ සැබෑ හිස් බව ප්‍රකට කරමින් මඩ ගසන ආකාරය හාස්‍ය දනවන කරුණක් වූවද ඉතාමත් නිර්ලජ්ජිත බවයි මට නම් හැඟෙන්නේ.

පසුගිය දින වල ලංකාවට ආධාර දෙන්න එපා කියලා ලෙෝකෙ වටේ ගිය රනිල් මාමාට චුවින්ගම් එකක් හප හප ඉන්න කොට අමුතුම සත්ව කරුනාවක් පහල වෙලා.. ගොඩක් දේවල් තියනවා ලියන්න.. මගේ backlog එක ඉවර වූ වහාම නැවත වැඩට බහිමු එහෙනම්. (ඒත් මෙහෙ වටේටම Pub සහ Night Clubs තියෙන ප්‍රමාණය අනුව , වෙලාව තියෙයිද කියන එකත් ප්‍රශ්ණයක්.  :D )