විනෝදය සැපයීම සඳහා වන රාජ්‍ය ආයතනය – ICTA
බොහෝ රාජ්‍යය ආයතන මඟින් ජනතාවට විනෝදය සැපයීම පොදු ප්‍රවනතාවයක්. රජයත්, විපක්ෂයත් ටකරන් විමුක්ති පෙරමුනත් තරඟයට මෙන් විනෝදාස්වාදය සඳහා විහිළු සැපයුවද ඒ සියල්ල පරයමින් මුල්තැන දිනාගෙන සිටින්නේ ICTA ආයතනය වීම ඇතැම් විට ඔවුනට ආඩම්බරයට කරුණක් විය හැක.
තොරතුරු තාක්‍ෂණය මඟින් රාජ්‍යයට සහ ජනතාවට සේවය කරනු වෙනුවට තමන්ගේ විකට ක්‍රියා මඟින් ජනතාවට විනෝදාස්වාදය ලබාදීමට පෙරදැරි කරගෙන කරන මෙම විගඩම් වලින් පසක් වනුයේ එම ආයතනය ජනතාවට විහිළු සහ විනෝදාස්වාදය ලබාදීම මුල්කොටගෙන පිහිටුවා තිබෙන ආයතනයක් බවයි.
ICTA ආයතනයේ අළුත්ම විහිළුව නම් සිංහල ෆොනට් සෑදීම සඳහා වන දැන්වීම සිංහල පුවත්පත්වල පලකරනු වෙනුවට ඉංග්‍රීසි (Daily News) සහ ද්‍රවිඩ (Thinakaran) පුවත්පත් දෙකක දැන්වීම් ලෙස 26-දෙසැම්බර්-2008 දින පලකර තිබීමයි. මේ සම්බන්දව ඉතා රසවත් සංවාදයක් පහත පුරුකෙන් දැක බලාගැනීමට පුළුවන:
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/7500946bfa9b16b7
(ඉදිරියේදී සිංහල ඉගැන්වීම සඳහා ගුරුවරුන් තෝරාගැනීමට ද්‍රවිඩ පුවත්පත් වල දැන්වීම් පලකලද , ICTA ආයතනය මඟින් ලබාදී තිබෙන නිදසුන හේතු කොටගෙන අපහට පුදුම විය යුතු නැත.)
සිංහල පුවත්පත්වල මෙම දැන්වීම පල නොකිරීමෙන් සිංහල ෆොන්ට් නිපදවීම සඳහා උනන්දුවන පාර්ශවයන් හට මෙය දැනගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඇහිරීයාම මෙම විකට නාඩගමේ එක් අතුරුඵලයක් වන අතර අනෙක නම් මෙම දැන්වීම පල කර තිබෙන කාල වකවානුවයි.
මෙම දැන්වීම නත්තල් දිනට පසු දින එනම් 26 වනදා පල කිරීම ඉතාමත් පුදුම සහගත ක්‍රියාවකි. දෙසැම්බර් 26 දින ඇතැම් ආයතන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබූ අතර බොහෝ ආයතන වල සේවකයන් තම වසර අවසාන නිවාඩු ලබාගෙන මෙම නත්තල් සතිය ව්‍යාපාරික කටයුතු වලින්/ නිවෙස් වලින් බැහැරව කටයුතු කිරීම සෑම වසරකම සාමාන්‍යයෙන් සිදුවන්නක්.
බොහෝ ආයතන යම් සේවයක් ලබා ගැනීම සඳහා හෝ ටෙන්ඩර් දැන්වීම් පල කරනු ලබන්නේ එම දැන්වීම මඟින් ඊට අදාල පාර්ශවයන් බහුලව තමන්ගේ දැන්වීමට ග්‍රහනය කරගැනීමට හැකි දින කාල වකවානු තීරණය කිරීමෙනි.එහෙත් ICTA ආයතනය එම දැන්වීම මෙම කාල වකවානුව තුල පලකිරීම තුලින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අමනෝඤැඤ කම විදහා පෑම විනා අන් කවරක්ද ? (එම දින වකවානු තුල අදාල පුවත්පත්වල අලෙවිය සහ කියවන පාඨක ප්‍රමාණය මඟින් මෙය තව දුරටත් සනාත කර ගත හැක.)
ICTA ආයතනය මඟින් දිගින් දිගටම කර තිබෙන කරුනු කාරනා අධ්‍යයනය කිරීමේදී පසක් වන දෙය නම් මෙය ජනතාවට සේවය සැපයීම වෙනුවට විකට සහ විනෝදාස්වාදය සඳහා පිහිටුවා තිබෙන ආයතනයක් බවයි. තත්වය මෙසේ නම් දැන් කල යුතු වන්නේ මෙය ගාමිනි ලොකුගේ යටතේ වන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ විකට ඒකකයක් පිහිටුවා ICTA ආයතනය ඊට අනුබද්ධ කර එහි අදාල ඇමති වරයා ලෙස මර්වින් සිල්වා පත් කිරීමත් ඔහුගේ උපදේශක තනතුරට අසන්තා ද මෙල්ව (හිටපු තෙල් සංස්ථා සභාපති) පත් කිරීමත්ය.
-විශේෂ ලියුම් කරුවකු වන අන්දරේ විසිනි
Tags: ICTA
You can comment below, or link to this permanent URL from your own site.
December 30, 2008 at 4:14 pm
ඔබගේ අදහසට මෙලෙසින් ප්‍රකාෂවීම සතුටට කරැනකි. ඔබ මෙම ආයනය වෙත දුරකථන ඇමතුමක් ලබාදී යම් තොරතුරක් විමසන්න. උත්තරය ද English වලින් ලැබෙනු ඇත. මෙහෙවු රටේ ආයතන
මෙහිදී ප්‍රකාෂකල යුතු තවත් අදහසක් ඇත එය පසුව කියන්නම්
December 30, 2008 at 4:44 pm
මුන් Microsoft OOXML එකට ISO ඡන්දයත් දුන්න එවුන්නේ මෙච්චර හොඳ ODF තියෙද්දිත්!!
December 31, 2008 at 3:23 am
මුන් හැමදාමත් දුන්නේ ආතල්. මතකනේ ෆයර්ෆොක්ස් එකට කෙළගන්න ආපු හැටි. නරි වගේ හැත්ත.
January 1, 2009 at 5:37 am
පෙන්වනු ලැබු කරැන නම් හොංඳයි. එත් උන් මුන් බාසාවේන් පේන්නේ ද්වේශයක් ඇති බවයි
January 1, 2009 at 12:23 pm
@සජිත්
මම උන් මුන් ලෙස කිසිවෙකු මෙම සටහන තුල ආමන්ත්‍රණය කොට නොමැති බව කරුණාවෙන් සලකන්න. තවද, සිංහල භාෂාවට අනුව උන්, මුන් යනු ද්වේශ සහගතව ආමන්ත්‍රණය කිරීම සඳහා වන වචන නොවන බවද කාරුණිකව සලකන්න.ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.
January 1, 2009 at 7:11 pm
ඔයා හරි flanker. මටත් ඕකම තමයි කියන්න තියෙන්නේ.
January 1, 2009 at 8:33 pm
උක්ත ලිපියට අදාල දැන්වීම ද්‍රවිඩ ෆොන්ට් සඳහා බව ICTA ආයතනය සිංහල යුනිකෝඩ් සමූහට ලබාදී තිබෙන පිළිතුරකින් පැහැදිලි කර තිබෙනවා. එනමුදු, දැන්වීම පලකල කාල වකවානු සම්බන්ධව අප විසින් මෙහෙදී ගෙන එන ලැබූ තර්කය තව දුරටත් මෙහිදී වලංඟු වනවා.
ICTA හී මෙම නව ප්‍රතිචාරයත් සමඟ, තවත් ගැටළු කිහිපයක් පැන නගිනවා.
1. මේ වනතෙක් කිසිදු මෙහෙයුම් පද්ධතියක් සම්පූර්ණයෙන් ස්වභාෂාවෙන් පරිවර්තනය කර නැහැ. පරිගණකයක සිංහල සහය අඩංඟු වීම යනු සිංහල භාෂාවන් ලිවීමේ හැකියාව පමණක් නොව, සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියම සිංහල භාෂාවෙන් (menu,documents) ඇතුලත්ව තිබීමයි. ඉතින් සිංහල භාෂා සහය සම්පුර්වණ නොකට ද්‍රවිඩ භාෂා සහය සඳහා යුහුසුළු වන්නේ කවර් හේතුවක් නිසාද යන්න අපැහැදිලි කරුණක්.
2. තවද, මේ වන විට ඉන්දියානු ප්‍රවර්ධකයින් විසින් ද්‍රවිඩ යුනිකෝඩ් ෆොන්ට් සැලකිය යුතු සංඛ්‍යාවක් සකසා තිබෙන මොහොතක, අපේ උදවිය මේ සඳහා අනව්‍ශ්‍ය ලෙස මහන්සි වන්නේ මන්ද යන්නත් ප්‍රශ්ණයක්ක්.
3. සිංහල භාෂා සහය සඳහා තවමත් අපසතුව ඇත්තේ එක් FOSS සිංහල ෆොන්ට් එකක් පමණක් බවද අමතක නොකල යුතුය.
January 1, 2009 at 8:45 pm
මේක වැරදි වැටහීමක් බව වසන්ත දේශප්‍රිය මහතා සිංහල යුනිකෝඩ් සමූහය තුල දී මෙසේ දක්වා ඇත. එබැවින් යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ඇගිල්ල දිගු කරන්නට පෙර එහි නිරවද්‍යතාවය හරි හැටි දැන ගෙන එසේ කිරීමට පුරුදු උනොත් නේද හොද. වසන්ත දේශප්‍රිය මහතා සිංහල යුනිකෝඩ් සමූහය තුල දී දැක්වූ අදහස් මෙසේය.
මිතුරනි,
මෙය වැරදි වැටහීමක්!
මෙවර යෝජනා කැඳවූවේ දමිළ Font Glyphs හා Font Rules සැකසීමටයි! එ නිසයි
ඉංග්‍රීසි හා දමිළ පුවත්පත් වල පමණක් පළ කොට ඇත්තේ!
විස්තර මෙසේයි!
Consultant for Project on Developing Tamil Font Glyphs – ICTA/CON/IC/
P1/319A
Published in the Daily News and Thinakaran on December 26, 2008
Request for Expressions of Interest
Scope of Services
Deadline for submission of Expressions of Interest January 20, 2009 at
1500 hrs.
Consultant for Project on Developing Tamil Font Rules – ICTA/CON/IC/
P1/229B
Published in the Daily News and Thinakaran on December 26, 2008
Request for Expressions of Interest
Scope of Services
Deadline for submission of Expressions of Interest January 20, 2009
at 1400 hrs.
වැඩි විස්තර මෙතැනින් බලන්න.
http://www.icta.lk/index.php?option=com_content&view=category&layout=...
සිංහල Font Glyphs හා Font Rules සැකසීමට යොජනා කැඳවූවේ ගොඩක් කලින්!
දැන් වැඩ ඉවර වෙන්නත් ළඟයි !
ස්තූතියි !!!!!
January 1, 2009 at 9:04 pm
@බුද්ධික
මෙම නිවැරදි කිරීම මම ඉහත සඳහන් කර තිබෙනවා. මෙහි නිරවද්‍ය බව ෆොන්ට් සම්බන්ධව කටයුතු කරන දෙදෙනෙකය මඟින් තහවුරු කර ගැනීමෙන් මෙම ලිපිය සකස් කරන ලද බවද සලකන්න.
කෙසේ නමුදු, ICTA යනු විනෝදය සැපයීම සඳහා වන රාජ්‍ය ආයතනයක් ලෙස අප විසින් කර තිබෙන ප්‍රකාෂය සහ මතය මත තවමත් මෙම ලිපිකරු රැඳී සිටින බවද කාරුණිකව සලකන්න. ඒ සම්න්දධව ඉදිරියේදී පල කිරීමට බලා පොරොත්තු වන ලිපි මඟින් සවිස්තරාත්මකව විග්‍රහ කෙරෙනු ඇත.
January 2, 2009 at 3:19 am
විනෝදය සැපයීම එක් කණ්ඩායමකුත්, දුක සැපයීම තව කණ්ඩායමකුත් කරණ බවයි පෙනෙන්නේ.
යම් ගැටළු සහගත තත්වයක් ඇතිවූ විට මේ ආකරයෙන් ඉතා දැඩිව, අනෙකාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින්, ස්ථායී මතවල සිඳිමින්, කරණූ ලබන ප්‍රකාශවලින් සමාජයට සිදුවන යහපත කුමක්දැයි තේරැම් ගත නොහැකිය.
යම් කෙනෙකු වැරද්දක් කර ඇති විට, පළමුව එම වැරුද්ද හෙලි කිරීම කළ යුතුය. එවිට කළ හැකි නිවැරදි කිරීමක් ගැන සුළු හෝ බලාපොරොත්තුවක් තබාගත හැකිය. එසේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් සිදුවිය යුතු දේ පිළබඳ යෝජනා/අදහස් ප්‍රකාශ කළ හැකිය. ඒ සම්බන්දව සමාජයේ මතවාදයක් ගොඩනැගිය හැකිය. ඔබේ හඬට හොඳ තැනක් එවිට සමාජයේ නිර්මාණය වනු ඇත. එවිට ඔබගේ හඬට සවන් දීමට ඔවුනට සිදුවනු ඇත.
මේ ආරයට කරනු බලන පරිභවකිරීම් හා ක්‍රෝධය පැතිරවීම් වලින් සමාජයට සිදුවන යහපතක් නොමැත. මා කෙරෙහි වුවද ඔබගේ ප්‍රතිචාරය යම් පමණකට හෝ වැදගත් වනු ඇතැයි සිතමි.
January 2, 2009 at 7:04 am
@Homo Erectus
Please refer the comments i have given in regard to what you’ve stated.
January 3, 2009 at 8:08 pm
Font යනු කාලාවකි. සිංහල අක්ෂර සැකසූ කෙනෙකුට දෙමලද සැකසිය හැකිය. එය චිත්‍රයක් මිස අන් කවරක්ද
සිංහල අයට දෙමල සැකසීමට බැරිද යන්න සලකා බැලිය යුතුය. දෙමල දන්නා සිංහල විද්වතුන් කලා කරැවන් නොමැතිද
ICTA එකෙහි නිරැවත වසා ගැනීමට කරන පුකාෂ පිලිබද නැවත විමසා බැලිය යුතුය.
දෙමල අක්ෂර හදිසිය අන කවරක්ද, දෙමල යුනිකෝඩ් අක්ෂර හැදුවේ සිංහල අක්ෂර සැකසීමට පෙර ඉංදියාවේ බවත් මතක් කල යුතුය. දෙමල භාෂාව භාවිතා කරන එකම රට ලංකාව බව තීරණය කිරීම විකටකමක්මවේ.
January 4, 2009 at 1:46 am
>දෙමල අක්ෂර හදිසිය අන කවරක්ද, දෙමල යුනිකෝඩ් අක්ෂර හැදුවේ සිංහල අක්ෂර සැකසීමට පෙර ඉංදියාවේ බවත් >මතක් කල යුතුය. දෙමල භාෂාව භාවිතා කරන එකම රට ලංකාව බව තීරණය කිරීම විකටකමක්මවේ.
මිතුර මා දන්නා පරිදි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ භාවිතයේ යම් යම් වෙනස් කම් ඇත. Developing Tamil Font Rules පිලබඳවද ඉල්ලා ඇත්තේ ඒ නිසා විය යුතුය.
January 5, 2009 at 12:37 am
@Dasun
“මිතුර මා දන්නා පරිදි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ භාවිතයේ යම් යම් වෙනස් කම් ඇත. Developing Tamil Font Rules පිලබඳවද ඉල්ලා ඇත්තේ ඒ නිසා විය යුතුය.”
ද්‍රවිඩ අක්‍ෂර සම්බන්ධව යම් ගැටළුවක්/වෙනස් කමක් තිබේ නම් එය ප්‍රථමයෙන්ම Specification එක තුල එම සිදු විය යුතුය එසේ නොමැතිව specification එක තුල නොමැති වෙනස් කමක් ICTA හෝ වෙනත් ආයතනයක් මඟින් සිදුකිරීම නිවැරදි ක්‍රියාමාර්ගය නොවේ. තවද ද්‍රවිඩ අක්‍ෂර සම්බන්ධව specification එක සමඟ සෙල්ලම් කිරීමට ICTA කිසිදු හිමිකමක් නොමැත මන්ද එය සකස් කර තිබෙන්නේ ඉන්දියානුවන් විසින් විසීමය.
තවද ද්‍රවිඩ භාෂාවේ locale එක ta-IN වේ.. ” කැලෑ” මාර්ග වලින් ද්‍රවිඩ අක්‍ෂර යම් කිසිවකු විසින් වෙනස් කලද එය සම්මතයක් ලෙස බහුතරයක් විසින් පිලිනොගනු ඇත…