අම්මාගේ සහ අප්පාගේ බූදලය වියදම් කර යලි ආරම්භ කිරීමට යන මිහින් ලංකා

අපේ රටේ මහජන දේපලවලට දේශපාලුවන් විසින් මේ තාක් කර ඇති හදිය, ඔවුනගේ මියගිය මෑණිවරුන්ට පොදු ජනතාව විසින් කරන පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය ක්‍රියාවෙන්ම පැහැදිලිව දකින්නට ලැබෙන දසුනකි. පසුගිය 1977 සිට මේදක්වා මොවුන් විසින් පිල්ලි ගසා තිබෙන මුදලුත්, මහවැලි වැනි අසාර්ථක ව්‍යාපෘති තුලින් නාස්ති කර තිබෙන මුදල් සම්බාරයත් කොපමනදැයි ගනනය කලහොත් එය අපේ රට දශක ගනනාවක් ඉදිරියට ගෙනයාමට ප්‍රමානවත් බව නොරහසකි.

(මහවැලි ව්‍යාපෘතියේ අසාර්ථක බව, වෙනම ලිපියකින් විග්‍රහ කිරීමට බලා පොරොත්තු වෙමි)

මිහින් ලංකා ආරම්භ කරන්නේ අපේ උපාසක අම්මලාව අඩු මුදලට දඹදිව රැගෙන යාමටත්, ගමේ ගැහැණුන්ව අඩු මුදලට මැදපෙරදිග තම්බිලාගේ මෙහෙකාර සේවයට රැගෙන යාමත් යන මූලික කරුණුදෙක පදනම් කරගෙනය.

මිහින් ලංකා ආරම්භ කිරීමට මේ ගොන් වහන්සේලා සැලසුම් කරන විට, එමිරේට්‍ස් ආයතනය,  ශ්‍රීලන්කන් ගුවන්සේවය සමඟින් තිබූ ගිවිසුම 2008 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබින. එබැවින් මොවුන් විසින් කල යුතුව තිබුනේ එමිරේට්ස් ආයතනය සමඟ ගිවිසුම අවලංඟු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීම විනා තවත් ගුවන් සේවයක් ආරම්භ කිරීම නම් නොවේ.

මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයද පාඩු ලබන තත්වයකට පත්ව තිබෙන අතර එහි සේවය සහ ගුණාත්මක බවද පිරිහී තිබෙන බව නොරහසකි. එබැවින් කල යුත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස කලමනා කර නැවතත් කාර්‍යක්‍ෂම සහ ලාබ ලබන ආයතනයක් බවටපත් කිරීමත්ය.

2008 මාර්තු මාසයෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් නැවත රජය හට ලබාගැනීමට හැකි වෙන බව දැන දැනම තවත් නව ගුවන් සේවාවක් කිසිදු සැලසුමකින් තොරව ආරම්භ කිරීමෙන් පෙනී යන්නේ මෙම තීරණ ගත් දෝශපාලුවන්ගේ කාලකණ්ණි අමනෝඤැඤ කමට වඩා මහජන මුදල් හොරකම් කිරීමට ඇති ගිජු බවය.

මිහින් ලංකා ආරම්භ කරන ලද්දේ ඊට අදාල පාර්ශවයන් හට හොරකම් කිරීමට විනා ගුවන් මඟීන්ට කාර්යක්‍ෂම සේවයක් ලබා දීමට නොවන බව පැහැදිලි වන්නේ , කිසිදු සැලසුමකින් තොරව එය ආරම්භ කිරීමත්, ආරම්භ කර ටික  දිනකින් ඊට කලාබරේ වැදීමත් හේතු කොටගෙනය.

රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා යැයි අපේ සිංහල කියමනක් තිබේ. එය එසේ නමුදු මහජන මුදල් හොරකම් කරන්නට තිබේ නම් තම අඹු දරුවන් වූවද විකුනාගෙන කෑමට වූවද තමන් සූදානම් බව අපහට කියා පාන්නේ බංකොලොත් වූ මිහින් ලංකා නැවත වතාවක් මිලියන 600 වියදම් කර ආරම්භ කිරීම මෙම විකට අමනයන් රැල කටයුතු කිරීමට යාමෙනි.

එකම වරද දෙවරක් කිරීමට යෑමෙන් මෙම අමනයින් රැල අපට පැහැදිලි කරදෙන්න යන පණිවිඩය කුමක්දැයි සිතන්නට වී මම අන්දුන් කුන්දුන් වී සිටිමි. යුද්ධය ඉදිරියට දමා මොවුන් විසින් කිසිදු හිරිකිතයකින් තොරව කරන මේ සොරකම් හෙලා දැකිය යුතු වන අතර. මොවුන් මේ සියළු දේ කරන්නේ තමන්ගේ අම්මාගේ අප්පාගේ බූදලයකින් නොව මහජන මුදලින් බව මතක තබා ගත යුතුය.

තත්වය මෙසේ තිබියදී මෙම අමනයන් රැලට උගැන්විය හැකි මහඟු පාඩම නම්, හොරකම් කර ගැනීමේ අරමුනෙන් ආරම්බ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය මඟින් ගමන් කිරීමෙන් වැලකී සිටීමය.

Explore posts in the same categories: fraud, politics, sri lanka, travel, කොමිස්, වංචා සහ දූෂණ

Tags:

You can comment below, or link to this permanent URL from your own site.

6 Comments on “අම්මාගේ සහ අප්පාගේ බූදලය වියදම් කර යලි ආරම්භ කිරීමට යන මිහින් ලංකා”

  1. Says:

    අනේ ඉතින් ඉන්න ටිකේ කීයක් හරි හම්බ කරගන්න එපායැ

  2. Sapumal Says:

    mehema kaaalakani aanduwak… mam dekala ne…..
    මොවුන් මේ සියළු දේ කරන්නේ තමන්ගේ අම්මාගේ අප්පාගේ බූදලයකින් නොව මහජන මුදලින් බව මතක තබා ගත යුතුය.

  3. jeyaraj Says:

    පොලොව අපේ ය ඉතිරි ටිකත් අපේ කරගැනීමට බැරි ප‍්‍රභා නිසා ය පෙබරවාරි 7 දාට කලින් ප‍්‍රභා අල්ලා ගැනීමට කෙහෙලිය බලාපොරොත්තු වේ ඉතින් අහස අපේ කර ගැනීමට මිහින් එයා වලට සල්ලි ටිකක් වියදම් කරාට මක් වෙනවා ද?

  4. gayankt Says:

    පවතින ගුවන් සේවයවත් හරි ආකාරයෙන් නඩත්තු කරගෙන්නට අසමත් රටකට තවත් “බජට් ගුවන් සේවයක” අවශ්‍යතාවය ඇති වන්නේ කුමන හේතුවක් නිසාද යන්න විමතිය‍ට කරුණකි. ලෝක ආර්ථීක අවපාතය හමුවේ දැවැත්ත ආර්ථිකයන්ට හිමිකම් කියන ර‍ටවල ගුවන් සේවා සමාගම් එකිනෙක බද්ධ කිරීමෙන් අර්බුධයන් ගොඩ යෑමට වෙර දරන මොහොතක රට කරවන උදවිය තවත් ගුවන් සේවයවක් අරඔන්නට දත කන්නේ රටක් වශයෙන් අප ඉතා දැවැන්ත ආර්ථික ශක්තියකට උරුමකම් කියන නිසා විය යුතුය.

  5. nooranie Says:

    All the basteds needs to shot in public. The Gov needs to spend on the Sri Lanka Air Force rather than on Mihin Lanka!

  6. බබා Says:

    කොල්ලනේ දේශප්‍රේමී වෙයව්! අපේ නායකයොන්ට සමීපම මිතුරන්ට ජොබ් කට්ටක් හොයලා දුන්නැත්තන් කොහොමද යුද්ධෙ කරන්න කියලා උනන්දු කරන්නවත් යාළුවෙක් හොයා ගන්නේ? (ඹිතුරැ තොමෝ සැපයෙදි පිටුනොපාඉතී. පෙරළුනදාට බල්ලාවත් එහි නොයතී)


Comment: