සර්ජියෝ අ(ග්)වේරෝ .. ලයනල් මෙසී.. විශිෂ්ඨත්වය අබියස… Sergio Aguero & Lionel Messi .. Rock on..

ලබන 2010 වසරේ පැවැත්වීමට නියමිත… මිහිකත මත තිබෙන ඉතාමත්ම විශිෂ්ඨතම ක්‍රිඩා මංගල්‍යය සඳහා මේ වන විට රටවල් 204 ක් සූදානම් වෙමින් පවතිනවා… (මේ ලිපිය ලියන මොහොත වන විට, මින් රටවල් කිහිපයක්ව ඉවතට විසිව ගොසින් :D ). මේ වන විට 2010 ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් අවසන් වටය සඳහා කණ්ඩායම් තෝරාගැනීමේ තරඟ පැවැත්වෙනවා.

මෙම රටවල් අතරින් ආර්ජෙන්ටිනා කණ්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මාධ්‍යය මඟින් නිසි ඇගයීමකට ලක් නොවූ දක්‍ෂතාවයන්ගෙන් පිරි ඉතාමත් විශිෂ්ඨ කණ්ඩායමක් ලෙස මොවුන්ව සලකන්න පුළුවන්. පසුගිය 2006 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේදී ඉතාමත් අවාසනාවන්ත ලෙස (තවත් මගේ ප්‍රයතම කණ්ඩායමක් වන) ජර්මානු කණ්ඩායම අතින් පරාජයට පත්වූවා, අර්ධ අවසන් පූර්ව වටයේදී.

එහිදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලැබීම නිසා දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තෝරාගැනුනා, අවසන් ප්‍රතිඵලය වූයේ ආර්ජෙන්ටිනා කණ්ඩායම 4-2 ලෙස පරාජය වී තරඟාවලියෙන් ඉවතට විසිවීමයි. මෙහිදී පොඩොල්ස්කි, බැලැක් සහ ක්ලෝසෙ ජර්මානු කණ්ඩායම වෙනුවෙන්ද රොබෙර්ටෝ අයෙලා සහ සොරින් ආර්ජෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් දසකම් දක්වනු ලැබූවා.

අතීත කතාව මෙසේ වූවද, මේ වන විට ඉතාමත් විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයන් දෙදෙනක් අර්ජෙන්ටිනාව සතු වනවා, එනම් ලයනල් මෙසී සහ සර්ජියෝ සර්ජියෝ අ(ග්)වේරෝ යන ලාබාල විශිෂ්ඨයන් දෙදෙනායි. මොවුන් දෙදෙනාම එකිනෙකාට නොදෙවෙනි අන්දමින් ක්‍රීඩා කරමින්, පාපන්දු ලෝලීන් අමන්දානන්දයට පත් කර 80 දශකයේ මැද භාගයේ අර්ජෙන්ටිනා කණ්ඩායම සිටි සුපිරි තත්වයට රැගෙන ගොස් තිබෙනවා. මොවුන් දෙදෙනා සතු විශේෂත්වය වන්නේ තනිවම තරඟයක් ජයග්‍රහනය කරා රැගෙන යාමට ඇති සුවිශේෂී හැකියාවයි. මෙතෙක් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාවන ඩියාගෝ අමෙන්ඩෝ මැරඩෝනාට පසුව බිහිවූ විශිෂ්ඨම ක්‍රීඩකයන් දෙපල ලෙස මොවුන්ව සලකනු ලබනවා.

වීඩියෝ දර්ශණය 1:
ලයනල් මෙසී සහ මැරඩෝනා සංසන්දනය. (මැරඩෝනා විසින් මෙතෙක් ලබාගෙන තිබෙන විශිෂ්ඨතම ගෝලය ලෙස සඳහන් වන්නේ මෙහෙ දැක්වෙන 1986 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී එන්ගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් දෙවන ගෝලයයි.)

විඩියෝ දර්ශණය 2:
සර්ජියෝ අ(ග්)වේරෝ මීට වසර කිහිපයකට පෙර අර්ජෙන්ටියානු ඉන්ඩිපෙන්ඩියාන්ටෙ කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් ගෝල ද්විත්වය.

විඩියෝ දර්ශණය 3:
සර්ජියෝ අ(ග්)වේරෝ විසින් ලබාගත් ගෝල කිහිපයක්.


බ්‍රසීල කණ්ඩායම ගෝල 3-0 ලෙස 2008 චීන ඔලිම්පික් අවසන් පූර්ව වටයේදී අර්ජෙන්ටිනාව විසින් පරාජය කල අතර සර්ජියෝ අ(ග්)වේරෝ විසින් ලබාගත් ගෝල 2ක් මීට ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. කරුණු කාරනා මෙසේ වූවද ඔවුන්ගේ නව පුහුණු කරු වන මැරඩෝනා පවසන්නේ අංක 10 ජර්සිය පැලඳීමේ ගෞරවය ජුවාන් රෝමන් හට ලබාදෙන බවයි. :)

සාමාන්‍යයෙන් අංක 10 ජර්සිය , කණ්ඩායම තුල සිටින කුසලතා පිරිපුන් ක්‍රීඩකයා විසින් පලඳිනු ලබනවා. මෙය ඉහත සඳහන් කර තිබෙන විශිෂ්ඨයන් දෙපලට පැලඳීමට තිබෙන අවස්තාව ගිලිහීගොස් තිබෙන්නේ, ඔවුන් දෙපලට වඩා ජ්‍යේෂ්ඨත්වයෙන් සහ අත්දැකීම් අතින් ඉහල සිටින ජුවාන් රෝමන් හට එම අවස්තාව ලැබී තිබීම හේතුවෙනි :P

Explore posts in the same categories: argentina, soccer, sports

Tags: , , , ,

You can comment below, or link to this permanent URL from your own site.

Comment: