මහාචාර්ය නලින් ද සිල්වා ඇන්ඩ් කොම්පැනි ටේලර්ස්, “අපේ කමට” අනුව තරුණ කාන්තාවන්ට ඇඳුම් මසන්නෝ
තරුණියන් විසින් ඉන පෙදෙස නිරාවරනය සේ ඇඳුම් පැලඳීම සම්බන්දව එක්තරා විශ්ව විද්‍යාලයක අලවා තිබූ පෝස්ටරයක් සහ ඒ සම්බන්දව මහාචාර්ය නලින්ද සිල්වා විසින් ‘The Island’ පුවත් පතෙහි සඳහන් කර තිබෙන විග්‍රහයක් දුටු මාහට, මගේ සිතේ ඇතිවූ සිතුවිලි සමුදාය මෙසේ සටහන් කරන්නට සිත්වුනි. ඔහු විසින් එහි ප්‍රකාශ කර තිබුනේ එම පෝස්ටරයේ අඩංඟු කරුනු සම්බන්ධව ඔහු සියළු වගකීම බාරගන්නා බවකි.
(ඡායාරූපය උපුටා ගැනීම 2008/02/13 දින ‘The Island’ පුවත් පතෙනි)
(මෙය හිපස්ටර් නැමති විලාසිතාව නොවූවද, හිප්ස්ටර් ලෙස, පහසුව තකා මින් පසු සඳහන් කරනු ඇත.)
මහාචාර්ය නලින්ද සිල්වා එම ලිපියෙහි සඳහන් කර තිබෙන කරුණු දුටු විට මසිතට ප්‍රශ්ණ රාශියක් පැන නැගුනි. මහාචාර්ය තුමා සඳහන් කර තිබෙන පරිද්දෙන්, මෙය බටහිර රටවල ගණිකාවන් විසින් බාවිතා කරන විලාසිතාවක් ලෙස ඔහු විසින් ප්‍රත්‍යක්‍ෂ කරගෙන තිබෙන ආකාරය ගැන මුලින්ම පහදාගැනීමට සිත්විය.
ගණිකාවක් සමඟ සයනය කර හෝ ගනුදෙනු කර නොමැතිව කාන්තාවක ගණිකාවක ලෙස නිර්වචනය කල නොහැක. කරුනු කාරනා එසේ නම්….
1. මෙම විලාසිතාව අනුගමනය කරන්නේ ගණිකාවන් යැයි ප්‍රකාශ කිරීමට නම් මහාචාර්ය නලින්ද සිල්වා හිප්ස්ටර් විලාසිතාවකින් සිටින ගණිකාවක් සමඟ සයනය කර හෝ ගනුදෙනු කර තිබිය යුතුය, එසේ නොමැතිව ඔහු විසින් මෙම විලාසිතාව අනුගමනය කරන සියල්ලන් ගණිකාවන් බවට ප්‍රකාශ කරන්නේ කෙසේද ?
2. නැත්නම් ඔහු මෙලෙස ප්‍රකාශ කරනුයේ හිප්ස්ටර් විලාසිතාවකින් සැරසුනු තරුණියක් මහාචාර්ය නලින්ද සිල්වාට අතවරයක් කිරීමට හෝ ඔහුව දූෂණය කිරීමට තැත් කරනු ලැබු නිසාද ?
3. එසේත් නොමැති නම් හිප්ස්ටර් විලාසිතාවකින් සැරසුනු තරුණියක් මහාචාර්ය නලින් ද සිල්වාගේ හිරි ඔතප් බිඳුනු ලැබුවේද එසේත් නොමැති නම්, ලිංගික අපයෝජනයකට ඔහුව පත්කරනු ලැබුවේද? :-O
4. නොඑසේ නම්.. හිප්ස්ටර් විලාසිතාව අඳින්නේ විදේශීය ගණිකාවන් පමණක් බව මහාචාර්ය නලින්ද සිල්වා දැන ගත්තේ කෙසේද ?
5. තරුණියක් අඳින විලාසිතාවක් හේතු කොටගෙන ඇය ගණිකාවක්/වෛශ්‍යා ස්ත්‍රියක් ලෙස හංවඩු ගැසිය හැකිද ?
කලු, කොරල සහ කබර සහිත තරුණියන් මෙම විලාසිතාවෙන් සැරසීම අප්‍රසන්න දෙයක් වූවද ඇතැමුන්ට මෙය මනාව ගැලපේ. ඉන නිරාවරනය ලෙස ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන ලංකාවේ සිටින මගේ පෙම්වතියකට එම නිරාවරනය වන පෙදෙසේ සමනලයකු සහිත පච්චයක් තබා ගැනීමට අවශ්‍යව මගෙන් ඒ සම්බන්දව විමසූ විට මම කිව්වේ කන්න බොන්න දෙන්න වෙන්නේ නැත්නම්, සමනලයෙක් නොව කොටියෙකුව සටහන් කරගත්තද මගේ කම් නොමැති බවයි.
මක් නිසාද, කිසිම අයෙකුව පාලනය කිරීමේ අයිතියක් තවත් අයෙකුට සෘජුව හෝ වක්‍රාකාරව පවරා නැත.
අපේ රටේ සිටින පිරිමින් බොහෝ දෙනෙකු තුල ඇත්තේද මෙම මහාචාර්ය තුමා සතු බොලඳ මානසිකත්වයයි. එනම් කාන්තාව සැම විටම පිරිමියාට අවශ්‍ය ලෙස විලාසිතා කල යුතුය යන අමනෝඤ්ඤ සිතිවිල්ලයි. කාන්තාව යනු ස්වාධීනව කටයුතු කලහැකි, තමන්ට අදාල ලෙස ස්ව තීරණ ගැනීමේ අයිතිවාසිකම් තිබෙන තැනැත්තියකි.
තවත් කොටසක් සිතනුයේද විවාහය යනු, කාන්තාවක විධායක බලතල සහිතව පාලනය කිරීමට ලබාදෙන බලපත්‍රයක් ලෙසය, ඉතින් අවසානයේ කාන්තාව අනවශ්‍ය ලෙස ‘පාලනය’ කිරීමට ගොස් විවාහයට කලාබරේ වැදෙන විට මෙවැනි තකතීරු අදහස් එලියට දමන මහාචාර්ය වරුන් එම පිරිමින්ගේ පිහිටට එන්නේ නැත.
මෙම මහාචාර්ය තුමා ‘The Island’ පුවත් පතට පවසන කරනු වලින් පවසන්නේ ලාංකීය තරුණියන්ද “අපේකම” රැකෙන අයුරින් ඇඳුම් පැලඳිය යුතු බවයි.
ශෘංගාරය යනු තවත් එක් රසයකි…. සැලලිහිනි සන්දේශයේ මෙම ශෘංගාර රසය නොමැතිද ? තම විලාසිතාවන්ගෙන් ශෘංගාර රසය මතුකිරීමට කාන්තාවන්ට අයිතියක් නොමැතිද ? නලින් ද සිල්වාගේ මෙම න්‍යයායට අනුව සීගිරි බිතු සිතුවම් වල සිටිනා ලඳුන්ද ලංකාවේ විසූ ඉපැරණි ගණිකාවන් විය යුතුය.
අද බොහෝ නිමි ඇඳුම් සැකසෙන්නේ නූතන විලාසිතාවට අනුවය, මෙහිදී ඇතැම් විට, මෙම හිප්ස්ටර් විලාසිතාවනට අකමැති තරුණියකට වූවද ඉබේම මෙම විලාසිතාවට යොමුවීමට සිදුවේ. මක් නිසාද වෙළඳ පොලේ තිබෙන දේ මිලදී ගැනීමට අපට සිදුවෙන හෙයිනි. උදාහරණයක් ලෙස මාවිසින් එක්තරා සමාගමකට අයත් ඩෙනිම් කලිසම් භාවිතා කරනවා.. නමුත් මෑතක සිට ඔවුන් තනිකරම නිපදවනු ලබන්නේ Low Raised කලිසම්ය, එනම් ඉනෙන් මඳක් පහලට වන ලෙස අඳින ඩෙනිම් කලිසම්ය. මා කෙතරම් අකමැති වූවද, අඳින්න වෙන්නේ මෙයයි.
ඒ කෙසේ වෙතත්, මහාචාර්ය නලින්ද සිල්වාට මෙම හිප්ස්ටර් විලාසිතාව දිරවන්නේම නැත්නම්, “අපේ කම” රැකගැනීමට බලවත් උවමනාවක් තිබේනම් කලයුතු වන්නේ ඔය නපුංසක පර්ශදයත් සමඟ තාප්ප සහ බිත්ති ගානේ ගොස් පෝස්ටර් ඇලවීම නොව ටේලර් සාප්පුවක් දමා කාන්තාවන්ට “අපේ කමට” ගැලපෙන ආකාරයෙන් ඇඳුම් මැසීමය. මෙමඟින් ඔය පර්ශදයේ සිටින සාමාජිකයින්ගේ රැකියා ප්‍රශ්ණයත් ඉබේම විසදේ. තවද මෙම ව්‍යාපෘතිය චින්තන මහත්තයාගේ “අපේ කම” ප්‍රතිපත්තිත් සමඟ සමපාත වන හෙයින් මෙම ටේලර් සාප්පුවට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා බදු සහනද ලබා ගත හැකි වේවියැයි මම තරයේම විශ්වාස කරමි.
පලි:
උක්ත විලාසිතාවට එරෙහි වනු වස් මෙම මහාචාර්ය තුමන් විසින් , කාන්තාවන්ද “අපේ කම” රැකෙනු පිනිස “අමුඩය” පැලඳිය යුතුයැයිද, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කලද… මම පුදුම නොවන්නෙමි… මක්නිසාද අපේ රටේ ආවාර්ය සහ මහාචාර්ය වරුන්ගේ කෙරුවාව මේ වන විට ඔවුන් විසින් මනාව ඔප්පු කර තිබෙන හෙයිනි.. උදා : ආචාර්ය මර්වින් ද සිල්වා, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ජී ඇල් පීරිස්, ආචාර්ය ජයදේව උයන්ගොඩ

December 3, 2008 at 4:58 am
ඉඟ පෙන්‍වන එකේ නම් එතරම් වැරද්දක් මටත් පෙනෙන්නෙ නැහැ සුන්දරත්වයක් මිස, නමුත් යට ඇදුම පෙනෙන විධිහට අදින එකනම් අසන්වරයි හිරිකිතයි. දකිනකොට හතරවිළිලජ්ජාවෙ සන්තෝසෙ දුකේ බයේ හිරිකිතේ බෑ……
December 3, 2008 at 6:24 am
නියම කතාව.
අනේ කොටි නම් ගහන්න යන්න එපා ත්‍රස්ත විරොධී පනත යටතේ අත්තඩංගුවට ගනී කොටින්ට කඩේ යන්වා කියලා.
එහෙම ඉන්න සමනලයා කොච්චර ලස්සන දර්ශනයක්ද.
බලලා බලලා එවට විරුද්දව කෑගනවා.
December 3, 2008 at 6:56 am
I agree with most of what you have to say. I don’t give a rat’s ass if the girls wear whatever they want, revealing their hips or legs or whatever else. And nobody should either…
But would like to point out something else. To develop your statements, you also are based on a false assumption.
ගණිකාවක් සමඟ සයනය කර නොමැතිව කාන්තාවක ගණිකාවක ලෙස නිර්වචනය කල නොහැක.
To define (I think that is what is meant by ‘nirwachanaya’) a woman as a prostitute, you don’t need to have slept with one. Not really…
December 3, 2008 at 8:22 am
කතාව ඇත්ත. අපේ රටේ සම හරක්,
“මම ගෑනි ගෙන් හම්බකරගෙන කන්නෙ නෑ”
“ගෑනු තනියම එහෙ මෙහෙ යවන්නෙ කොහොමද”,
“ගෑනුන්ගෙ වැඩ අපිට කරන්න බෑ”,
“ගෑනු……..”,
ආදී වශයෙන් කියන කතා ඕන තරම් අපි අහල තියෙනවානේ….
විලාසිතාව ගැන කියනවනං,
සාරිය ඔසරිය ඇන්ඳත් බඩ පේනවනේ. බඩයි කොන්දයි දෙකම පෙනුනම මොකද? ඕක කිව්වෙ වල්කමට එහෙම නෙවෙයි ඕං………
December 3, 2008 at 9:01 am
Ha Ha Good Post …. Keep it up
December 3, 2008 at 11:04 am
කාන්තාවකට තමන්ට ඕනෙ ඇඳුමක් අදින්නට තියෙන් නිදහසත් වනසන ආගමික ට්‍රස්ත්වාදයක් “නිදහස්” චින්තකයන් සිටිනවා යැයි කියන සරසවි තුලින්ම බිහිවීම දුකක්. යම් කෙනෙක් ගණිකාවක් වෙන්නේ එයා අඳින ඇඳුමෙන්ද ? ගණිකාවකට ඔසරිය හෝ ළමා සාරිය අඳින්න බැරිද ?? බටහිර රටක ගණිකාවන්ට නිල ඇඳුම් තියෙනවාද ?
මෙවැනි හරසුන් තර්ක වෙනුවෙන් නලීන් සිල්වා පෙනී සිටින්නේ අහවල් බම්බුවටද ? සරසවි සිසුන්ට රට තුල වෙන දැවෙන් ප්‍රස්න පේන්නේ නැද්ද ? කාගෙවත් ජංගි ගැන ක්ඉයවන්නේ නැතුව තමන්ගේ විශ්ව විද්‍යාලයේ ගැටලු ගැන , නැත්නම් රටේ ගැටලු ගැන බුද්දිමත් සංවාදයක යෙදෙන්න බැරිද ?
මේ දැන්වීම පලකරපු අය පෙන්වලා තියෙන්නේ ඔවුන්ගේ හීනමානය හා ඉරිසියාවයි. වයසට ගියාම මහල්ලන්ට ඇතිවෙන “ලිංගික ඉරිසියාව” නලින්ට ඇතිවීමත් පුදුමයක් නෙවෙයි. නමුත් කැලණි සරසවියේ ඉන්න තරුණ විර්‍යාර්තීන්ට එහෙම වුනේ ඇයි.
මේ රට තවත් ඇෆ්ගනිස්තානයක් හෝ ඉරාණයක් කරන්න ලෑස්ති වෙන්න එපා … සරසවි වල සාමාන්‍යයෙන් බාහිර සමාජයට වඩා නිදහසක් තියෙනවා … මේ කොල අලවන මහත්වරු සරසවි බංකු උඩ පෙම් කරලා නැද්ද ? සමහර වෙලාවට ඒවා උඩ තව තව දේත් කරලා ඇති. සරසවි වල ජෝඩු මොන දේ කරත් ඒවාට විරෝදය පාන්න , නැත්නම් ඒ අයට ගල් ගහන්න ගිය අන්තවාදීන් මෙතෙක් සරසවි වල හිටියේ නැහැ. මොකද ඔවින්ට හිතන්න ඊට වැඩිය සංකීර්ණ දේවල් තිබුන නිසා …
මෙයින් කියන්න හදන්නේ මේ ඇඳුම අඳින අය ගණිකාවේ කියලනේ. මහත්වරුණි , ඔය “හිප්ස්ටර්” නොඅඳින , ඔබලා ප්‍රිය කරන දිග චීත්ත ගවුම අඳින සරසවි සිසුවියන් කොළබ කැරොකේ සෙන්ටර් වල ගණිකාවෝ වෙලා ඉන්නවා , තමන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා … ඔය පෝස්ටර් ගහපු සල්ලි ඒ අය වෙනුවෙන් යොදවන්න …. තමන්ගේ මහපොල සල්ලි වලින් බාගයක් ගෙදර යවන අය සරසවියේ අපි අතර හිටියා …
කොහොමත කැලණි සරසවිය පාදඩයන්ගේ බිමක් , සරසවියට එන සිසුන් මහ මගදීම නවක වදයට යොමු කරනවා ….. එවන් අය අතරින් මෙවැනි වානර පෝස්ටරයක් බිහිවීම පුදුමයක් නෙවෙයි.
නමුත් මේ සරසවිය බුදුන් වැඩිය බිමක තියෙන් හින්නදද දන්නේ නැහැ.
මේ පෝස්ටරය ගහපු මල්ලිට (එයා මේ බ්ලොගය බලන්නේ නැතත් මගේ හිතේ අම්ආරුවට මෙතන ලියන්නම්) කාටවත් කඩේ යන්න එපා … නිදහස්ව හිතන්න …
December 3, 2008 at 11:58 am
Found this response as well
Extract from
http://jathikachinthana.blogspot.com/2008/12/sex-based-attempt-to-blasphemise-prof.html
Nalin De Silva’s character was found today with one anonymous Sinhalese language blog claiming that Prof. Nalin De Silva had sex with a prostitute or vice versa that a prostitute had sex with Prof. Nalin De Silva and tried to rape him. This blatant blasphemous statement was published today in a blog called ‘Between the lines of reality and illusion’ at the address http://gravitypost.wordpress.com.
Prof. Nalin De Silva vehemently denies that he had a sex with a prostitute or vice versa the prostitute had sex with him or rape him. He is a true Sinhalese Buddhists who has never broken the third percept and had sex only with the family. So the blasphemous blog is untruthful.
Jathika Chinthana Paravahaya suspects the blasphemous blog is a creation of Christian fundamentalists funded by Norway to character assassinate Prof. Nalin De Silva. This is because the Christian fundamentalists cannot tolerate the arguments raised by Prof. Nalin De Silva and when they cannot they work towards character assassinating Prof. Nalin De Silva’s character.
December 3, 2008 at 12:10 pm
@Lanka Sand
I truly agree with your first comment. ..
On your second comment :
When you look at the response they have provided on the given blog .. it has no clue what it says. Instead of breaking the arguments raised here or answering the questions I have highlighted, it talks about Norway blah blah blah .. which is hilarious
If you look at this blog from the very first one, you’d get to know where I stand… but they talk about Norway++.. thanks for bringing this up
December 3, 2008 at 2:40 pm
හහහා… අපුරු සටහනක්…!
December 3, 2008 at 2:56 pm
wow…. kiyanna thiyana de niyamata kiyala thiyanawa
that dumb nalin de silva and his goons are a bunch of jobless pack.
December 3, 2008 at 4:48 pm
හරියටම හරි කියල තියෙන දේවල්.
December 3, 2008 at 5:47 pm
dam if only i can read the language lol
December 4, 2008 at 3:26 am
මීට පෙර මේ ගැනම සටහනක් කතිකා අධ්‍යන කවයේ බ්ලොග් අඩවියේ ලියැවිලා තිබුනා.
කොහොම වුනත් කියන්න තියෙන දේ නියමෙටම කියලා තියෙනවා.
December 4, 2008 at 12:58 pm
කියන්න තියේන දේ හරියටම නියලා
December 4, 2008 at 6:07 pm
ලස්සන පෙනෙන්නත් පින තියෙන්න ඔනෙ
December 5, 2008 at 4:58 am
@rain king ,
Look at What Jathika Chinthana says : “never broken the third percept and had sex only with the family”
This Gives some other meanings as well
December 8, 2008 at 10:02 pm
good good
March 5, 2009 at 6:39 pm
ලෝකෙ වෙන රටවල මහාචාර්්‍යවරු තමන්ගෙ කාලය යොදවන්නෙ පර්යේෂණ පොත්පත් ලියන්න. බලන කොට අප අය කරන්නෙ ගෑණුන්ගෙ යටට අදින ඒවා හොයන එකද කොහේද? එකනෙ අපේ රට මේ තරම් දියුණු.
August 23, 2009 at 3:45 pm
මේ ලිපිය අගය කරලා කියලා තියෙන හැම කතාවක්ම වගේ හරි…. සමහර ඒවට හිනා යනවා….ඇත්තටම ලංකාව සුන්දර රටක් මේක මැදපෙරදිග රටක් වෙන්න ඕනෙ නැහැ.
අනික මතක තියාගන්න ඕනෙ කතාව… සුද්දො ලංකාවට එන කොටත් මේ රටේ පහත් ක=ලවල කියලා කියපු ගෑණු උදවිය උඩුකය වැහෙන්න ඇ්‍රදුම් ඇන්දෙ නැහැ.
දැන් මේ අපේකම ගැන බේගල් කියන්නෙ නැත= අපිට හදාගන්න නිවැරදි කරගන්න ගොක් දේවල් තියෙනවා.