here i go again ..
Here I go again ..
Goin down the only road I’ve ever known…..
අද සිකුරාදා.. ….. සිකුරාදා කියන්නේ… ගොඩක් දිග දවසක්… බොහෝ දේ සිදුවෙන දවසක්.. සතියේ වෙහෙස මහන්සිය නිවා ගන්නා.. අළුත් ප්‍රබෝධයකින් යුතුව ඊලඟ සතිය ආරම්භ කරන්න අත්තිවාරම දමන්නේ මෙතනින්.. … සිකුරාදා දිනයට කෙතරම් ප්‍රේම කරනවාද කියලා කිව්වොත්.. සෙනසුරාදා පාන්දර 3,4,5 වෙනකල් කොත්ත මල්ලි සහ රනවරා පානය කරමින්, මුවන් පැලැස්ස අසමින් තමයි ඉන්නේ… අනික අද Late Night Shopping තියෙන දවස.. කාර්යාලයේ හැමෝම වේලාසන නිවෙස් බලා ඇදෙන දවස…
වෙනත් සිකුරාදා දවස් වලට වඩා මේ සිකුරාදා විශේෂත්වයක් ගනු ලබනවා…. ඒ කියන්නේ.. පහුගිය වෙන සිකුරාදා දිනවලට වඩා ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. ලොකු හිසරදයකින් නිදහස් වූ අමුතුම නිදහස් සිතුවිලි වලින් අමුතුම නැවුම් බවක් තමයි දැනෙන්නේ.. . තවද .. ඊයේ සවස වැසි කුණාටුවට අහුවෙලා.. පරණ හැම දෙයක්ම සේදිලා ගිහින්.. …
පසුගිය 80 දශකයේ ඉතාමත්ම ජනප්‍රිය වූ.. පාසැල් කාලයේදී මගේ ප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Whitesnake විසින් ගායනා කරන මෙම මිහිරි ගීතයේ පදවැල් මා වර්තමානයේ සිටින තත්වය සමඟ සමපාත වනවා ..
මෙය අදටත් මගේ ප්‍රියතම ගීතයක්.. මොවුන්ගේ විසින් නිකුත් කර තිබෙන සෑම ගීත ඇල්බමයක්ම මාගේ ගීත ගබඩාවේ උඩින්ම තියෙනවා… මුල් අනුවාදය වෙනුවට නව අනුවාදනයක් මෙහි සටහන් කලේ මුල් අනුවාදයේ තිබෙන ඇතැම් සාරාගී දර්ශණ නිසා අපේ බෝ පැල වගේ ඉන්න පොඩි උන් නරක් වෙයි කියන බයට ![]()
පදමාලාව :
http://www.lyricsfreak.com/w/whitesnake/here+i+go+again_20146215.html
Tags: music
You can comment below, or link to this permanent URL from your own site.
August 24, 2009 at 10:27 am
බෝ පැල වෙන කෙහේ හරි පැල කරන්න…. අපිට සින්දුව පෙන්වන්න