Archive for March, 2008

මම වැරදියි, සමාවන්න

March 31, 2008

පසු ගිය දින කිහිපයේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ වැඩ කටයුතු කිහිපයකම මම නිරත වුනා. ඒ සමූහයන් සමඟ වැඩ කිරීමට තිබෙන කැමැත්ත නිසා. මම එහි කිසිදු වගකීමක් නොදැරුවද ඊට ස්වයංක්‍රීයවම ස්වෙච්චාවෙන් ඉදිරිපත්වී වැඩ කලේ එහි තිබූ යම් යම් අඩුපාඩු, ඔවුන් විසින් කරන ඒ යහපත් කාර්යයට බාධවක් නොවෙන පිනිසයි. එම අඩුපාඩු සකස් කරදීමටයි. යම් කිසි කාර්යයක් කරන [...]

ලාංකිකයින් කාබයිඩ් කෑ උගුඩුවන් බවට පත්වන සමය එලඹ ඇත

March 26, 2008

රටේ එක පැත්තකින් යුද්ධයය.. බෝම්බ පිපිරීම් සාමාන්‍ය ජනයා ඝාතනය වීම්ය, අනෙත් පැත්තෙන් මහජන දේපල සොරා කන දේශපාලුවන්ය, රටේ ඉහලම තැන සිට පහලම ස්ථර දක්වා දූශනය , නාස්තිය ඉහ වහා ගොස්ය. දිනපතා ඉහල යන බඩු මිලයට අමතරව නූගත් දේපාලන ජඩයන් මහජනතාවට දමන ගොන්පාට්ය, අර දුටු ගැමුණුලා වගේ හරක්. මේ සියල්ලට අමතරව එම දේශපාලුවන්ට වන්දි භට්ටකම් කර [...]

ලිනක්ස් වල තිබූ iPod Classic අපලෙත් කම්මුතුයි!

March 24, 2008

සය වන පරම්පරාවේ iPod එකක් එනම් iPod Classic එකක් ලිනක්ස් සම සම්බන්ධ කර එහි නිසි ප්‍රයෝජන ගත හැකි මෘදුකාංගයක් අපට හමු වූයේ නැහැ. බිල් ගේට්ස්ගේ වින්ඩෝස් හෝ ස්ටීව් ජොබ්ස් ගේ ඇපල් වල සරණ තමයි තිබ්බේ පහුගිය ටිකේම. ලිනක්ස් වල iTunes හා සමාන මෘදුකාංගයක් නොතිබීම හරියට ගමරාලගේ ගෙදර උදැල්ලක් නෑ වගේ වැඩක්.
කොහොම හරි මේ [...]

අම්මාගේ සිට අම්මී දක්වා මෙතෙක් ආ ගමන් මඟ. (මව් වරුන්ගේ දිනය සම්බන්දව පසු සටහනක්)

March 24, 2008

මෙවර මව් වරුන්ගේ දිනයේදීත් අපට අසන්නට දකින්නට ලැබුනේ පෙර වසරවලදී අපට අසන්නට ලැබුනු තැටියමයි. අපේ අම්මා මට මෙහෙම කලා, අර විදියට සැලකුවා ….. ඒ නිසා මගේ අම්මා තමයි උතුම්ම අම්මා. මම අම්මාට ආදරෙයි. මේ එලෙස වාදනය වූ තවත් එක තැටියකි. මෙවැනි හොරනෑ අපට නිරතුරුව දකින්න ලැබුනද යථාර්තය නම් මීට වඩා හාත්පසින්ම වෙනස්.
මේ කීකරු සුවචච දරුවන්ගේ [...]

පව් කාරයින් උදෙසා කුරුස පත්වූ යේසුස් වහන්සේ

March 21, 2008

අද මහ සිකුරාදා දිනයයි. එනම් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ එල්ලා ඇනගැසූ දින ලෙස සලකන්නේ මෙදිනයි. ශුද්ධ වූ බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව පැමිනියේ පව්කාරයින් උදෙසා උන්වහන්සේම පූජාවක් වී මනුශ්‍යයින්ගේ පව් සඳහා වන මිලය උන්වහන්සේගේ රුධිරයෙන් ගෙවා දමා පවුකාරයින් විනාශයෙන් ගලවා ගැනීම උදෙසා යැයි සඳහන් වේ. මෙම උතුම් පූජාවේ අරමුන [...]

blorathan

March 18, 2008

Guys.. you know i’m a musik fan.. a heavy metal fan.. the head banging weird musik.. yeah .. that’s mi taste
i dunno what kinda musik YOU LIKE, you listen to .. it could be amaradewa, kapuge OR ill NinO, seether, cHevelle or disturbed..OR nanda maalanie or filter. maybe you could be a big fan of [...]

ඇපල් iPod එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්

March 10, 2008

වගකීමේ සහතිකය
ඔබේ iPod සඳහා වන වගකීම් සහතිකය නිසි ලෙස සක්‍රීය කර තිබේද යන වග දැනගැනීම සඳහා 1-800-APL-CARE අමතා ඔබේ iPod එකේ අනුක්‍රමික අංකය ලබාදීමෙන් තහවුරු කරගන්න. මේ සඳහා ඔබට IDD පහසුකම නොමැති වූවද, skype භාවිතා කර අදාල අංකය ඇමතීමෙන් ඇපල් ආයතනය සමඟ සම්බන්ද වී මෙය තහවුරු කරගත හැක.
දෘඪ තැටියේ ධාරිතාව
මුලින්ම අවධානය යොමු කලයුත්තේ, ඔබේ අවශ්‍යතාවය [...]

දඩාවතේ යන බල්ලකු හට ජල භීතිකා එන්නත ලබා දී යහමඟට ගැනීමට උත්සහ කිරීම සහ, බල්ලාට පිස්සු බලු රෝගය වැලඳී තිබෙන බව දැන ගත් විට නගර සභාවට දැනුම් දී බල්ලාට නිදැල්ලේ යාමට ඉඩ සැලසීම.

March 3, 2008

මාස කිහිපයකට පෙර, මෙවැනිම දඩාවතේ යන බල්ලකු, තවත් පර බල්ලන් රංචුවක් සමඟ බලුවාහිනියට ගොස් සිදුවූ බලු පොරය පවා සටහන් නොකලේ දඩාවතේ යන බල්ලන් ගැන ලිවීම මට අදාල කාර්යක් නොවන බැවිනි. එබැවින්, මින් මතුවට බල්ලන් ගැන ලිවීමට හෝ ප්‍රතිචාර නොදැක් වීමට මම තීරණය කලා.
(ඕකා ආචාර ධර්ම දන්නැති, නිරාචාරී බල්ලෙක්..පරිස්සමින් – සභාවෙන් ඇසෙයි)
බල්ලන්ට ප්‍රතිචාර දැක්වූවා ඇති. [...]

තණමල්විල කංසා (ගංජා) බීජ වගා කරුවන්, තමන් ගොවීන් ලෙස හඳුන්වා ගැනීම

March 2, 2008

ඉතිහාසය ගැන කියවන විට ඌව වෙල්ලස අපට හුරු පුරුදු වචනයකි. වෙල්ලස්ස යන්න සෑදි තිබෙන්නේ වෙල් ලක්‍ෂයක් පමණ කුඹුරු එහි තිබූ නිසාවෙනි. වෙල්ලස්සේ ගොවීහූ නියම ධාර්මික ගොවීන් වන අතර ඔවුන් අපට බත සපයන ගොවීන් බව පොත පතෙහි, ඉතිහාසයේ සඳහන් වෙයි.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් “බීජ” වගාවක් කරන ගොවි පරපුරක් තණමල්විල ආශිතව බිහිවී ඇත. මෙම ගොවීන්, තමන්ම “ගමරාළ” [...]

චිත්‍රපට විග්‍රහය – Hunting Party

March 1, 2008

සැබෑ කතා වස්තුවක් මත පදනම්ව තිබෙන මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ, ජේම්ස් හන්ට් නම් ජනමාධ්‍ය වේදියා විසින් බොස්නියාවේ යුද අපරාධකරුවකු පසු පස හඹා යන කතා පුවතකි. ජේම්ස් හන්ට් හෘද සාක්‍ෂියට එකඟව තම මාධ්‍ය වාර්තාකරනය සිදු කරන මාධ්‍යවේදියෙකි.
ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක සේවය කරන අතර, බොස්නියාවේ ඇතිවෙන සිවිල් යුද්ධයේදී එහි බියකරු භාවයත්, යුද්ධයේ යතාර්ථයත් නිසි ලෙස වාර්තා කරනු [...]