තරුණියන් විසින් ඉන පෙදෙස නිරාවරනය සේ ඇඳුම් පැලඳීම සම්බන්දව එක්තරා විශ්ව විද්‍යාලයක අලවා තිබූ පෝස්ටරයක් සහ ඒ සම්බන්දව මහාචාර්ය නලින්ද සිල්වා විසින් ‘The Island’ පුවත් පතෙහි සඳහන් කර තිබෙන විග්‍රහයක් දුටු මාහට, මගේ සිතේ ඇතිවූ සිතුවිලි සමුදාය මෙසේ සටහන් කරන්නට සිත්වුනි. ඔහු විසින් එහි ප්‍රකාශ කර තිබුනේ එම පෝස්ටරයේ අඩංඟු කරුනු සම්බන්ධව ඔහු සියළු වගකීම බාරගන්නා බවකි.

පෝස්ටරය
(ඡායාරූපය උපුටා ගැනීම 2008/02/13 දින ‘The Island’ පුවත් පතෙනි)
(මෙය හිපස්ටර් නැමති විලාසිතාව නොවූවද, හිප්ස්ටර් ලෙස, පහසුව තකා මින් පසු සඳහන් කරනු ඇත.)
මහාචාර්ය නලින්ද සිල්වා එම ලිපියෙහි සඳහන් කර තිබෙන කරුණු දුටු විට මසිතට ප්‍රශ්ණ රාශියක් පැන නැගුනි. මහාචාර්ය තුමා සඳහන් කර තිබෙන පරිද්දෙන්, මෙය බටහිර රටවල ගණිකාවන් විසින් බාවිතා කරන විලාසිතාවක් ලෙස ඔහු විසින් ප්‍රත්‍යක්‍ෂ කරගෙන තිබෙන ආකාරය ගැන මුලින්ම පහදාගැනීමට සිත්විය.
ගණිකාවක් සමඟ සයනය කර හෝ ගනුදෙනු කර නොමැතිව කාන්තාවක ගණිකාවක ලෙස නිර්වචනය කල නොහැක. කරුනු කාරනා එසේ නම්….
1. මෙම විලාසිතාව අනුගමනය කරන්නේ ගණිකාවන් යැයි ප්‍රකාශ කිරීමට නම් මහාචාර්ය නලින්ද සිල්වා හිප්ස්ටර් විලාසිතාවකින් සිටින ගණිකාවක් සමඟ සයනය කර හෝ ගනුදෙනු කර තිබිය යුතුය, එසේ නොමැතිව ඔහු විසින් මෙම විලාසිතාව අනුගමනය කරන සියල්ලන් ගණිකාවන් බවට ප්‍රකාශ කරන්නේ කෙසේද ?
2. නැත්නම් ඔහු මෙලෙස ප්‍රකාශ කරනුයේ හිප්ස්ටර් විලාසිතාවකින් සැරසුනු තරුණියක් මහාචාර්ය නලින්ද සිල්වාට අතවරයක් කිරීමට හෝ ඔහුව දූෂණය කිරීමට තැත් කරනු ලැබු නිසාද ?
3. එසේත් නොමැති නම් හිප්ස්ටර් විලාසිතාවකින් සැරසුනු තරුණියක් මහාචාර්ය නලින් ද සිල්වාගේ හිරි ඔතප් බිඳුනු ලැබුවේද එසේත් නොමැති නම්, ලිංගික අපයෝජනයකට ඔහුව පත්කරනු ලැබුවේද? :-O
4. නොඑසේ නම්.. හිප්ස්ටර් විලාසිතාව අඳින්නේ විදේශීය ගණිකාවන් පමණක් බව මහාචාර්ය නලින්ද සිල්වා දැන ගත්තේ කෙසේද ?
5. තරුණියක් අඳින විලාසිතාවක් හේතු කොටගෙන ඇය ගණිකාවක්/වෛශ්‍යා ස්ත්‍රියක් ලෙස හංවඩු ගැසිය හැකිද ?
කලු, කොරල සහ කබර සහිත තරුණියන් මෙම විලාසිතාවෙන් සැරසීම අප්‍රසන්න දෙයක් වූවද ඇතැමුන්ට මෙය මනාව ගැලපේ. ඉන නිරාවරනය ලෙස ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන ලංකාවේ සිටින මගේ පෙම්වතියකට එම නිරාවරනය වන පෙදෙසේ සමනලයකු සහිත පච්චයක් තබා ගැනීමට අවශ්‍යව මගෙන් ඒ සම්බන්දව විමසූ විට මම කිව්වේ කන්න බොන්න දෙන්න වෙන්නේ නැත්නම්, සමනලයෙක් නොව කොටියෙකුව සටහන් කරගත්තද මගේ කම් නොමැති බවයි.
මක් නිසාද, කිසිම අයෙකුව පාලනය කිරීමේ අයිතියක් තවත් අයෙකුට සෘජුව හෝ වක්‍රාකාරව පවරා නැත.
අපේ රටේ සිටින පිරිමින් බොහෝ දෙනෙකු තුල ඇත්තේද මෙම මහාචාර්ය තුමා සතු බොලඳ මානසිකත්වයයි. එනම් කාන්තාව සැම විටම පිරිමියාට අවශ්‍ය ලෙස විලාසිතා කල යුතුය යන අමනෝඤ්ඤ සිතිවිල්ලයි. කාන්තාව යනු ස්වාධීනව කටයුතු කලහැකි, තමන්ට අදාල ලෙස ස්ව තීරණ ගැනීමේ අයිතිවාසිකම් තිබෙන තැනැත්තියකි.
තවත් කොටසක් සිතනුයේද විවාහය යනු, කාන්තාවක විධායක බලතල සහිතව පාලනය කිරීමට ලබාදෙන බලපත්‍රයක් ලෙසය, ඉතින් අවසානයේ කාන්තාව අනවශ්‍ය ලෙස ‘පාලනය’ කිරීමට ගොස් විවාහයට කලාබරේ වැදෙන විට මෙවැනි තකතීරු අදහස් එලියට දමන මහාචාර්ය වරුන් එම පිරිමින්ගේ පිහිටට එන්නේ නැත.
මෙම මහාචාර්ය තුමා ‘The Island’ පුවත් පතට පවසන කරනු වලින් පවසන්නේ ලාංකීය තරුණියන්ද “අපේකම” රැකෙන අයුරින් ඇඳුම් පැලඳිය යුතු බවයි.
ශෘංගාරය යනු තවත් එක් රසයකි…. සැලලිහිනි සන්දේශයේ මෙම ශෘංගාර රසය නොමැතිද ? තම විලාසිතාවන්ගෙන් ශෘංගාර රසය මතුකිරීමට කාන්තාවන්ට අයිතියක් නොමැතිද ? නලින් ද සිල්වාගේ මෙම න්‍යයායට අනුව සීගිරි බිතු සිතුවම් වල සිටිනා ලඳුන්ද ලංකාවේ විසූ ඉපැරණි ගණිකාවන් විය යුතුය.
අද බොහෝ නිමි ඇඳුම් සැකසෙන්නේ නූතන විලාසිතාවට අනුවය, මෙහිදී ඇතැම් විට, මෙම හිප්ස්ටර් විලාසිතාවනට අකමැති තරුණියකට වූවද ඉබේම මෙම විලාසිතාවට යොමුවීමට සිදුවේ. මක් නිසාද වෙළඳ පොලේ තිබෙන දේ මිලදී ගැනීමට අපට සිදුවෙන හෙයිනි. උදාහරණයක් ලෙස මාවිසින් එක්තරා සමාගමකට අයත් ඩෙනිම් කලිසම් භාවිතා කරනවා.. නමුත් මෑතක සිට ඔවුන් තනිකරම නිපදවනු ලබන්නේ Low Raised කලිසම්ය, එනම් ඉනෙන් මඳක් පහලට වන ලෙස අඳින ඩෙනිම් කලිසම්ය. මා කෙතරම් අකමැති වූවද, අඳින්න වෙන්නේ මෙයයි.
ඒ කෙසේ වෙතත්, මහාචාර්ය නලින්ද සිල්වාට මෙම හිප්ස්ටර් විලාසිතාව දිරවන්නේම නැත්නම්, “අපේ කම” රැකගැනීමට බලවත් උවමනාවක් තිබේනම් කලයුතු වන්නේ ඔය නපුංසක පර්ශදයත් සමඟ තාප්ප සහ බිත්ති ගානේ ගොස් පෝස්ටර් ඇලවීම නොව ටේලර් සාප්පුවක් දමා කාන්තාවන්ට “අපේ කමට” ගැලපෙන ආකාරයෙන් ඇඳුම් මැසීමය. මෙමඟින් ඔය පර්ශදයේ සිටින සාමාජිකයින්ගේ රැකියා ප්‍රශ්ණයත් ඉබේම විසදේ. තවද මෙම ව්‍යාපෘතිය චින්තන මහත්තයාගේ “අපේ කම” ප්‍රතිපත්තිත් සමඟ සමපාත වන හෙයින් මෙම ටේලර් සාප්පුවට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා බදු සහනද ලබා ගත හැකි වේවියැයි මම තරයේම විශ්වාස කරමි.
පලි:
උක්ත විලාසිතාවට එරෙහි වනු වස් මෙම මහාචාර්ය තුමන් විසින් , කාන්තාවන්ද “අපේ කම” රැකෙනු පිනිස “අමුඩය” පැලඳිය යුතුයැයිද, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කලද… මම පුදුම නොවන්නෙමි… මක්නිසාද අපේ රටේ ආවාර්ය සහ මහාචාර්ය වරුන්ගේ කෙරුවාව මේ වන විට ඔවුන් විසින් මනාව ඔප්පු කර තිබෙන හෙයිනි.. උදා : ආචාර්ය මර්වින් ද සිල්වා, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ජී ඇල් පීරිස්, ආචාර්ය ජයදේව උයන්ගොඩ